ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික දේශපාලන කණ්ඩායම් රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළහ.
මිලානෝ නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මෙන්ම වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන ක්‍රියාකාරීහුද නිර්පාක්ෂික පිරිස්ද මිලානෝ නරයේ තෙආත්රෝ වෙර්ගා ශාලාවේදී පළමු රැලිය සංවිධානය කළහ.
පසුගිය දෙසැම්බර් 8 වැනිදා වියාලේ ලොම්බර්දියා හෝටලයේදී තවත් රැස්වීමක් පැවැත්විණි. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මිලානෝ නගරයේ විශාල පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කර සිටියහ.
මෙම සහයෝගිතා රැලි ඉතාලියේ නගර කීපයකම ලබන ජනවාරි 04 දින සංවිධානය කරන බව දැනගන්නට ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ඉතාලි ලාංකිකයෝ සියක් ගත්තොත් 95 මහින්දට (නදී)
ජය වේවා! ඔහොම යමු. ජය නියතයි (නි)
විදේශගත ගත අයට ඡන්ද බලය නැතුව මොන සහයෝගද? (නදී)
ඔබ හිතන්නේ ද්විත්ව පුරවැසි භාවය ගැන. අපි එපායැ රටේ ජීවත් වෙන්න. (නදී)
සුභ පැතුම් (නදී)
ඉන්න සෙනඟ නරකම නැහැ (නදී)
ඒ කියන්නේ වෙන්නපුවත් ජනතාවට ! (නදී)
කට්ටිය වැඩිය නෑනේ.(හේ)
මෙහෙමත් ශ්‍රී ලාංකිකයෝ! මට නම් ලැජ්ජයි. (නි)
සල්ලි දීලා වෙන්න ඇති මේ ගොල්ල ගත්තේ ?? (හේ)
රංගේ මහත්තයත් පනින්න හිටපු කෙනෙක් නේද ? (නදී)
දැන් මේ අය කාට සහයෝගය දැක්වූවත් ඡන්දය දවසට ඡන්දය දාන්න එනවද?(හේ)
මොවුන් කාට ජදන්ද දෙන්නද?ජන්දය දවසට ලාංකාවටත් එන්නවත් මොවුන්ට වෙලාවක් නැහැ.(හේ)
කෙසේ වෙතත්, රටක ප්‍රජාතාන්ත්‍රික දියුණුවේ දර්ශකයන් වන අධිකරණ, පොලිස් සහ විගණන ස්වාධීනත්වය සහ මාධ්‍ය නිදහස නැවත ස්ථාපිත කරගැනීමට ඉතාලි ශ්‍රී ලාංකික ජනයා මහත් පිටිවහලක් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
ඔබේ ළමයාගේ අනාගතය ගැන හිතන්න. රටේ සංවර්ධනය ගැන හිතන්න. එදා සහ අද තියන දියුණුව ගැන හිතන්න. (නදී)
දැන්නම් දේශපාලනය ගැන කතාකරලා වැඩක් නැතිගාණයි (නි)
කරදරයක් නැතුව ඉක්මනින්ම අපිට ඉස්සර වගේ ද්විත්ව පුරවැසි කමත් ලැබෙයි අපේ මෛත්‍රී ජනාධිපති තුමා පත්වුනාම. (නදී)
තමන්ගේ ළමයාගේ අනාගතය කෙසේ වෙතත් රටේ අනාගතය නම් නැතිකරන්නයි මේ අතළොස්ස එක්වෙලා ඉන්නේ කියලායි මම නම් කියන්නේ. (නි)
ඉතාලියේ වෙ සෙන අපි සැමගේ ප්‍රණාමය මෙම රැස්වීමට පිරිනමන අතර කාලයට සුදුසු තීරණයක් ඉතාලි වෙසෙන ලාංකිකයින් ගනු ඇති බව මෙයින් ඔප්පු වේ (නදී)
මෙහෙමත් මිනිසුන් ඉන්නවාද කියලා හිතුණා (නි)
වෙනසක් ඇතිකරන්න. ඒ අපි වෙනුවෙන් නෙමෙයි. ලංකාවේ ඉන්න දුප්පතුන් වෙනුවෙන්. (නදී)
ලංකාවෙන් මෙහේට එන්න ඔය කව්රුවත් උදව් කලේ නම් නැහැ. මමත් හොරෙන් ආවේ. අහු උනානම් හිරේ. එතකොට ඔය කව්රුත් නැහැ (නදී)
අපිත් ඉන්නේ මිලානෝ. හැබැයි අහන අහන කෙනා කියන්නේ මහින්ද නිරඟයෙන්ම දිනනවා කියලා. (නි)
ඔබතුමාට ජයවේවා (දී)
මමත් මිලානෝ වල. ඔය කියන යු.එන්.පි යක් එහෙ නැහැ. හැමෝම මහින්දට (නදී)