(නිමාලි කහවල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය, බෝධිනාගල කුලී කාමරයකට පැමිණි කාන්තාවකගේ ගෙල කපා ඇය සමග ආ පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ වනවිට හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, 48 හැවිරිදි පිරිමි පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේත්, 43 හැවිරිදි කාන්තාව ඉංගිරියට නුදුරු පෝරුවදණ්ඩ, පනංගලවත්ත ප්‍රදේශයේත් පදිංචිකාරියකි.
අනියම් ඇසුරක් මත සිදුවූ ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවට සැකකරන අතර, ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd