පළාත් සභා වෙත බලතල පැවරීමට මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා උතුරු පළාතේ ගැටළු රැසක් මතු වී ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසුවේය.
“ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය යටතේ පවතින තුරු ඉඩම් ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකියි.මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීමෙන් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතියි.“යැයි ඔහු කීය.
යාපන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති හමුවකදී ඔහු මේ බව කීවේය.
උතුරේ නැවත පදිංචි වූවන්ගේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභා වෙතට පැවරී ඇති කාර්යන් සිදු කිරීමට යාමේදී නිලධාරීන්ට විසඳාගත නොහැකි ගැටළු රැසක් මතු වී ඇති බවටත් එහිදී ජනතාවට අවශ්‍ය වන ආකාරයට සෘජු තීරණයන් ගැනීමට හැකියාවක් හෝ බලයක් පළාත් සභාවට නොමැති බවත් හේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා එන්නට පෙර මේවා අගේට කලේ, අය දැන් බැරි.(හේ)
මෙච්චර කාලයක් ලංකාව ඉඩම් බලතල කාටවත් දීලා නැති බව දන්නේ නැති කෙනෙක්.(හේ)
ඉඩම් බලතල නැතුව උතුරේ මොනවත් කරන්න බැරි නම් රටේ අනිත් පළාත්වලටත් මුකුත් කරන්න බැරුව ඇති නේ? මොන බොරු කතාවක්ද මේ.(හේ)
තමුන්නාන්සේලාට ඉඩම් බලතල නැතිව කිසිවක් කරන්න බැහැ අපිට ඉඩම් බලතල ඇතිවත් උතුරු නැගෙනහිරට යාගන්න බැහැ . කිසිම දවසක ජනමත විචරිමකින් තොරව ඔය බලතල නම් නොපැවරිය යුතුයි.යමෙක් හොර රහසේ වත් එය පවරයි නම් ඔවුන් පොදුජන ද්‍රෝහියෝ යි. (හේ)
එ්කනේ කියන්නේ අනේ, හරිම පවු. ඔය ඉල්ලන දෙයක් දීලා දාන්න අනේ. (නි)
චන්දන - ඕස්ට්‍රේලියා ලියා තිබෙන දේවල ඇතුළත අදහසයි පිටත අදහසයි දෙකම තේරෙනවා. රා කාරයා කිරි ගෙනිච්චත් වැරදි විදිහටයි මිනිසුන්ට පෙනෙන්නේ (නි)
මගේ අදහස නම්, මේ අය මේ කියන කිසිදෙයක් නොදිය යුතුයි. අපි අපේ අනිත් පළාත් වලට දෙන දේ මේවාටත් දිය යුතුයි. (නි)
පළාත් සබා සියල්ලම විසුරුවා මධ්‍යම රජය විසින් සියලු පාලන කටයුතු කළයුතුයි. ලංකාව කියන්නේ පොඩි රටක්. මේ වගේ රටකට පාර්ලිමේන්තුවේ 225ක් ඉඳලත් තව පළාත් සබාත් ඕනෑද? මොවන් නඩත්තු කරන්නෙත් මහජනතාව. (නි)
විග්නේශ්වරන්ටත් තියෙන්නේ පුදුම ප්‍රශ්න. එයට බලය නැතුව මොකුත් කරන්න බැහැ. එයාට ඕනෑ ඊළම. වෙන මුකුත් නොවෙයි. (නි)
ඔය පලාබබාගේ සූප්පුව බිම වැටිලා. කවුරු හරි හෝදලා කටේ ගහන්න. එත කොට නාඩා ඉඳීවි. (බ)
අපේ රටේ අනෙක් පළාත් සභා වල ඉඩම් බලතල නැතිවත්, පොලිස් බලතල නැතුවත් අපුරුවට වැඩ කෙරන්නේ. දැන් පළාත් සබාත් විසුරුවල එ්ත් වැඩ කෙරෙනවනේ යම් තාක් දුරකට හෝ (බ)
ඉඩම් බලතල ලැබිලා පොලිස් බලතල ලැබුනම තව ටික දවසකින් මුදල් සම්බන්ධ බලතලත් ඉල්ලනවා ෂුවර්. ඊට පස්සේ නිකම්ම ඊළම. (නි)
ඉඩම් බලතල දෙනතුරු කිසි වැඩක් කරන්න බැරි නම් නිකන් ඉන්න. අපේ පළාත්වල වැඩ කෙරෙනවා. (නි)
ගණන් දන්නා නෝනා මහත්වරුනි, රටේ ඉඩම් ප්‍රමාණයෙන් 2/5 වර්ග මීටර් කොපමණදැයි ගණන් බලන්න. එම ඉඩම් ප්‍රමාණය එම පළාත්වල ඉන්න දෙමළ ජනයාගෙන් බෙදා බලන්න කෙනෙකුට කොපමණ ඉඩම් ප්‍රමාණයක් වෙන් වෙනවද කියා. (නි)
හොඳට කියවලා බලන්න. හැමෝම මෙය හරිහැටි කියවා තේරුම් නොගෙන ඇති වගයි පෙනෙන්නේ. (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
ඇයි ඉඩම් බලතල විතරක් ඉල්ලන්නෙ. (නි)
ඉඩම් බලතලම ඕනද වැඩක් කරන්න (ම)
මෙපමණ කාලයක් කිසිම ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ කොළඹ ඉඳල එහෙට පැනල ජාතිබේද අවුස්සනවා යුද්දෙන් බැටකාපු මිනිස්සු නිදහසේ හුස්ම ගන්න හැදුව විතරයි මේ පන්දම අතට අරගෙන අහිංසක මිනිස්සුන්ට කටක් අරින්න බැහැ බයේ ඇයි තාමත් කොටි හෙවනැලි මුන් එක්ක (බ)
මේ අය හදන්නේ යුද්දෙන් දිනාගන්න බැරිවුන දේ වක්‍රව ගන්න. පළාත් සභා ක්රමයම විකාරයක්. අපේ රටට ගැලපෙන්නේ නැති බව එදා විතක්ෂණ බුද්ධිය සහිත දේශපලකොයෝ කිව්වා. අවාසනාවට කවුරුත් ගණන් ගත්තේ නැහැ. දැන් නැති ප්‍රශ්න ඇතිවෙලා.(හේ)
ඉඩම් බලතල විතරක් නෙමෙයි, පොලිස් බලතලත් ඉල්ලනවා. පසුව විදේශයන් සමඟ මුදල් ගනුදෙනු බලය ඉල්ලනවා. ඊටපසු වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. ඉබේම ඊළම ලැබෙනවා. (නි)
පළාත් සභා වෙත ඉඩම් බලතල දුන්නොත්, හමුදාවට අයිති ඉඩම් ටිකත් අරගෙන හමුදාවත් පන්නලදායි.(හේ)
අනිල් පළාත් සභාවලට නැති ප්‍රශ්න නේ මෙයාට තියෙන්නේ ඉඩම් බලතල දුන්නා කියන්නේ ඉතින් හරි තමයි. (හේ)
අනෙක් පළාත්වල ඒ සියලු වැඩ කරන්නේ ඉඩම් බලතල ඇතුව නෙවේ එහෙනම් ඒ අය කරන විදිහටම එයාලටත් කරගන්න කියන්න මොකද උතුර කියන්නේ වෙනම දුපතක් නෙවේ (හේ)