ඉතියෝපියාවේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අගනුවර වන අඩිස් අබාබා හිදී නිල වශයෙන් විවෘත කැරුණූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ එරට විදේශ අමාත්‍ය ආචාර්ය වර්ක්නේ ගෙබෙයෙහු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.එරට නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සුමිත් දසනායක මහතා එදින රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.
තානාපති කාර්යාලය අඩිස් අබාබාහි ,බෝලේ සබ් සිටි ,කෙබෙලේ හි අංක 875 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර +251-11-6154-681 හෝ +251-11-8334-175 යන දුරකථන අංකයන් ඔස්සේ හෝ +251-11-6154-785 යන ෆැක්ස් අංකයන් හෝ [email protected]යන විද්‍යුත් තැපෑල ඔස්සේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.
(ඡායාරූප-ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙනි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා එහි තානාපති වෙලා එහිම නැවතුනා නම් තමා හොඳ! (අ)
බොහොම හොඳයි. ඉදිරියේදී ලංකාවට ජපානය, චීනය,කොරියාව වගේ රටවල් පැත්තට යන්න තරම් හැකියාවක් නැහැ. ඉතියෝපියාව තමා ගැළපෙන තැන. (නි)
මහින්දගේ කාලේ උගන්ඩාවට මහා ලොකු ගානක ආධාරයකුත් ලබාදුන්නා වගේ මතකයි. අපි ණය ගත්තා ඇතිවෙන්න. ඊටපස්සේ ඒ ණයවලින් කොමිස් ගහන ගමන් වෙන රටවලට ආධාරත් දුන්නා. (නි)
ස්වාසිලන්තයට, ඉතියෝපියාවට, උගන්ඩාවට වගේ ඒවාටත් දාන්න ඕනෑද? (නි)
මොනවද මේ වැඩ? (නි)
සෝමාලියාවේ ආරම්භ කරන්නේ කවදද? (නි)
ඉස්සර මහින්ද උගන්ඩාවේ තානාපති කාර්යාලයක් දැම්මම මොන කතා කිවුවද? අඩුගානේ කලෙක ඉඳන් ලංකාවේ ඉදිකිරීම් සමාගම් ගණනාවක් උගන්ඩාවේ ඉදිරිකිරීම් ව්‍යපෘති වල වැඩ කරනවා. එ්කෙන් රටට ආදායමක් එනවා. ඉතියෝපියාව එක්ක මොනවද තියන ගනුදෙනු? ඉස්සර මහින්දගේ කාලේ මෙහෙම වැඩක් කළා නම් දැන් අන්තර්ජාලේ, මුහුණුපොතේ කොච්චර මඩ ගහලද, කොච්චර අපහාස කරලද? අනේ දැන් ඒ එකක්වත් නැහැ (නි)
ඉතියෝපියාව කියන්නේ රටවල් 55ක් අයිති අරාබි සංගමයේ මුලස්ථානය පිහිටි රට. එහෙම ස්ථානයක ලෝකයේ රටවල් 105 කට ආසන්න තානාපති කාර්යාල පිහිටුවල තියන එකෙන්ම එහි තානාපති කාර්යාලයක් පිහිටිවිමේ වැදගත්කම පේනවා නේද? (නි)
අනේ අනේ! ඔහොම යමුකෝ (නි)
අනේ අනේ! කොහොමහරි ක්‍රමයකින් හිතවතුන්ට තනතුරු හොයල දෙන එකයි අන්තිමේදි වෙන්නේ (නි)