ඉතියෝපියාව සඳහා නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එරට අගනුවර වන අඩිස්අබාබා නුවර පිහිටවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එරට නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා ළඟදීම එරට ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත‍්‍රය බාර දීමෙන් අනතුරුව එම ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා රටවල් 54 ක සාමාජිකත්වයෙන් යුතු අප‍්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන් රජය මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය කියයි.
නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ නරනු ලැබීය.මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුදායක ආරංචියක්. අප්‍රිකා මහාද්වීපයෙහි පිහිටා ඇති ඉතාමත් අලංකාර දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. ඒත් සුද්දෝ මේ රට ගැන ලෝකයට දුන්නේ වැරදි අදහස්. ඒ නිසා තමයි යම් යම් ප්‍රශ්න වලදී අපි ඉතියෝපියාවට සමාන කරන්නේ. (නි)
හොඳ තීරණයක්. ඉතාමත් පහත්ම දිළිඳු තත්වයේ සිට අර්ද දියුණු තත්වයකට ආ, ශ්‍රී ලංකාවට පවා පාඩම් දෙන්න සමත් වන රටක්. කාන්තාර පවා ඇති රටක ඔවුන්ගේ නැගිටීම අගය කළ යුතුය. ස්වබාවික සම්පත් විනාශ කරන අපේ රටේ පාලකයින් ඉතිඔපියාවෙන් හරි පාඩම් ඉගෙන ගන්න. (හේ)
පුදුම ලස්සන රටක් (බ)
ස්වාසිලන්තයේ ඒ දවස්වල කාර්යාලයක් ඇරියා නේද? ඒ දවස්වල ලංකාවට පැමිණි විශිෂ්ටතම රාජ්‍ය නායකයෙක් තමයි ස්වාසිලන්ත රජතුමා.(බ)
නියම අදහසක් (නි)
මා ඉතියෝපියාවේ කලක් සේවය කළා. හරිම ලස්සන රටක්. දේශගුණය හරියට නුවරඑළියේ වාගේ. ආගන්තුක සත්කාරයෙන් හෙබි මෙහි වැසියන් හරිම කාරුණිකයි. ඔවුන් මෙතුවක් කාලයකට කිසිම රටක යටත්විජිතයක් නොවූ බව කියන්නේ ආඩම්බරෙන්. බයිබලයේ පවා සඳහන්වෙන ඇබිසීනියාව මෙහි මුල් නමයි. නයිල් ගඟේ ආරම්භය ඉතියෝපියාවේ ටානා නමැති විලයි. (නි)
උපාලි, ඔබගේ අදහස සත්‍යයයි. (නි)
ඉතියෝපියාවේ තරම් හැඩකාර ලස්සන තරුණියන් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)
ඉතියෝපියාවේ නව තානාපතිතුමා ලෙස පත්කර ඇති, අපේ සුමිත් දසනායක මැතිතුමාට පැවරී ඇති එකී අභියෝගාත්මක සුවිශේෂී රාජතාන්ත්‍රික මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට අදාළ වන්නාවූ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය ලැබේවායි කෙරෙන ගෞරවණීය ප්‍රාර්ථනයයි! (නි)