IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉතාලි ගමන හීනයක් වෙයි

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක්  භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක්   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය පොතුවිල් හි පදිංචි තිස් දෙහැවිරිදි තරුණියකි.

ඇය තම සැබෑ ගුවන් ගමන් බලපත හා  මාලදිවයිනට යාමට ලබාගත්  ගුවන් ටිකට් පතක් ගුවන්ගමන් බලපත් කවුළුවට ඉදිරිපත් කර ගුවන්ගතවීමට අවශ්‍ය  ලියකියවිලි ලබා ගෙන  ආගමන විගමන අංශයටද ගොස් මාලදිවයින බලා යාමට අනුමැතිය ලබා ගෙන ඇත.

කෙසේ නමුත් ඇය ගුවන්යානයට ගොඩවීමට ආසන්නයේ ඇති අවසන් පරීක්ෂා කිරීමේ  කවුළුවට පවසා ඇත්තේ ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ බවයි.  ඇය එහිදී  වෙනත් ගුවන් ගමන් බලපතක් හා ඉතාලියේ  රැදී සිටීමට සාදන ලද  ලියිකියවිලි  පෙන්වා එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කරද්දී  අත් අඩංගුවට ගෙන ඇත.

පසුව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ  ඉතාලියේ පදිංචි  ශ්‍රී ලාංකික කාන්තාවකගේ  නමට   සැකකාරියගේ   ඡායාරූපය යොදා ව්‍යාජ ගුවන් ගමන් බලපතක් ඇතුළු ලියකියවිලි සකස් කර ඉතාලි යාමට උත්සහ කර ඇති බවයි.

මේ සඳහා  ඇය කොළඹ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ගෙවා අදාල ලියකියවිලි සකස් කර ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාරිය ආගමන විගමන අංශයට තම සැබෑ ගුවන්ගමන් බලපත පෙන්වා ආගමන විගමන අංශයෙන් මිදී පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපතකින් විදේශගතවීමට උත්සහ කර ඇති බව පොලසීය කියයි.

මේ පිළිබඳ විමර්ශණ සිදුකිරීමෙන් අනතුරුව සැකකාරිය මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 
         

 



අදහස් (0)

ඉතාලි ගමන හීනයක් වෙයි

විජයබාහු Monday, 09 March 2015 09:36 AM

මෙයාල දැන් තමා රට යන්න පටන් අරන් තියෙන්නේ (අ)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 07:52 AM

සිහින බොඳ සිහින (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site