ඉතාලි යවන බව පවසා රුපියල් ලක්ෂ 96ක් පමණ වංචා කළැයි කියන ඇඟළුම් කම්හල් හිමියෙකු අකුරැුස්ස පෝරඹ දී සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අකුරැුස්ස පොලිසිය පවසයි.
පස් මාසයක් රිමාන්ඞ් භාරයේ සිටි ඔහු ඇප ලබාගෙන පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මාසයේදීය. නඩුවාර ගණනාවකට ඉදිරිපත් නොවීම නිසා ඔහු මහර අධිකරණයේ නඩු 47 කටද මාතර අධිකරණයේ නඩු තුනකටද වරෙන්තු වී තිබේ.
මාකොළ පදිංචි 39 හැවිරිදි ඔහු අකුරැුස්ස පෝරඹ මහ ගෙදරට පැමිණ සිටින බවට අකුරැුස්ස පොලිසියේ ස්ථානාධිපති එස්. ජයවීර මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුවිය.
දෙදරු පියෙකු වන සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතර පොලිස් ඉතිහාසයේ වැඩිම වරෙන්තු ප‍්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගැනීමක් සිදුකළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි ඉතාලි යන්නේ බෝට්ටු වලට පටවලා දවස් ගානක් මුහුදේ රවුම් ගහලා රෑට ලංකාවටම ගෙනල්ලා බස්සන්නේ ඉතාලි කියලා.(නදී)
කල කල දේ පල පල දේ.(නදී)
මට නම් පෙනෙන්නෙ පොලීසියෙ අය යාලුවෙක් මුනගහෙන්න ගිහිල්ල වගෙ? අපරාද කාරයෙක් අල්ලගෙන එනව වගෙ පේන්නෙ නෑ.(නදී)
මේ පින්වත් පුද්ගලයට සල්ලි දුන්න අයට හොද වැඩේ. (නි)
සුභ කටයුත්තකට යන්න වගේනේ හිනාවෙලා යන්නේ..!(නු)
පුදුම සතුටකින් යන්නේ.(නදී)
මටත් හිතෙනවා වැරදි කරන්න. බලන්නකෛ් හිනාවෙන ලස්සන.(නදී)
කට්ටිය විනෝද ගමනක් යනවා වගේ.(නදී)
අපේ රටේ මිනිස්සු කරන්නෙම පිස්සු වැඩ. (නි)
මේක මොකක්ද? මට මතක හැටියට මිනීමැරුම් වලට වරදකරුවන් වී, මරණිය දණ්ඩනය නියම වුණු අයත් උසාවියෙන් පිටතට ආවේ හිනා වේවි. දැන් මගෙන් අහන්න එපා ඇයි ඒ කියලා?(නදී)
අහු වෙන බව දන දැනත් මේ වැඩ කරන එකනේ පුදුම (දී)
එකම සෙට් එක වගේ (ස)
මේවා මහා කැත වැඩ (දී)
ගත්තු අයටත් හිනා. දුන්න අයටත් හිනා. පොලිසියටත් හිනා. අපිටත් හිනා. (නි)
සල්ලි වෙනුවෙන් ගෙදර අය හරි විකුණාවි. මෙහෙම අය සමාජයෙන් ඉවත් කල යුතුයි (ස)
පුදුම වෙන්න දෙයක් නැහැ. මාතර පැත්තේනේ.(නදී)
ගෙදර යන ගමන් වගෙ මෙයා හිරේට යන්නෙ.... (නි)
මේක තමයි මරු හිනාව... (නි)
ඔක්කොම සුබ විදියට වෙයි කියලා මොහු දන්නවා ඇති. ඒකයි හිනාවෙන්නේ. (නදී)
අත්අඩංගුවට පත්වීමේ ප්‍රීතිය නිසාද මේ මාංචු දාගෙන හිනා වෙලා ඡායාරූපයට පෙනී සිටින්නේ (ස)
සිනාහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා. බලන්න යන ලස්සන ලස්සන හිනාවක් පොලිසියේ රාලහාමිටත් හිනා මේවා බලන අපිටත් හිනා.(නදී)
ඒකත් ලොකු වාර්ථාවක්නේ.(නදී)
රැවටිල්ලම තමයි (දී)
පොලිසියේ හිනාව නම් ඉවසන්න පුළුවන්. ඒත් හොරාගෙ හිනාව? (නි)
