ශ්‍රී ලංකාවෙන් ඉතාලියට යවන කංකුන්, මුකුණු වැන්න,ගොටුකොළ වැනි පලා වර්ග පණුවන් ද තණ කොළ ඇතුළු වල් ගස් ද බෙහෙවින් ඇතැයි ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.
ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 400 ක් පමණ ගෙවා ගන්නා පලා මිටියේ කිසිදු ප්‍රමිතියක් නැතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් රොහාන් රණසිංහ. තමන්තේ මව්බිමට ගරහන්නේ නැතිව ඉතාලියේ තියන කෑමක් ගිල දාගත්ත නම් හොඳයි නේද?. (දී)
ඉතාලිය කියන්නේ ඉතාම නැවුම් එළවළු පලතුරු තියෙන රටක් ඒවා නොකා ඇයි මේ ජරාව කන්නේ.(නදී)
අබ්දුල් සමීඩ් මහත්තයෝ පරිමිතිය තියෙන්නේ ගණිත පාඩමේ. අනික් දේවල තියෙන්නේ ප්‍රමිතිය.(නදී)
ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔස්ට්‍රේලියාවට පිටරටින් එළවලු ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ.ඕකෙන් වෙන්නේ ඒ ඒ රටවල් වල නැති කෘමීන් වත් ,ඒ රටවල් වලට බෝ කරනවා.වෙන එකක් තියා මේ රටේ ප්‍රාන්තවල මායිමේ ලොකු දැන්වීම් ගහලා තියෙනවා සංචාරකයන්ට එක ප්‍රන්තයකින් අනිත් ප්‍රාන්තයට එළවලු පළතුරු ගෙනියන්න එපා කියලා කාරුණිකව ඉල්ලමින්. (දිල්)
ඇත්තම තමයි. පලා වර්ග වල කිසිදු ප්‍රමිතියක් නැතැ. මමත් කිහිප දවසක්ම ලංකාවේ පලා වර්ග ගෙනාවා තණ කොළ ඇතුළු වල් ගස් තමා තියෙන්නේ. ඉතින් ඒ ආයතනවලට බැන වදිනවට වඩා සූදූසූම දේ ඒවගේ කොළ ජාති නොගෙන ඉන්න තීරණය කලා. ලංකාදීපෙට තූති මේ වගේ දෙයක් පළ කලාට.(නදී)
නුගේගොඩ අපිටත් ඕවා එනවා මොනවා කරන්නද ? (නදී)
එන්නකෝ ලංඩන් හොඳ පලා මිටියක් අරන්යන්න.(නදී)
සෞදි අරාබියට විතරක් නොවෙයි කටාර් වලට එන ඒවත් එහෙමයි.(නදී)
ලංකාවේ දේවල්වල කොහෙද පරිමිතිය එත්තේ?(අ)
ලංකාවේ අය හදන බඩුවල ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන එකයි වැරැද්ද. හැකි උපරිම මට්ට මෙන් පාරිභෝගිකයෝ රැවටීම මෙරට අයෙග් සිරිතයි. භාණ්ඩවල හා බෙහත්වල කල් ඉකුත් වීමේ දින වෙනස් කරලා විකුණන මේරට අයට ඔයක මොකක්ද? (අ)
අපේ අය පිටරට ගිහින් කෑමට ගන්න හොයන්නේ, පතෝල, වැටකොළු, බණ්ඩක්කා, කරෝල, හැබැයි ලංකාවට ඇවිත් කෑමට හොයන්නේ, චීස්, හැම්, බේකන්, මස්, නමුත් පිටරට වලත් ඕන තරම් හොඳ එළවලු වර්ග තියනවා. එත්, ඒවා ආහාරයට ගත්තම, දේශානුරාගය හීන වෙනවා ඇති. අනේ මන්දා? (නදී)
මෙම අය උපයන්නේ පනුවෝ ගහපු මුදල්ද? හොද දේ වෙළද පලට යැවීම යුතු කමය, වෙළද ඇමති තුමනි, ඔබේ අවධානය මේගැන යොමු විය යුතුමයි,(අ)
පනුවෝ ඉන්වා කියන්නේ වස විස නෑ
ඉතින් කවුරු කවුරුත් නරක ඒවා විකුණන කඩ වලින් පලා ගන්න එක නවත්වන්න. එතකොට හොද ප්‍රමිති ඒවා පමණක් ඉතුරු වෙයි.
