ඉංගිරිය සමුපකාර සමිතිය අසලදී තරුණයකු පොලිස් ජිප් රියට යටවී මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන් විමල් , කොස්තාපල් වරුන් වන බණ්ඩාර හා පෙරේරා, හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පොලිස් ජිප් රිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. රත්නායක මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මිය ගිය ධනුෂ්ක විජිත කුමාර (24) තරුණයාගේ කෙස් පොලිස් කැබ් රියේ රෝදවල තිබී සොයාගත් බවයි.
මියගිය තරුණයා හා බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටින අනෙක් තරුණයා ගමන් කළ යතුරු පැදිය පොලිස් ජිප් රියට යටවෙනු දුටු කුඩා දරුවකු සාක්කි දී ඇත.
ජිප් රිය ‘යූ’ හැරවුමක් ගසද්දී යතුරු පැදිය ඊට යටවූ බව එම දරුවා කියා ඇත. සමූපකාරයේ පොලිස් සටහන් පොතේ පිටු කිහිපයක් කඩා ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකුවට අනුන්ට නම් කියයි. පොලිස්කාරයින්ටත් අනතුරක් වලක්වා ගන්නට බැරිද (නදී)
කොහොමත් පොලිසිය නඩුව ගොනු කරන්නේ තමන්ගේ කට්ටිය නිදහස් වෙන්න. සමහරවිට තරුණයාගේ අවතාරේ ඇවිත් කෙස් ටික ජීප් එකේ ඇලෙව්වා කියල ඔප්පු නොවුනත් පුදුම වෙන්න එපා. (නදී)