ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
අසනීප තත්වයෙන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලැබූ ගුණවර්ධන මහතා පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂක ජයග්‍රහණය කරවීම සඳහා පැමිණි මුල්ම සාමාජිකයන් අතර ඔහුද එක් අයෙකි.
1947 මාර්තු 6 වැනිදා උපත ලද ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. 2014 වසරේ මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් සිට ඉන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ලෙස පත්කරගැනීමේ සටනට පිවිසීමෙන් පසු බිහිවූ නව රජයේ ඇමැතිවරයකු ද වූ ගුණවර්ධන මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
සරල පුද්ගලයකු වන ගුණවර්ධන මහතා බොහෝ අවස්ථාවල පාවහන් පැළැඳුවේ ද නැත.
(මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුඅපේක්ෂකයාව සිටිය දී ඔහුට සහාය පළ කරමින් සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ නායකයෝ 40 දෙනෙක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයයේ දී ගිවිසුමක් අත්සන් කළහ. පහතින් පළ වනුයේ එදින ගත් ඡායාරූපයි.)
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්-ඩුබායි, ඩුබායි ඉන්න නිසා දන්නේ නැද්ද දන්නෙත් නැහැ. ඉස්සර තෙල් බැරලයක මිල ඩොලර 70-80 තිබුනේ, යහපාලන ආණ්ඩුව ආව කාලේ 50 වුණා. ඒකයි අඩුකළේ. දැන් ඩොලර් 30යි. හරිනම් දැන් රුපියල් 60-70ක් වෙන්නයි ඕනෑ තෙල් ලීටරයක්. ගෑස් වුණත් එහෙමයි. දැන් ලෝකේ ගෑස් මිල බාගෙට බාගයක් අඩුයි. පක්ෂ බේදයෙන් අන්ධනොවී බුද්ධිමත්ව සිතා බලන්න. (නි)
ඔබට නිවන් සුව! (ර)
ඔබට නිවන්සුව. (ර)
වාසි පැත්තට මෙයත් පැන්න නේ (බ)
නිර්බිත තීරණ ගත්ත මනුස්සයෙක් රට වෙනුවෙන් , නිවන් සුව පතමි.! (ර)
ඔබට නිවන්සුව.! (ර)
අපිව නිදහස් කර දෙන්න නිර්බිතව ඉදිරියට ආ ඔබට නිවන්සුව අත් වේවා.! (ර)
සම්පත් ගම්පහ. ඔබ හරි. අද වෙනකොට පෙට්රෝල් ලීටර් එක රුපියල් 120 ගානට ගන්නේ මෙවැනි විරවරුන්ට පිං සිද්ධ වෙන්නයි. (ර)
මම හිතන්නේ මෙතුමා අවංකවම රටේ ව්‍යුහය වෙනස් කරන්නට උත්සාහ ගත් අයෙක්. (නි)
රෝසි ඊළඟට පර්ලිමේන්තු යන්න ඕනේ. (ර)
රට රැක ගන්න නිර්බිතව ඉදිරියට ආ ඔබ ගැන මට හරි ආඩම්බරයි. ඔබට නිවන් සුව.! (ර)
තිලක් දැන් හරි ගාන වෙන්න ඕනේ රු 50 ,ලෝක වෙළඳපොලේ බොරතෙල් ඩොලර් 28 එත් යහපාලන ආණ්ඩුව ජනතාවට ඒ සහනේ කවදා දෙයිද ,හැම දාම මහින්දට බැන බැන හිටියාම මේ පාලනෙත් අපිට හරියන් නැති එක නම් ෂුවර්. (ර)
මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තවමත් අගය කරන කෙනෙක්. නමුත් මෙතුමා ඔහුගෙන් වෙන්වුණේ නැගෙනහිරට පැරෂුට් කරපු තව කෙනෙක් නිසා මේ දෙදෙනා අතර මතභේදයක් ඇතිවුණ නිසා බව ඒ කාලයේ මාධ්‍ය වලින් දැක්කා. ඒක එහෙම නොවුණා නම් හොඳයි. මොකද මේ දෙදෙනාම රටට ආදරය ඇති අය නිසා. අන්තිමේදී ගුණවර්ධන මහතා කළකිරෙන්න ඇති (නි)
තිලක් ඩුබායි, හොද සැසඳීමක්. ඔයා ඔය කියන ඒ කාලේ සහ මේ කාලේ බොරතෙල් මිල ගණනුත් සසඳලා අපිට කියන්නකෝ. (නි)
රුපියල් 3000 ගණන් දීල ගෑස් සිලින්ඩර් එක ගත්තු යුගය දැන් අපේ මිනිසුන්න්ට අමතක වෙලා.මේ වෙනකොට හිටියනම් රුපියල් 5000 ගානේ දීලයි ගන්න වෙන්නේ. (ර)