හොදම විසදුම නොගෙන ඉන්න එක .. (අ)
මේ කතාව සම්පුර්ණ ඇත්ත .කිසිම ප්‍රමිතියක් නෑ.නමුත් ලංකාවේ එළවලු කිලෝ එකක් රුපියල් 885 ත් 900 ත් අතර මුදලකට තමය් මෙහෙ ලංකාවේ කඩවල අපේ මුදලාලිලා විකුනන්නේ .අපේ කමට අපේ රටේ කෑමක් ගන්න ගියාට මෙතන සූරාකෑමක් තමයි තියෙන්නේ .(අ)
බොරු කියන්න ඕනේ නැහැ ඩුබායි වලට එන පලානම් හොදයි.(නදී)
ලංකාවෙන් යවන ඒවා නම් ඉතින් උපරිම කොලිටි එකට ඇති. (අ)
මේවගේ එළවලු වල පනුවෝ ඉන්නවා කියන්නේ බෙහෙත් ගහල නැහැ කියන එක. අනික මෙහෙ සලාද ගෙඩියක් ගත්තත් කොලගොව ගත්තත් පුංචි පනුවෝ, ගොලුබෙල්ලෝ ඉන්නවා. කවදාවත් මෙහෙ එළවලු අරගෙන නැහැ වගේ කතා කරන්න එපා. අනික ලංකාවේ ඉදල මේවා ගෙන්වන්න යන වියදම බැලුවම අපිට ලංකාවේ ගානට මෙහෙ ලංකාවේ වැවෙන දේවල් ගන්න බැහැ. චිනකඩවල උනත් චිනේ ගානට වැඩ වැඩියි මෙහෙ. නරක වෙච්ච දේවල් එව්වනම් එක වැරදි වැඩක්.ඔය ටික හිතාගන්න බැරි තරම් කට්ටියනම් මෙහෙ ඉන්නේ තව මොනවාද කියන්නේ. (අ)
අපට වඩා නොදියුණු අප්‍රිකා රටවලින් පිටරට වලට යවන එළවලු ලංකාවේ දේවල් වලට වඩා දහස් ගුණයකින් හොද ප්‍රමිති නිෂ්පාදන (අ)
මහේන්ඩ්‍රගේ කතාව ඇත දෝහා එහමතමා (අ)
මමත් ඔය රටේ හිටිය,ඔය කියන පලා වර්ග ගන්නවා,හබැයි අර සෝබනේට ගන්න අයත් ඉන්නවා ,අපිට කන්න අසා දේ වෙන අයට පේන්ඩ ගන්න අයත් ඉන්නවා .ඔය ලංකාවේ,බන්ගලදෙසේ කඩ වල සොබා නේ පෙන්නන යන අයත් ඔය කියන අය අතරේ ඉන්නවා .හබැයි අපේ දේ ගන්නවානම් එකේ වැරදි කිය්යනේ නැතිව නොගෙන ඉන්නේ. (අ)
ඇයි අටසියගානකට නමසිය ගානකට පනුවෙක් නැතුව කුකුලක් දෙන්න කියලාද කියන්නේ මාරකථාවක්නේ මේක. (අ)
මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැතිද මේ එළවලු ඉතාලියට යවන්නේ පුෂ් බයික් වල නෙමෙයි කියල.ගුයන්යානා වලට සල්ලි වියදම් කරලා යවපුවම මේ ගාන වෙනවා කොහොමත්.අනික ඉතාලියේ වෙඩ කරන්නේ මාසෙට රුපියල් 15000 ට 20000 ට නෙමෙයි .මම ඉන්න රටේ ලංකාවේ කරෝල කිලෝ එක රුපියල් 3000 ට මම ගන්නේ.එහෙම හරි මම කන්නේ ලංකාවේ නිසා. (අ)
