IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ්

ඉංගිරිය සමුපකාර සමිතිය අසලදී තරුණයකු පොලිස් ජිප් රියට යටවී මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන් විමල් , කොස්තාපල් වරුන් වන බණ්ඩාර හා පෙරේරා, හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

පොලිස් ජිප් රිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. රත්නායක මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මිය ගිය ධනුෂ්ක විජිත කුමාර (24) තරුණයාගේ කෙස් පොලිස් කැබ් රියේ රෝදවල තිබී සොයාගත් බවයි.

මියගිය තරුණයා හා බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටින අනෙක් තරුණයා ගමන් කළ යතුරු පැදිය පොලිස් ජිප් රියට යටවෙනු දුටු කුඩා දරුවකු සාක්කි දී ඇත.

ජිප් රිය ‘යූ’ හැරවුමක් ගසද්දී යතුරු පැදිය ඊට යටවූ බව එම දරුවා කියා ඇත. සමූපකාරයේ පොලිස් සටහන් පොතේ පිටු කිහිපයක් කඩා ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

 



අදහස් (0)

ඉංගිරිය පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ්

මාලි Thursday, 11 September 2014 01:35 PM

මහ ලොකුවට අනුන්ට නම් කියයි. පොලිස්කාරයින්ටත් අනතුරක් වලක්වා ගන්නට බැරිද (නදී)

:       0       0

සඳුනි Thursday, 11 September 2014 04:13 PM

කොහොමත් පොලිසිය නඩුව ගොනු කරන්නේ තමන්ගේ කට්ටිය නිදහස් වෙන්න. සමහරවිට තරුණයාගේ අවතාරේ ඇවිත් කෙස් ටික ජීප් එකේ ඇලෙව්වා කියල ඔප්පු නොවුනත් පුදුම වෙන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site