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්... (නි)
මිනිස්සුන්ව රවට්ටලා සල්ලි අරන් කොහොමද ඒ සල්ලි වලින් දරු මල්ලන්ට කන්න අදින්න දෙන්නේ (දී)
අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි ඒ වෙනසට ගරු කරමු. (දී)
තවත් අසරණයෙක් අහු නොවෙන්න මුහුණ පෙන්නපු එක හොදයි. (නි)
මිනිස්සු මොන තරම් බලා පොරොත්තු වකින්ද සල්ලි දෙන්න ඇත්තේ (දී)
කටිටියම ඉතාලි ගිහින් එනවා වගේ. හිනාවේ ලස්සන.(නදී)
මොනවා වුණත් මිනිහා හරිම සතුටින් ඉන්න කෙනෙක්. (නි)
මේ මනුස්සයා හරියට ෆොටෝ ජෙනික් තරගයකට ගිහිල්ලා වගෙයිනේ. (නි)
රට යන්න මෙපමන මුදලක් දෙන අය ලංකාවේ ඉන්නවද?(නදී)
ෆොටෝ එකක් ගහනකොට හිනාවෙනවා මිසක් කවුද අඬන්නේ ? (නි)
මෙහෙම අපරාධ කරලා හිනා වේවී එන්නේ කිසිම ලංකාවේ නීතිය ගැන දන්නා නිසා වෙන්න ඕනෑ. (නි)
පොලිසියේ පාටි එකකට යනවා වගේ හිනාව නම්.(නදී)
ජනතාවත් මෝඩයි. ඒකනේ මෙහෙම හොරුන්ට අහුවෙන්නේ. (නි)
ගෙවන්න තමයි ටිකක් අමාරු මේවා (දී)
මම හිතන්නේ අපේ මෝඩ ජනතාවට තමයි මෙයා හිනාවෙන්නේ. (නි)
දැන් මෙවැනි කට්ටිය රට හැමතැනම ඉන්නවා. (නි)
ඒජන්සියක් නැතුව මොහු මෙවැනි වැඩ කළත් ලියාපදිංචි ඒජන්සි වල අයත් අද මේ වැඩ කරනවා. (නි)
අපිට වැරදිලා කියලා වෙන්න ඇති හොරා අපූරුවට හිනාවෙන්නේ. (නි)
දවසේ හිනාව! (නි)
අම්මෝ ම්කොටියක් කියන්නේ ලක්ෂ 100 (දී)
ජිනසේන මහත්මයා ,ඔයා පුදුම වෙන්න ඕනෑ මේ මනුස්සයාගේ මොලේ අනිත් අයට නැති එකට. ඔයාට වුණත් එහෙමයි කියලා හිතෙනවා මට. (නි)
හරිම සතුටින්නෙ යන්නේ. (නි)
බලන්නකෝ හපන්කමක් කරලා වගේ හිනාවෙන හැටි. (නි)
අනේ මෙහෙමත් මෝඩයෝ ඉන්නවද මේ ලංකාවේ? (නි)
කෝටියක් ලගනේ. හිනාවෙන්න බැරි ඇයි. ඔන්න ඔහොම යමු මල්ලී.(නදී)
වෙන කෙනෙක් එක්ක හවුලේ කරපු වංචාවක් වද්ද? (නි)
කපටි කම් බලුකම් ඉගෙන ගන්න ටියුෂන් පන්ති ගියේ නැහැ අනේ. සහජ දක්ෂතාවයක් එළියට දැම්මට වරෙන්තු දාලා ලොරිවල නග්ගන්න ඕනද රාලහාමි?(නදී)
මීට කලින් මේ වගේ වැඩ කරපු අය දැකලා නැද්ද?(නදී)
මහ උළු ගෙදර යන්න තියෙන ආශාව. කට කනේ. (නි)
මෙයා හොදට මේකට පුරුදු කෙනෙක් බව නම් පේනවා. (නි)
පොලිසියේ ඉන්නේ එකට කනබොන අය වගේනේ හිනාව (නි)
කොහෙමෙත් මේ කොලුවාගේ වැඩේ අල්ලපු නිසා පොලිසියේ මහත්තුරු ගොඩ. උසස්වීමක් ඉතාමත් ලගයි. (නි)
මෙයා හිනාවෙලා යන විදියට නම් නඩුව දිනයි වගේ. (නි)
මේ කාලයේ වැඩියෙන්ම වරද කරන මිනිස්සු තමයි බොහොම අපූරුවට හිනා වෙලා ඉන්නේ. (නදී)
මෙහෙම අය තමයි ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුත්තේ. (නි)
තියෙන්නේ නම් ඉතාලි හිනාවක්. (නි)
කටුනායක වගේ නෙමෙයි. මත්තල ඉදලා කොළඹට එන්න හරි අපහසුයි. (නි)
අපේ සමහරු ගිනස් වාර්තා තියන්න හදන්නේ නරක දේවල් වලින්මනේ. (නි)