2017-01-27-ent-22

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුනිල් ආරියරත්නගේ නවතම චිත‍්‍රපටය ”යශෝදරා” යි. එහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා. ඔහුගේ කුසපබා පත්තිනි ආදි ඓතිහාසික කතා රැුගත් චිත‍්‍රපට පේ‍්‍රක්ෂකයන් අතර ඉතා ජනප‍්‍රිය වූවා සේම සාර්ථක චිත‍්‍රපටද විය. ”යශෝදරා” චිත‍්‍රපටයද ඓතිහාසික කතාවක් රැුගත් චිත‍්‍රපටයකි. ඓතිහාසික චිත‍්‍රපට පමණක් කරන්නේ ඇයි කියා අපි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් විමසුවෙමු.

2017-01-27-ent-21මගේ අලූත්ම චිත‍්‍රපටය යශෝදරා. මම චිත‍්‍රපට එහෙම වර්ග කරගෙන නැහැ. මගේ ප‍්‍රදර්ශනයට නියමිත චිත‍්‍රපටයක් තියෙනවා. ඒක ළමා කතාවක්. ඊට පස්සේ තමයි යශෝදරා චිත‍්‍රපටය කරන්නේ.

”යශෝදරා” චිත‍්‍රපටයේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාව යශෝදරා පිළිබඳ කතාවක්. මේ චිත‍්‍රපටය සඳහා තවම එක රංගන ශිල්පියෙක්වත් තෝරාගෙන නැහැ. මුලින්ම තෝරා ගන්නේ සිද්ධාර්ථ සහ යශෝදරා චරිතය සඳහා රංගන ශිල්පීන් දෙදෙනෙක්. එම චරිත දෙක සඳහා අලූත් මුහුණු දෙකක් තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම් තව මාස දෙකකින් විතර ආරම්භ කරනවා. මෙහි අධ්‍යක්ෂණය මගේ. නිෂ්පාදනය සරසවි පොත් ප‍්‍ර‍්‍රකාශන අධිපති එච්.ඞී. පේ‍්‍රමසිරි මහතාගේ.

මගේ 22 වැනි චිත‍්‍රපටය තමයි ”යශෝධරා”.

මම මුලින්ම ඓතිහාසික කතා නිර්මාණය කරන්න පටන් ගත්තේ 80 දශකයේ ඉඳන්. නමුත් එම චිත‍්‍රපටයේ රජවරු නැහැ. ඒකේ තියෙන්නේ 18 වන සියවසේ කතාවක්. ”සිලිඳු අයියා” ඊට පස්සේ තමයි කුස පබා හා පත්තිනි චිත‍්‍රපට කළේ.

ඓතිහාසික කතා පිළිබඳ මගෙ විශේෂ ඇල්මක් තිබුණත් මගෙ හැම චිත‍්‍රපටයක්ම ඓතිහාසික කතා කියලා කියන්න බැරි මගේ චිත‍්‍රපට 22 න් චිත‍්‍රපට 9 ක විතරක් ඓතිහාසික කතා තියෙන නිසයි. ඒවයිනුත් හතරක විතරයි රජ කතා තියෙන්නේ.

20 වන සියවසෙන් ඔබ්බේ පසුබිම් සහිත චිත‍්‍රපට 5 ක් තියෙනවා. ඒ කොහොම වුණත් ඉතිහාසය සම්බන්ධ කතා වලටත් මගේ වැඩි ඇල්මක් තියෙනවා.

 

සඳුනි ඉමල්කා