එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්දව ඇමෙරිකාව සම්මත කරගත් යෝජනාව තමා ලද ජයග්‍රහණයක් බවත්, එය තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත්ව පෙරට ආ යුතු බවත් පලෙර්මෝ නුවර කොටි හිතවාදීහු පවසති.
ඇමෙරිකා යෝජනාවට පක්ෂව ඉතාලිය ඡන්දය පාවිච්චි කරමින් ශ්‍රී ලංකා දමිළ ජනතාවට සිදුවූ අසාධාරනය පිළිගෙන ඇති බවත්, ඒ අනුව ඉතාලි රජයට ස්තුතිය පුද කිරීමට ඉතාලි වේලාවෙන් අද සවස 4ට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පලෙර්මෝ පියාස්සා පොලිතියානා හිදී කොටි හිතවාදී රැස්වීමක් පැවැත්වීමට යයි.
බ්‍රහස්පතින්දා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ඔවුහු පලෙර්මෝ දමිළ ප්‍රජාව දැනුවත් කළහ.
මෙයට පෙර ද ඒ ස්ථානය අසල ඇති සම්මන්ත්‍රන ශාලාවේදී කොටි රැස්වීම් පැවැත්විණි. පැය පහක් සඳහා සම්මන්ත්‍රන ශාලාව කුලියට ගැනීමට යුරෝ 5000ක් ගෙවිය යුතුය.
ඉතාලි කොටි හිතවාදීහු මෙලෙස මුදල් හා පිරිස් බලය යොදමින් ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කරනා විට ඉතාලියේ ඇති සිංහල සංවිධාන කිහිපයක් තානාපති රැක ගැනීමට පෙත්සම් අත්සන් කරන බවත් තවත් සංවිධාන කිහිපයක් තානාපති ඉවත්කිරීමට උත්ඝෝෂණය කරන බවත් මධ්‍යස්ථ මතධාරී ශ්‍රී ලාංකිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය උඩපනින්න එපා (දී)
මම නම් කියන්නේ මේ තමිල් ඊලම ඇයි තමිල්නාඩුවේ පිහිටවන්නේ නැත්තේ , එහෙ හොඳට ඉඩ තියෙනව , අනිත් එක තමිල් නාඩු කියන්නේ දෙමළ රට කියන එකනේ එයාලගේ නියම නිජබිම එහේ ..... ඉතින් සුදුසුම දේ ඕක එහෙ පිහිටවන එකයි (ස)
හරියට බලනවානම් දින්නේ අපි (දී)
එක එක්කෙනාට බැන ගන්නේ නැතිව දැන්වත් අපි එකට එකතුවෙමු. (ස)
සංජීව අවදි වු සැටි අපි පසුගියකාලවල දැක්කාෙන්?ඒක තමයි දැන් ජිනීවා පරිප්පු කන්ෙන්.මුස්ලිමි රටවල් ෙනාතිබුණානමි ෙහාමිෙබන් තමයි යන්ෙන්. (ස)
මටනම් හිනාත් යනවා (දී)
මොන ජයද (දී)
දමිළ අය සමාන කරන්නේ මොනවටද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. (නි)
මෙය බලන විට ලංකාවේ අයගෙ දැන් අවශ්‍යතව රට බෙරා ගැනීම නොව තානාපති බෙරගනීමද? සිංහලයා මොඩය කියන්නේ මේකටද? (ස)
සිංහලයා කරේ හැමදාම බෙදෙන එක තමයි (ස)
සමුදීන් , මමත් ඉතාලියේ හිටපු කෙනෙක් , ඉතාලියේ ඉන්න සිංහල ඔක්කොම මෝඩයෝ වගේ තමයි (ස)
