
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බව ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇතැයි ඉතාලියේ රැකියාවක නිරතව සිටින එමිල් රොහාන් මහතා පැවැසීය.
පිහි ඇනුම් පහර කෑ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම ශ්‍රී ලාංකික අඹු සැමිය යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නන් වන අතර ඔවුනට දරු දෙදෙනෙක් ද සිටිති.
ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත කරනු ලැබ ඇතැයි එමිල් මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අමනයින් කරන වැඩ නිසා මීට පස්සේ ලාංකිකයෙකුට විදෙස් රටකට යන්න තියන අවස්ථාවත් නැති වෙන්න පුළුවන්.
මීගමුව වෙන්නප්පුව කට්ටියක් වගේ පේන්නේ….
වැඩි ප්‍රවණතාවක් ඇත්තේ අනියම් ඇසුරක් මාට්ටු වීම පිළිබඳවය. එවන් ඇසුරක් හසු වුවහොත් කැමති තැනක නතර වෙන්ට යැයි කියා දෙදෙනාම සසමගියෙන් වෙන්විය යුත්තේ දරුවන් ගැනද සිතමින් ය. දැන් මොකද්ද ප්‍රතිඵලය ?
ඉතාලියේ හිටියත් ලංකාවේනේ