තෙල් බෙහෙත් නැ කොහොමත්ම
හොදම දේ නොගෙන ඉන්න එතකොට ඉබේම හැදෙයි අපෙරෙටේ මොන දේද ප්‍රමිතියකට තිබෙන්නේ.අඩුම ගන්නේ සෝඩා බෝතලයක් පප්ඩමක් ලියුම්කවරයක් (අ)
ලෝකයේ හැම රටකටම ලංකාවෙන් යවන එළවලු ඔය තත්වයේ නැහැ. පිරිහුණ ලංකා සමාජයේ ආකෘතියක් ඉතාලියේ ස්ථාපිත වී ඇති නිසා, හොරකම්, මැරකම් කුලල් කාගැනීම් නරක්වූ ආහාර මේ සියල්ලම ඉතාලියේ ලංකා කුටිය තුලින් දැක ගන්න පුළුවන්. එහි ඉන්න හොඳ මිනිසුන්ටත් තැනක් නැතිව යනවා. (අ)
පනුවන් අපනයනය කිරීම තහනම් නේද ? මේක තවත් හොර ජාවාරමක් වගෙයි. කොළ මිටි අස්සේ හංගලා ප්‍රෝටීන් බහුල පනුවන්ව අපනයනය කරනවා.. කොහොමද වැඩේ? (නදී)
එළවලු විතරක් නෙමෙයි තේ කොළත් පාවිච්චි කරපුව පැකට් කරල එවනව .මුදලාලිට පෙන්නුවා බ්‍රෑන්ඩ් නේම් එක. (දී)
පද්මපානි කීව කතාවේ අත්තක් තිබෙනවා (දිල්)
ලංකාවේ ප්‍රමිති කාර්යාංශය කියලා එකක් තිබුණා ඉස්සර නම්. දැන් වැඩක් නෑ (දල්)
ලංකාවෙන් ඉතාලියට එන බොහොමයක් එළවලු පළතුරු ඔය වගේ තමයි. කණගාටුයි අපි නම් මේ (දිල්)
සෞදි අරාබියට එවන කොළ වර්ග ඉතා හොද ප්‍රමිතියකින් යුක්ත බව සදහන් කළ යුතුයි (දිල්)
ලංකාවේ කෑමවල පුර්ණ තෘප්තිය විඳින්න නම් පණුවෝ, තණකොළ අයින් කරලා පලා සුද්ධ කරන එකත් ඒකට අයිතියි.(නදී)
අපේ රට කවදා ගොඩ එයිද බලන්න. තායිලන්තෙන් එන එලවලු, කෙලින්ම හට්ටියට දාන්න පුළුවන්, කිසිම පාලනයක් නෑ, හැම එකකම දුෂණය. කොහොමද රටක් හැදෙන්නේ?(නදී)
ඔව්, ඕමාන් ඩුබායි වලට එන ඒවත් ඔය වගේ. මේක දාපු එකට ගොඩක් ස්තුතියි. මේවා ගන්නේ අපි ලොකු ගානක් ගෙවලා ලංකාවේ නිසා ආසාවට කන්න. මෙයාලව දැනුවත් කරන්න. (නදී)
බේත් ගහල නැති නිසා සතුටු වෙන්න, ඔහේදී සුද්ද කර ගන්නත් පුලුවන්නේද? (අ)
මේ වගේ වැඩ නිතරම වෙනවා. මැද පෙරදිගට එවන ලංකාවේ කෑම වර්ගත් මෙහෙමයි. මෙවන් දේවල් ලංකාවෙන් යවන්න කලින් ප්‍රමිති ආයතනයක් හරහා චෙක් කරලා එවනවනම් වඩාත් හොදයි. (අ)