ඉතාලියේ සලැර්නෝ නගරයේ වියා දෙයිප්‍රින්චිපති මාවතේ නිවෙසක විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ගුටිබැට හුවමාරුවකදී පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තමතමුන්ගේ නෑදෑයන්වන අත්අඩංගුවට ගත් ඔවුන් සියලුදෙනාම තරුණ සහ ඉතාලියේ නීත්‍යනූකූලව වාසය කරන අය බව ඉතාලි පොලීසිය පවසයි. තමතම නෑදෑපවුල් වල ප්‍රශ්නයකට ඔවුන් මෙසේ රණ්ඩු වූ බව ඉතාලි පුවත්පත් සඳහන්කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන්නේ මේක වෙන්නප්පු මඟුල් ගෙදරක් වගෙයි (නි)
ලැජ්ජයි නේද? කට කහනවටද අපේ පැරණි මිනිස්සු කිවුවේ ආරේ ගති නෑරේ, බලු වලිගේ උණ පුරුකේ දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නේ, කියලා (නි)
ආරේ ගුණ නෑරේ කියනවනේ! (නි)
මේවා ඉතාලියේ වසන අපේ ලාංකිකයන් අතින් වුණේ නැත්නම් තමයි පුදුම. ලංකාවේ පවුල් ප්‍රශ්න, ලංකාවේ ඉඩම් ප්‍රශ්න ඔක්කොම අදින්නෙත් මෙහේනේ (නි)
මේකට සම්බන්ධ ලංකාවේ අය කවුද? (නි)
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පෙන්වීමක් වගෙයිනේ. දැන් ඉතාලි පොලිසියට ඕවා සාමාන්‍ය දේවල් වෙලා ඇති. කොටින්ම කියනවනම් අපේ ඉතාලියේ ඉන්න සමහරක්ට ජීවත්වෙන්න බැහැ රණ්ඩු නොකර. ඒ තරම් පහත් මට්ටමකට වැටිලා ඉන්නේ. මේ අය නිසා ලංකාවේ අයට රැකියා සොයාගැනීමට අමාරුයි (නි)
ඒගොල්ලන්ගේ ලංකාවේ ගමත් දැනගන්න කැමතියි (නි)
"ආරේ ගති නෑරේ" කියලා කියන්න සිද්ධවෙලා තියෙන්නේ රණ්ඩු කරගත් අයට විතරක් නෙමේ, ඒකයි මට කණගාටු..... ලංකාවේ අයියලා ලෝකේ කොහේදී හරි එකට එකතු වුණොත් ඉතින් ඔහොමම තමයි. (නි)
ප්‍රශ්නය ලංකාවේ කොහෙද කියන එක නොවෙයි. (නි)
අනිවාර්යෙන්ම කොස්වාඩිය හෝ තල්විල කට්ටියකගේ මගුල් ගෙයක්. කොස්වාඩිය තල්විල අතර පරම්පරා ගානක ඉඳලා එන වලියක් තියෙනවා (නදී)
මේවා හොඳයි තව සරණාගත ලේබල් ගහගෙන ඔස්ට්‍රේලියාවට ආපු අයියලගේ හපන් කම් එක්ක බලනකොට. (නදී)
නන්දන පනාගොඩ ,ලෙක්කො ගලබඩ මොනතරම් කුහක අදහස් තියෙන දෙන්නෙක්ද කියලා පැහැදිලි වෙනවා. ඉතාලියෙ ප්‍රවෘත්තියක් පළවුණ සැණින් වෙන්නප්පුවට බනිනවා (නි)
මිලානෝ ජයන්ත, ඔබ සිංහල කියවන්න දන්නේ නැද්ද? නන්දන මල්ලියි ගලබඩ අයියායි කාටවත් බැනලා නැහැනේ. (නි)
රුවන්තක මහත්තයෝ, ඔබේ සහෝදරයන් ගැන මම එහෙම ලීවේ මීට කලින් ලංකාදීප පලවූ ඉතාලි ලිපිගැන සංසන්දනය කරලයි (නදී)
ඔන්න ඒපාර තවත් ගෝරියක් මිලානෝ ජයන්ති රුවන්තිකයි අතරේ. අනේ උඹලට පිට රටකට ගිහින් වත් ඉන්න බැරි හැටි මනුස්සයෝ හැටියට (නදී)
