පසුගිය ආණ්ඩුව සමයේ රජයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට රාවණා බලය කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අද (6) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවිණි.
විමල් වීරවංශ ඇමැතිව සිටි සමයේ එම අමාත්‍යංශයේ වාහන අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ලවී ඇත. පස්වරු 1 සිට මේ දක්වා ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහේ පවුල් පිටින් වෙඩි තියලා මරනවා. රට පාලනය කරන්නේ පාතාලේ. පොලිස්පතිතුමා නීතිය නවනවා. ආණ්ඩුව මෙහෙ අහිංසක හාමුදුරු කෙනෙක් අල්ලාගෙන එෆ්සීඅයිඩී නාටකය පෙන්නනවා. ජනතාවට සසර කළකිරිලා තියෙන්නේ මේ නාඩගම් දැකලා (නි)
ආයෙමත් අහවලා නීතිය නවලා, මේ හාමුදුරුවන්ව මාසෙකට හරි ඇතුළට දායිද??? (නි)
මේ අය එදත් හිටියනම් මිගෙට්ටුවත්තේ හිමිත් අත් අඩංගුවේ නේද? බද්‍රනි ඒ වගත් දන්නේ නම්? (ර)
මේ රටට මොනාද මේ වෙන්නේ? (ර)
වරදක් කලානම් නීතිය කාටත් සමානය (ර)
අනේ ඇත්තටම ඉස්සර කාලේ අපි දැකපු හාමුදුරුවරු නම්, උසාවි තියා පොලිසියකටවත් ගොඩවෙලා ඉන්නවා අපි දැකලා නැහැ. ඒ වගේම උසාවියට, පොලිසියට ගිහින් ප්‍රශ්න විසඳගන්න හදන මිනිසුන්ගේ ප්‍රශ්නත්, පොලිසි යන්න කලින් පන්සලේ හාමුදුරුවෝ විසඳනවා. ඒකටත් එක්ක දැන්? කුඹුරේ හිටිය ගවයා, පාරේ දඩාවතේ යන සුනඛයා පවා පන්සල් වත්තට ආවා නම්, සංවරව හැසිරෙනවා වගෙයි තමයි අපිට පෙනුනේ. එ්ත් දැන්? ලැජ්ජයි!!!! (නි)
හැමදාම එෆ්සිඅයිඩී ඇහිලම දැන් මොකක්දෝ වගේ. (ර)