ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික දේශපාලන කණ්ඩායම් රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළහ.
මිලානෝ නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මෙන්ම වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන ක්‍රියාකාරීහුද නිර්පාක්ෂික පිරිස්ද මිලානෝ නරයේ තෙආත්රෝ වෙර්ගා ශාලාවේදී පළමු රැලිය සංවිධානය කළහ.
පසුගිය දෙසැම්බර් 8 වැනිදා වියාලේ ලොම්බර්දියා හෝටලයේදී තවත් රැස්වීමක් පැවැත්විණි. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මිලානෝ නගරයේ විශාල පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කර සිටියහ.
මෙම සහයෝගිතා රැලි ඉතාලියේ නගර කීපයකම ලබන ජනවාරි 04 දින සංවිධානය කරන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලි ලාංකික බර මෛත්‍රීට
මහේෂ් Friday, 19 December 2014 02:09 AM
මම නම් කියන්නේ ඉතාලි ලාංකිකයෝ සියක් ගත්තොත් 95 මහින්දට (නදී)
සිරිමෙවන් Friday, 19 December 2014 02:36 AM
ජය වේවා! ඔහොම යමු. ජය නියතයි (නි)
ජයවර්ධණ Friday, 19 December 2014 07:37 AM
විදේශගත ගත අයට ඡන්ද බලය නැතුව මොන සහයෝගද? (නදී)
රන්ජන් Friday, 19 December 2014 02:52 AM
ඔබ හිතන්නේ ද්විත්ව පුරවැසි භාවය ගැන. අපි එපායැ රටේ ජීවත් වෙන්න. (නදී)
ගංගා - ලොස් ඇන්ජලීස්-කැලිෆෝනියා Friday, 19 December 2014 03:01 AM
සුභ පැතුම් (නදී)
ඡන්න Thursday, 18 December 2014 02:16 PM
ඉන්න සෙනඟ නරකම නැහැ (නදී)
රත්න Thursday, 18 December 2014 02:24 PM
ඒ කියන්නේ වෙන්නපුවත් ජනතාවට ! (නදී)
කසුන් Thursday, 18 December 2014 02:28 PM
කට්ටිය වැඩිය නෑනේ.(හේ)
සිහින Thursday, 18 December 2014 03:03 PM
මෙහෙමත් ශ්‍රී ලාංකිකයෝ! මට නම් ලැජ්ජයි. (නි)
කීර්ති Friday, 19 December 2014 04:24 AM
සල්ලි දීලා වෙන්න ඇති මේ ගොල්ල ගත්තේ ?? (හේ)
රවීන්ද්‍ර Thursday, 18 December 2014 03:46 PM
රංගේ මහත්තයත් පනින්න හිටපු කෙනෙක් නේද ? (නදී)
සිරිසේන Friday, 19 December 2014 09:19 AM
දැන් මේ අය කාට සහයෝගය දැක්වූවත් ඡන්දය දවසට ඡන්දය දාන්න එනවද?(හේ)
පසිදු වීරසිංහ Friday, 19 December 2014 09:21 AM
මොවුන් කාට ජදන්ද දෙන්නද?ජන්දය දවසට ලාංකාවටත් එන්නවත් මොවුන්ට වෙලාවක් නැහැ.(හේ)
පිටිගල මිලානෝ Thursday, 18 December 2014 04:10 PM
කෙසේ වෙතත්, රටක ප්‍රජාතාන්ත්‍රික දියුණුවේ දර්ශකයන් වන අධිකරණ, පොලිස් සහ විගණන ස්වාධීනත්වය සහ මාධ්‍ය නිදහස නැවත ස්ථාපිත කරගැනීමට ඉතාලි ශ්‍රී ලාංකික ජනයා මහත් පිටිවහලක් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
කෘෂාන් Thursday, 18 December 2014 04:41 PM
ඔබේ ළමයාගේ අනාගතය ගැන හිතන්න. රටේ සංවර්ධනය ගැන හිතන්න. එදා සහ අද තියන දියුණුව ගැන හිතන්න. (නදී)
බන්දු Saturday, 20 December 2014 01:23 AM
දැන්නම් දේශපාලනය ගැන කතාකරලා වැඩක් නැතිගාණයි (නි)
ලේක්කෝ ගලබඩ Thursday, 18 December 2014 05:11 PM
කරදරයක් නැතුව ඉක්මනින්ම අපිට ඉස්සර වගේ ද්විත්ව පුරවැසි කමත් ලැබෙයි අපේ මෛත්‍රී ජනාධිපති තුමා පත්වුනාම. (නදී)
අප්පුහාමි Friday, 19 December 2014 09:52 AM
තමන්ගේ ළමයාගේ අනාගතය කෙසේ වෙතත් රටේ අනාගතය නම් නැතිකරන්නයි මේ අතළොස්ස එක්වෙලා ඉන්නේ කියලායි මම නම් කියන්නේ. (නි)
ක්‍රිෂාන්ත Thursday, 18 December 2014 08:02 PM
ඉතාලියේ වෙ සෙන අපි සැමගේ ප්‍රණාමය මෙම රැස්වීමට පිරිනමන අතර කාලයට සුදුසු තීරණයක් ඉතාලි වෙසෙන ලාංකිකයින් ගනු ඇති බව මෙයින් ඔප්පු වේ (නදී)
මහින්ද Thursday, 18 December 2014 08:32 PM
මෙහෙමත් මිනිසුන් ඉන්නවාද කියලා හිතුණා (නි)
නිශාන්ත ද සිල්වා Thursday, 18 December 2014 09:20 PM
වෙනසක් ඇතිකරන්න. ඒ අපි වෙනුවෙන් නෙමෙයි. ලංකාවේ ඉන්න දුප්පතුන් වෙනුවෙන්. (නදී)
මහින්ද පියසිරි ගම්පහ Thursday, 18 December 2014 09:24 PM
ලංකාවෙන් මෙහේට එන්න ඔය කව්රුවත් උදව් කලේ නම් නැහැ. මමත් හොරෙන් ආවේ. අහු උනානම් හිරේ. එතකොට ඔය කව්රුත් නැහැ (නදී)
වසන්ත Thursday, 18 December 2014 10:08 PM
අපිත් ඉන්නේ මිලානෝ. හැබැයි අහන අහන කෙනා කියන්නේ මහින්ද නිරඟයෙන්ම දිනනවා කියලා. (නි)
යොහාන් Friday, 19 December 2014 06:14 AM
ඔබතුමාට ජයවේවා (දී)
විතානගේ විජේරත්න Friday, 19 December 2014 06:49 AM
මමත් මිලානෝ වල. ඔය කියන යු.එන්.පි යක් එහෙ නැහැ. හැමෝම මහින්දට (නදී)