"හැම දේකටම වෙන්නප්පුවේ අය ගාව ගන්න එපා. ඇයි අනිත් නගරවල ඉන්නේ ශුද්ධවන්තයින්ද? මත් වීමේ සංස්කෘතියත් අනිත් අයට ට නැද්ද?පාටි වලට ගිහින් කලටි වතුරද බොන්නේ? (නදී)
ඇයිමේ ගම් බිම් ඇදගෙන අදහස් දක්වන්නේ,තමන් ගේ අදහස ස්වාධීනව කළානම් හොදයි නේද,එතකොට කාගේවත් හිත් රිදෙන්නේ නෑනේ,මම මේ කිවුවේ කාටත් පොදුවේ හොදේ,අනික ඔය වගේ සිද්දි අපිට හුරුයි නේ ජම්මේට වැඩිය පුරුද්ද ලොකුයි නේ(අ)
අපේ අයට රණ්ඩු කරන්න මත් වතුරම අවශ්‍ය නැහැ. නිකම් ඉන්න වෙලාවටත් මත්වෙලා වගේ හැසිරෙන අයට මොකටද අමුතුවෙන් මත්වතුර? උපන් ගමටත් වැඩිය මෙතන තියෙන්නේ ජන්මය පිළිබද ගැටළුවක්. (නි)
කොටියා කැලේ මාරුකළාට පුල්ලි මාරු නොවේ.කූඩැල්ලන්ව මෙට්ටය උඩ තියන්න බැරිය. මගේ කට කහනවාට කියනවා නොවේ. (නි)
නන්දන පනාගොඩ මිලානෝ, තමුන් ලංකාවේ කොහෙද? (නි)
නූගත්කමත් මෝඩකමත් ඕවාට මුලයි. ඉතාලියට යන බොහෝ දෙනෙක් අඩු අධ්‍යාපනලාභී අය නිසා තමයි මේ වගේ රටේ නමත් කන්නේ (නි)
දැන් මෙතන මෙහෙම නම් ඉතාලියේ කොහොමට ඇද්ද...? (නදී)
ඉතාලිය ගඳ ගස්සන අපේ ලාංකිකයෝ. (නදී)
ඉතාලියේ සිදුවීම් වලට, අදහස් දැමීමෙන් වැළකී සිටීමට තීරණය කරගෙන සිටිමි.......ඒ පසුගිය කාලයක අදහස් දමා,අහගත්ත දේවල් සිහියට නැගීමේදී.......... (ස)
නන්දන පනාගොඩ,ලෙක්කො ගලබඩ, ඔයාලගේ කතාව අනුව නම් පෙනෙන්නේ මේක ඔයාලගේ ගම් වල කට්ටියගේ වැඩක් වගේ. කවුරුත් කැමතියිනේ තමන්ගේ කුණු අනුන්ගේ වත්තකට හරි දාලා සුද්ද වෙන්න. ගුටි ඇනගන්න එක වෙන්නප්පුවේද, නුවරද, ගාල්ලේද කියලා වෙනසක් නැහැ. (නි)
බලන්න කොච්චර ලැජ්ජාවක්ද කියලා (නි)
යථාර්ථය හරිම කණගාටුදායකය. ඉතාලි ඉන්න ශ්‍රී ලාංකික පිරිසගෙන් සියයට 75ක් විතර නිසි අධ්‍යාපනයක් නැති අයයි.ඒ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක (නි)
ඉතාලියේ සලේර්නෝ නගරයේ බහුල ලෙස වෙන්නප්පුවෙන් පැමිණි සංක්‍රමණිකයන් වාසය කරනවා. මත්වීමේ සංස්කෘතිය මේ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් අතර බහුල ලෙස ව්‍යාප්ත වී තිබෙනවා (නි)
මෑතකදී ඉතාලියට ආ අය තමයි ඔය විදියට හැසිරෙන්නේ. මීට අවුරුදු 18 ට 20 ට උඩදි නම් අපි ඔය වගේ හැසිරෙනවා දැකලා නැහැ.පිටරටකට ඇවිල්ලත් ජීවත්වෙන්න මේ අය දන්නේ නැහැ. හේතුව තමයි ජන්මෙට වඩා පුරුද්ද ලොකු වීම. කැපී පෙනෙන්න තිබෙන ආශාව.මේ අයගේ මේ වගේ වැඩ නිසා ලංකාවේ නම විනාශ වෙනවා (නි)
වෙන්නප්පුවේ වැඩක්ද මේ? (නි)
රනිල්, හොඳට හොයලා බලන්න. අනිවාර්යයෙන්ම දකුණේ වෙන්න ඇති (නි)