දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතිරි කරන ලද විධායක බලතල තවදුරටත් තබා ගත යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (31) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි පසුගිය දිනෙක වාර්තා විය.
ශ්‍රේෂ්ඨාධිකරණය දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන ලද්දේ විධායක ජනාධිපතිධුරය තිබෙන බව සඳහන් කරමින් බවත් එම නිසා දැනට ඉතිරි විධායක බලතල තබා ගත යුතුයි යන මතයේ සිටින බව ද අමාත්‍ය එස්.බී දිසානායක මහතා කීවේය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම කරුණු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ගිය කලක්.(හේ)
පක්ෂ දෙකක එකතුවෙලා මේ කරන ආණ්ඩුවට විධායක බලතල තබා ගත යුතුයි (ම)
අපිත් එකඟයි. මේගොල්ලෝ කරන දේවල් වල හැටියට ඒවා වළක්වා ගන්න ඔය ටිකවත් ඉතුරුවෙලා නොතිබුනා නම් සිද්ධ වෙන්න තිබුන දේවල් හිතනකොටත් බයයි. (නි)
ඔබතුමා මොන දේශපාලන පක්ෂයටද අයිති? (නි)
ඔව් ඔව් ඉතුරු කර ගත් විධායක බලතල රැක ගත්තේ නැතිනම් , මෙවෙනි පැරදුන අයටත් , අම්බරුවන්ටත් පාර්ලිමේන්තුවේ ආසනයක් ඇමති කමක් ගන්න බේරී වෙනවා (ම)
මුදල් ඇමතිවරයා වගේ අයගේ ක්‍රියාකලාපේ බැලුවහම සියලු දෙනාටම ආයෙත් ඔය ගැන හොඳට හිතන්න වෙනවා. (අ)
තව ටික දවසකින් මෙයාම කියාවී, අහෝසිකළ බලතල නැවත ලබාගැනීමට ක්‍රියා කලයුතුයි කියල. රටට හෙන ගැහුවත් කමක් නැහැ තමා රැකුනොත් ඇති න්‍යාය තමා මෙයා ළග තියෙන්නේ . (අ)
ඔව් නේද මහී එකනේ මහින්ද උත්තමය දිගටම බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ.(අ)
මහ ජනතාව ගහලා පන්නපු මෙතුමා ජනාධිපති තුමාට පින් සිද්ධ වෙන්න හොර පාරෙන් දියවන්නාවට රිංගල කාලයෙන් කාලයට උමතුවෙන් වගේ කට මත දොඩවනවා. (ම)