වෙනත් පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපතක් හා වීසා භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් ඩුබායි ගුවන්තොටුපල බලධාරීන් විසින් පිටුවහල් කරනු ලැබ ආපසු මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.
ඉතාලියේ පදිංචි ඔහුගේ ඥාතියෙකු මාර්ගයෙන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ නීත්‍යානු කූල ගුවන් බලපතක් සහ ඉතාලි වීසා පතක් සැකකරු විසින් ලබා ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
කෑගල්ලේ තරුණයාද ඉතාලියේ වෙසෙන ඔහුගේ සොහොයුරා මාර්ගගයෙන් ඉතාලියේ රැකියාවක් කිරීම සදහා වීසාවක් ලබා ගෙන ඇති මුත් ඔහුට හදිසියේ ඇතිවු අසනීපයක් හේතුවෙන් ඉතාලි ගමන වැලකී ගොස් තිබේ. පසුව ඔහුගේ ගුවන්ගමන් බලපත සහ වීසා ඇතුළු සියලූ ලියකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇත.
ඉතාලියට ගිය පසු රුපියල් ලක්ෂ හය හමාරක් දෙන බවට පොරොන්දු වී මෙම ලියිකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.
පසුගිය 24 වෙනිදා ඔහු මෙරටින් පිටත්ව ගොස් තිබේ. පසුව ඩුබායි ගුවන්තොටුපළේදී ඔහුගේ ලියකියිවිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ආපසු මෙරටට එවා ඇත.
මේ පිළිබදව කරන ලද මුලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රසිරි මහත්මය ඔබ හරි, නැති බැරි කෙනා ගෙවල් , කනකර බඩු උකස් කර යන මේ ගමනට බාධා කෙතරම්ද. මේ හිනා වෙන්නෙත් ඒ නැතිබැරි ලෙස ගිහින් දැන් හොඳින් එහෙ ඉන්න අයම නොවේද.(බ)
ධම්ම, ඩුබායි ආගමන විගමන නිලාධාරින් අල්ලස් නොගන්නා නිසා මෙයාව අසුවුණා (නි)
සමහරු මේ හොර වැඩේ සාධාරනිකර්ණය කරනවා. හරි දැන් අනෙක් තරුණයාව තමන්ගේ ගුවන් ගමන්පත් විසා දැන දැනම වෙනත් කෙනෙකුට නීති විරෝධී භාවිතයට ඉඩ දුන්න කියලා පොලිසියෙන් කුදලාගෙන යනවා. ඒකටත් අනේ කමක් නැහැ කියනවද ? නැති බැරිකම කවදාවත් නීති විරෝධී දෙයකට බලපත්‍රයක් කරගන්න නරකයි. දැන් ලියකියවිලි දුන්න අනෙක් පුද්ගලයාත් අමාරුවේ වැටිලා ඉවරයි. එක පවුලකට කන්න අඳින්න දෙන්න ගිහින් පවුල් දෙකක් ඉවරයි . සන්තෝසද ? (අ)
හේෂාන් සහ චන්ද්‍රසිරි මහත්මයා, කෙනෙක් තමුන්ගේ පවුල සහ පවුලේ උදවිය වෙනුවෙන් යමක් කරන්න දගලන එක හොඳයි. නමුත් එහෙම කරන්න අපේ රටේ සහ ජාත්‍යන්තර නීති කඩන එක වැරදියි. එහෙම බැලුවොත් තමුන්ගේ දරුවපවුල වෙනුවෙන් ඕනෑම වැරදි දෙයක් කරන කෙනෙක් සාධාරණිකරණය කරණය කරන්න පුළුවන්. (අ)
කොහොමද මෙයා කටුනායකින් පැනගත්තේ?(නදී)
ශිහ් මාර මිනිස්සු ඩුබායි ගුවන් තොටුපලේ ඉන්නේ (නදී)
කටුනායකෙන් සිංහලයන්ට පනින්න ලෙහෙසියි. (අ)
මොකක්ද මේ හිනාවෙන කතාව? ඒක හරි අපබ්‍රන්සයක්! (අ)
මෙම අයට හිනාවෙන අයට හිතෙන්නේ නැද්ද දහසකුත් එක් පැතුම් සම්භාරයක් හිතේ දරාගෙන මෙහෙම කරන්නේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ගොඩ දමන්නට කරන ප්‍රයත්නයක් කියලා! තමාගේම රටේ මිනිසුන්ට කරදරයක් වුණාම හාස්‍යයට ලක්කරන්නේ අපේ අයමයි (නි)