IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉංග්‍රීසි රණ්ඩු නම් බේරන්න බෑ

2016-05-12-ent-54මහනුවර පැත්තෙ ජනාකීර්ණ පෙදෙසක ටෙලි නාට්‍යයක් රෑගත කරනවලු. වැහිබර දවසක් වූ නිසා අහස පැහැබර වෙනතුරු ටික වෙලාවක් බලා සිටි කණ්ඩායම ඔන්න දර්ශනය සඳහා සියල්ල ලැහැස්ති කරගත්තලු. ප්‍රධාන නළු නිළි යුවල හිදිසියේ මහමඟ මුණගැසී කරන කතාබහක් රූපගත කරන්න නියමිතව තිබෙන්නෙ.

කැමරාව සක්‍රීය කරනවාත් සමඟම ඒ ස්ථානය අසල විශාල කාල ගෝට්ටියක් ඇහෙනවලු. අධ්‍යක්ෂකවරයාගේ මූණ රතු වෙන්නට පටන් ගත්තලු.

"ඔය ඔතන සද්දෙ අඩු කරල දෙන්න බැරිද මේ සීන් එක ගන්න. ගිහිං බලනවකො කවුද කෑ ගහන්නෙ කියලා," ඔහු සහායකට කිව්වා. ඒ තරුණ කොලු ගැටයා ශබ්දය ඇසෙන තැනට ගොස් ආපහු ආවට සද්දෙ නම් අඩු වුණේ නැහැලු. අධ්‍යක්ෂකවරයාගේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න බව කට්ටිය දැන ගත්තලු. ඔහු ප්‍රධාන සහාය අධ්‍යක්ෂකට කතා කළා.

"මොකද්ද මේකෙ තේරුම. මෙච්චර වෙලා ලයිට් එක හරියනකං හිටියා දැන් වෙන මඟුලක්. කාව හරි යවලා අර සද්දෙ නවත්තන්න කියනවකො."කණ්ඩායමේ තවත් දෙතුන්දෙනෙක් ශබ්දය ආ දෙසට ගිහිං ආවලු.

"අම්මෝ ඕවා නවත්තන්න අපට බැහැ."

"ඇයි මොකෝ බැරි." අධ්‍යක්ෂක අහනවා.

"කවුදෝ මිනිස්සු දෙන්නෙක් අර කඩේ ඇතුළෙ ලොකු රණ්ඩුවක්, තව ටිකකින් ගහගන්න සයිස් එකට."

"ඉතිං මෙතන ෂූටිං එකක් කියලා අර රණ්ඩුව නවත්තනවකො."

"පිස්සු කතා කරන්න එපා. ඒ දෙන්නා රණ්ඩු වෙන්නෙ ඉංග්‍රීසියෙන් බර බර වචන දාලා. ඒ මැද්දට පැනලා ඒවා බේරන්න අපි දන්න ඉංග්‍රීසි මදි."

 

DESHAYA



අදහස් (0)

ඉංග්‍රීසි රණ්ඩු නම් බේරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 750 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site