අයවැයේ යම් යම් වෙනස්කම් කිරීම ගැන අගමැතිට ස්තුතිවන්ත වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
අය වැය විවාදයේ දී අදහස් දක්වමින් ඔහු කීවේ මෙය ඉතිහාස ගත වන අයවැයක් බවයි.
මෙවැනි අයවැයක් මීට පෙර දැන නැතැයි ද, මෙියින් පෙන්නුවේ වැඩ බැරි කම යැයි ද රාජපක්ෂ මහතා කීවේය.
තමා කිසි විටක දෙමළ ජනතාව එරෙහිව යුද්ධ නොකළ බවත්, යුද්ධ කළේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාට එරෙහිව බවත් ඔහු පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කීවේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බවයි. අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන බවත් ඔහු කීවේය.
අයවැය ඡන්ද විමසීම අද පස්වරු පහට පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුපාඩු තියන බව වැටහෙනවා නම් කමක් නැහැ. එය අගමැතිතුමාගේ පරිණත දේශපාලන වදනක්. ඒකට ගරු කළයුතු වෙනවා. ඒත් වැරදි කර කර පෙන්වන හරි වැරැද්ද හදාගන්න අකමැති අයත් ඉන්නවා නේද? (නි)
හරියට හරි බමුණු. (නි)
මහින්ද කියනවානේ ඉතිහාස ගතවෙන අයවැයක් කියලා. මහින්දගේ කාලේ සහන දුන්නා ජනතාවට. මිනිසුන් පාරට බැස්සේ නැහැ අයිතීන් ඉල්ලලා. බලයට කෑදර නැතුව රටට සේවයක් කළා....මෙයාලා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ අපි මැරිලා ඉපදුනා කියලා. (නි)
බමුණු, කාගේත් අදහස් වලට ඇහුන්කන්දීම හොඳ ගතිගුණයක්. පසුගිය කාලේ ඔය වගේ දේවල් වලට විරුද්ධ වුණා නම් වෙන දේ දන්නවනේ (නි)
ඉතිහාසගත වෙනවා නම් ඉතින් ඒකත් ලොකු දෙයක්නේ (නි)
ඔබතුමාගේ කතාව ඇත්ත (නි)
අපේ තීරණ ගැන අපි දුක්වෙන්න ඕනෑ (නි)
මෙතුමා මුදල් ඇමති කාලේ ඉදිරිපත්කළ අයවැයේ තිබුනේ හොඳ දේවල්මද කියලා මහජනයාට ඒ දවස්වල හොඳට තේරුම් ගියා. 2015 දී ඡන්ද දෙකකින්ම ලැබුන ප්‍රතිඵල වලින්ම එය මොනවට පැහැදිලි වුණානේ (නි)
තිලක් ඩුබායි, ඔබතුමා හඳුන්වන "අපි" කියන අය ගත් තීරණය මොකද්ද කියලා "මම" දන්නේ නැහැ. බල පෙරේතකම පරාජය කිරීම ගැන මම කිසිවිටෙකත් දුක් වෙන්නේ නැහැ. (නි)
දැන් ඕවා කිවුවා කියලා වැඩක් තියෙනවද මහත්තයෝ? (නි)
ඒ කියන්නේ මෙතුමා අඩුපාඩු තිබුන බව පිළිගන්නවා ...ඇයි දුෂණ වංචා කළ බවත් පිළිගන්නේ නැත්තේ (බ)
ළගදීම මේගොල්ලන්ට තව තව පිස්සුව වැඩි වෙයි ඉස්සරහට නඩු එනකොට (බ)
රුවන්. මම දුක් වෙන්නේ කොන්දක් තිබෙන ජාතික වීරයෙක් වන ජෙනරාල්ව ජනාධිපති කරව ගන්න නොලැබුන එක ගැනයි. ඒ රටේ සිද්ධ වුන දුෂණ සහ වංචා පැත්තෙන් හිතල. (බ)
අය වැය පියව ගන්න ලෝකය වටේ ණය ගන්න යන්න එපා. දැන්වත් "හතරවරම් ගහපු" ගැහිලි ගැන පරීක්ෂණ ඉක්මන් කරන්න. ඒ ධනස්කන්දය හොදටෝම ප්‍රමාණවත්. (බ)
දැන් පන්සල් යන්නේ නැද්ද මහත්තයෝ? (නි)
වැඩි සැරේට කෑගහන්න ගියොත් ඉතිහාසෙට කොහොම වුණත් කීප දෙනෙක් හිරේට යාවි.(අ)
කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබුන ඒවගේ තමයි බැරි කම නොවෙයි අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමලු. ඉතින් මේගොල්ලන්ව හරි ගස්සන හැමදාම වෘතිය සමීති වලට පාරේ ඉන්න්වෙවී. (අ)
අපිට නම් මේ අයවැය හොඳයි (නි)
මීට කලින් ඒවා සාර්ථක විදිහට කළා අපිත් දැක්කා. අපිත් ලංකාවෙනෙ හිටියේ. (නි)
තමන් රජය කරන කාලයේ එයට විරුද්ධවන්නට බහුතරය බියවුණ නිසා ඒ අයවැය විවාද වලදී කිසිවෙක් කතාකළේ නැහැ (නි)
හිටපු ජනාධිපතිතුමනි, පොඩ්ඩක් ඉන්න. තාම පටන්ගත්තා විතරනේ (නි)
අවුරුදු 18ක් විරුද්ධ පක්ෂයේ ඉඳලා ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන හොඳ අවබෝධයකුත් ලබාගෙන හරි අයවැයක් සංශෝධනවිරහිතව හදාගන්න බැරි නම් ඒක නොහැකියාව මිස වෙන මොකක්ද. (නි)
කෝ බඩු ලාබ කළාද? දැන් සනීපද? (නි)
යහපාලනයක් අද රටේ ක්‍රියාත්මක වෙන නිසා තමයි වෘත්තිය සමිති වලටත් ඕනෑ ඕනෑ විදිහට පාරට බහින්න පුළුවන් වෙලා තියෙන්නේ. ගිය රජයේදී ඕවා කළා නම්...? (නි)
ඊපීඑෆ් එක ගන්න බැරුව පොරොත්තු ලේඛන වල ඉන්න වුණාම මිනිසුන්ට තේරෙයි රඟේ. (නි)
මෙහෙම අයවැයකින් හරි ඉතිහාසයට එක්වෙන්න ලැබීම ගැන ආඩම්බර වෙන්න ඕනෑනේ (නි)
ලෝකෙට ණයවී, වැඩි පොළියට ණය අරගෙන ලංකාවේ ඉන්න කම්මැලියන්ට සොච්චමක් දී වැඩි හරියක් ගසාකෑම වැඩ පෙන්වීමක්ද? රාජ්‍ය සේවකයෝ තමන්ගේ යුතුකම් හරියට කරනවද? (නි)
පන්සල් ගිහිල්ලද දන්නේ නැහැ (නි)
යහපාලනය යටතේ දැන් ඉතින් ගොවියත් හාන්සි! (නි)