තානාපතිවරුන් පත්කර එවීමේදී අඩමු ගානේ මාසයකවත් පුහුණුවක් දීලා එවන්න. ඔවුන් පත්වන්නේ තම රටට වැඩ කිරීමට යන්න කියා දිය යුතුයි. තානාපතිවරුන් විමර්ශනය කිරීමට ඒකකයක් පිහිටුවා ප්‍රසිද්ධ කරන්න. (ස)
සම්පත්, දැක්කා නේද ඉතාලියේ ඉන්න සිංහලයන්ගේ විදිය. අතපත්තුගේ කතාවෙන්ම පේනවා නේද? (ස)
අනේ මේ මම ඉන්නේ ඉතාලියේ. හැම කෙනාම වගේ බඩගොස්තර වාදියො. සල්ලි පස්සේ දුවන පවුකර අය මෙහෙ ඇවිත් අපේ ජාතියට ආගමට නින්දා කරනවා. ඒ අයගේ නම් ගම් විස්තර ඔනේ ද? (නදී)
කොටි කියන්නේ තහනම් සංවිධානයක් (දී)
අලේ සිංහල තව කට්ටයක් හියියනේ. හරි සතුටු ඇති. අද පාටි දන්නේ නැහැ නේද?(නදී)
ඒ කට්ටිය ලබා ගත්ත ජයක් නැහැ (දී)
සම්පත්, ඔයා මොන ජාතියෙද කියලා අපිට හිතාගන්න පුලළුන් නම්. රෝමය පැත්තේ එන්න ඔයා වගේ අයට දෙන්න රජ බොජුන් එහේ තියෙනවා.(නදී)
ඉතාලිය කිසිම දෙයක් තීරණය කරන්නේ නැහැ. ලංකාව කලුද, සුදුද කියලවත් වැඩක් නැහැ. යුරෝපා කාර්යාලය කියන පැත්තට ඡන්දය දෙන එක විතරයි කරන්නේ. කවුරු කොහොම දැගලුවත් ඉතාලිය කරන විදිහ එහෙමයි. එයිට වැඩිය දේවල් සිංහල මිනිස්සුන්ට එහේ කරන්න තියෙනවා. (නදී)
සම්සුදීන් කියන්නේ සිංහලය මෝඩය කියල නේ , මේකත් මතක තියාගන්න නිදාගෙන ඉන්න සිංහයෝ අවදි කරගත්ත දාට මෝඩයයෝ කව්ද කියල තේරේවි .(නදී)
රෝමයේ ඉන්න ආත්මාර්ථකාමීන් දන්නේ එම්බසියේ අයට පෙත්සම් ලියන එකයි , පෝස්ටර් අලවන එකයි විතරයි (ස)
ඔහොම යන්. ඔය රටවල් කොටි වලිගය අල්ලා ගත්තා කියලා හිතාගන්නකෝ.(නදී)
ඉතාලි වල ඉන්න නූගත් සිංහලයෝ යූරෝ මත්තේ නැහෙනවා මිසක් තමන්ට රටත් තියෙනවද කියලා වත් දන්නේ නැහැ.(නදී)
සිංහලයා මෝඩයා - කැවුම් කන්න සූරයා (ස)
තව ටික දවසකින් එන නන්දිකඩාල් දිනයත් සමරයි ඔහොමම. (නි)
අපි ශ්‍රී ලංකාවේ දැන් ඉපදිය යුතුයි.(නදී)
ඔබලා ගැන මට දුකයි (දී)
මොකද්ද දන්නේ නැහැ ලබපු ජය (දී)
අපේ රටේ බහුතර සිංහලයා කොහොමද අවදිවන්නේ කියලා අපි හොඳට දන්නවා, හවස හයවෙනකොට වෙරි මරගාතේ (නි)
ලෝක ත්‍රස්තවාදීන්ගේ යෝජනා සම්මත වීම ගැන අනික් ත්‍රස්තවාදීන් සතුටුවීම පුදුමයක් නොවෙයි (ස)
කොටි කොහේ හිටියත් කොටි. පව් අසරණ දෙමළ මිනිස්සු තමයි මේවාගෙන් බැට කන්නේ. එයාලා මේවා තේරුම් අරගෙන වැඩ කළොත් මේ විනාස වෙන්න යන ජාතික සමගිය සුරැකේවි. (නදී)