කොළඹ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර හිමිකම් විමර්ශන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව අල්ලස් කොමිසම කියයි.

වෛද්‍යවරයකුට අයත් ඉඩමක වැඩිපුර ඇති ඉඩම් කොටසක් නිත්‍යනුකූල කරදීම සඳහා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී අල්ලස් ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.