ඉංගිරිය නාකන්දලම පාලම අසල දී එම් වයි ධනුෂ්ක තරුණයා පොලිස් ජිප් රියට යට වී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පොලිසියේ තිදෙනා හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා විසින් අද ඇප මත මුදා හරිනු ලැබූහ.
විමල් චන්ද්‍රසේකර, රවීන්ද්‍ර ලක්මාල් බණ්ඩාර හා පුෂ්පකුමාර පෙරේරා එම තිදෙනාය.
මිය ගිය ධනුෂ්කගේ පියාට රුපියල් 25000ක් ද, තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාගේ පියාට රුපියල් දස දහසක ද සානුකම්පිත දීමනාවක් ඔවුහු අධිකරණයේ දී ගෙවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්කගේ පියාට රුපියල් 25000 ක්? තරුණ ජීවිතයක වටිනාකම මෙයද? මනුස්ස ජීවිතයට ගිය කලක්! (නි)
ජීවිතයක සාධාරණ වටිනාකමක් මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පියාට ගෙවන්න තරම් පොලිසිය කාරුණික වීම කොපමණ දෙයක්ද? අධිකරණයේ තීන්දුව එනතුරු මොවුන් සැකකරුවන් පමණක් වන නිසා "යට කළා" නොව "යට වුණා" කියා හිතා ගනිමු. (නි)
පුදුමයි ඉක්මනට ඇප ලැබිලානේ. (නදී)
වැරදි කරන රාජ්‍ය සේවකයන් විශේෂයෙන් පොලිස් නිලදාරීන් සියලු චෝදනා සහතික කරගත් පසු බ්ලෑක් ලිස්ට් කරන්න ඕනේ නැවතත් රාජ්‍ය සේවයට බැදෙන්න බැරිවෙන්න එහෙම කරලා සියලුම මාද්‍ය මගින් ප්‍රසිද්ද කල යුතුයි (දී)