මේ මිනිස්සු මැරෙන්නේ කරපු වරදේ තරම දැන් අැස්පනාපිට පෙනෙන නිසා පසුතැවිලි වෙලා. හාමුදුරුවන්ට වුණෙත් ඒකම තමා, (බ)
ඔබට නිවන්සුව. (ර)
ඇමතිතුමනි ඔබට නිවන්සුව. (ර)
මෙතන ඉන්න ගොඩ දෙනකුට වෙන්නේ සෙනරත් කියපු දේ තමා. (බ)
හොඳ මිනිස්සු කොහොමත් ඉක්මනට නැතිවෙනවා. හොරු ඉතුරු වෙනවා. (නි)
තෙල් මිල අඩු කරන්න එපා. ඒ වගේ දේවල් රටේ මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ටික දවසක් යද්දී අහයි මොනවද ආණ්ඩුව කළේ කියලා (නි)
යහපාලනය ගේන්න කොටන් ඇද්දාට මෙතුමාට ආණ්ඩුවෙන් පෙරහැරේ ඉස්සරහම තැනක් නම් දුන්නේ නැහැ. ඉස්සරහට ගත්තේ පරණ හොරුන්වමනේ. සෝභිත හාමුදුරුවෝ වගේ මෙතුමාත් මොන තරම් කලකිරුනාද දන්නේ නැහැ මේ වගේ ලෙඩ වෙන්න. මොනවා වුනත් අවමංගල්‍ය නම් ඉහළින්ම කරාවි සෝභිත හිමියන්ට කළා වගේ. ලකුණු ටිකක් දාගන්න පුළුවන්නේ. (බ)
තිලක් ඩුබායි කියන්නේ ඇත්ත. අපේ කට්ටියට මතක නැහැ. බෝම්බයට බයේ එලියට බහින්න බැරුව හිටි බව අමතක වුන අයනේ අපේ ඉන්නේ. (බ)
කට්ටිය පොලිමේ යනවා. රට ජාතියට වින කරන උන්ට වැඩි ආයුෂ නැහැ මොනා වුණත් අපි නිවන් සුව පතනවා (බ)
මම නිදහස් පක්ෂයේ කෙනෙක් නිසා ඔබතුමාගේ වැඩපිළිවල ගැන කලකිරීමෙන් හිටියේ. එ්ත් ඔබතුමා මම දැකපු ගොඩක් නිහතමානී දේශපාලකයෙක්. ඔබ තුමාට නිවන්සුව අත්වේවා (බ)
තවත් පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අදාහන උත්සවයක් ඔබට නිවන් සුව (ම)
රෝසි පාර්ලිමේන්තුවට තේරෙයි ඊළඟට (ම)
පිටකොන්දක් තිබු රටට අවංකවම ලැදි ඔබ මියගියත් ජීවත්ව ඉන්න සමහර දේශපාලකයන්ට වඩා ජීවමානය. ඔබට නිවන් සුව ලැබේවා...! (බ)
උප්පත්තියා සහේවේදන් මරනං ආගතං සදා (බ)
අහෝ දුකයි ඔබට නිවන් සුව ! (බ)
ආණ්ඩුවේ ඉස්පිරිතාල මහජනතාවට විතරද? (බ)
මනුස්සයෙක් නිසා ශෝකය ප්‍රතික්ෂේප කරනවා (බ)
යහපාලනය ගෙන එන්න සෝබිත හිමි සමග ගත් උත්සාහ සියල්ලෝ දනිති නිවන් සුව පතමි (බ)
ඔබට නිවන් සුව..(බ)
ඔබට නිවන් සුව .(ම)
ඔබතුමාට නිවන් සුව ලැබේවා...(ම)
දැන් බලමු අපේ සිංහල බෞද්ධ උත්තමයන්ගේ කොමෙන්ට්ස් ටික කොච්චර සංවර ද කියල. කී දෙනෙක් පාට සහ පක්ෂ කන්නාඩි දාගෙන කොමෙන්ට්ස් දාවිද බලමු..(බ)
ඔබට නිවන්සුව පතමි (ම)
නිවන් සුව පතමු ..(බ)
නිවන් සුව !! (බ)
අනේ මන්ද. සිංගප්පුරු ඉස්පිරිතාලෙට ගිය කිසි කෙනෙක් පණපිටින් ආවේනම් නෑ. (බ)
යහපාලනයටත් අනිච්චාවත සංඛාරා (බ)
කණගාටුදායක ආරංචියක් (නි)
ඔබ තුමාට නිවන් සුව පතමි.! (ර)
නිවන්සුව ලැබේවා.! (ර)
ඔබට නිවන්සුව.! (ර)
සුරංගට මතක නැතිවුනාද ඒ කාලේදී එක මහත්තයෙක් ආපහු ගෙනාවේ සේරම මතක නැති වෙලා . දැන් නම් ඉතින් හැමෝටම එය ගැන මතක නැති ගානට ඉන්නේ. (ර)
මම මෙතුමා ගැන හොඳට දන්නවා මම කන්තලේ වැඩ කරන කාලෙදි ,හරිම නිහතමානී චරිතයක් අඩුම තරමේ සෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ .මෙතුමාගේ දරුවන් ගමන් යන්නේ කොච්චි, බස් වල. ඒ වගේම තමා මෙතුමා වාහන පිරිවරාගෙන යන කෙනෙක් නෙවේ .එක වාහනයක් විතරයි තියෙන්නේ .මෙහෙම මිනිස්සු දිහා පාට කණ්නාඩි ගෙන බලන්න එපා .කව්රුත් මිනිස්සු ඔක්කොම මැරෙනවා. කරපු හොඳ විතයි ඉතිරි වෙන්නේ. (ර)
ඔබට නිවන්සුව පතමි. (ර)
ඔබට නිවන් සුව පතමි.! (ර)
අපිටත් කණගාටුයි. ඒත් ඇත්තට මුහුණදෙන්න ඕනෑ (නි)
ඔබට නිවන්සුව අත් වේවා.! (ර)