ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක ජල මට්ටම පහළ බැසීම නිසා ඉදිරියේ දී ජල අර්බුදයකට අම්පාර දිස්ත්‍රික්කය පත්වීමට ඉඩ ඇති බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පවසයි.
ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 89960 දක්වා පහළ බැස තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 777000කි. නාමල් ඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 42750ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 9785කි. පන්නල්ගම ජල ධාරිතාවය අක්කර අඩි 27600කි. දැනට ඇත්තේ අක්කර අඩි 6036කි. අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35950කි. දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526කි. එක්ගල්ඔය ජල මට්ටම අක්කර අඩි 22500 කි. දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 6410කි. පල්ලන්ඔය ජල මට්ටම අක්කර අඩි 93000කි.
(ජයන්ති වැව)
(ඉඟිනියාගල)
(පන්නල්ගම)
(නාමල්ඔය)
(අම්බලන්ඔය)
(එක්ගල්ඔය)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූප ටික නම් හරිම ලස්සනයි (නි)
පරිසරය,ගහකොළ, වනසතුන් රැකගනිමු. කැළෑබද ප්‍රදේශ වල ජනාවාස, නගරාසන්නයට ගෙන ආවොත් හොඳයි. රජය මෙයට විසදුමක් ඉක්මනින් සෙවිය යුතුයි (නි)
ඉක්මණින් වැසි ලැබේවා! (නි)
මේ සියල්ල ඩී.එස්. සේනානායක මැතිතුමන් රටට දායාද කළ සම්පත් නොවේද? (නි)
ලස්සන ජලාශ ටික. දැන් රොන් මඩ ටික ඉවත්කළා නම් වටිනවා (නි)
මේ ඡායාරූප බැලූවිට හොඳට පෙනෙනවා අපේ වැව් කොපමණ දුරට මඩවලින් පිරිලද කියලා. මේ වැව් වල සඳහන් පරිමාවන් ඒවා හැදූ කාලේ ඒවා මිස දැනට පවතින පරිමාවන් නොවේ. (නි)
මොනවද මේ අක්කර අඩි කියන්නෙ? දන්න කෙනෙක් කියනවද? (ස)
පෙරේරා, අක්කර අඩි යනු අඩියක් උසට ජලය පිර වූ විට වටවන වර්ගඵලයයි (නි)
ලංකාව ගොඩක් ලස්සන රටක්. හැබැයි පාලනය කරන මිනිස්සු තමයි ඒකෙ ලස්සන නැති කරන්නේ. (ස)
ඩී.එස්. සේනානායක මහතා සහ ඩර්ලි සේනානායක මහත්වරු නැවත ඉපදී අපගේ දේශපාලකයින්ට දේශපාලන දැනුමක් දෙත්වා! (නි)
බලන්න මේ රටේ ලස්සන. මිනිසුන් විසින් විනාශකර ඇත්තේ මෙවැනි සුන්දර රටක් නේද? (නි)
ඉඩෝරය ගැන හිතන් නැතුව මේ ෆොටෝ ටික බැලුවොත් ඇහැට හරිම ප්‍රියයි. (ස)
මේවා තමයි මට ඇති ජාතික ධනය (අ)