ඉංගිරියේ දී පසුගිය 10 වැනි දා පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් හැපීමෙන් තරුණයකු මියගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය වසන් කළැයි ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර අද සිට මාන්කුලම් වෙත මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඉදිරියේ දී විනය සංග්‍රහය යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා බව ද ඔහු රෝහණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් වැඩ තහනමට ලක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබ් එකක්නේ ඉතින් හැප්පුනේ තේරෙන්නේ නැද්ද කියක් හරි ගන්න ඇති ,ඔක්කොමලා ඔහොම තමා (නදී)
ස්ථාන මාරු නොකර, මේවාට ඇයි විනය පරීක්ෂණ නොකරන්නේ? (නි)
වැරදි කරන හැම පොලිස්කාරයාම මාරුකරනවා. ලැබිච්ච දඬුවමක් ගැන නම් අහල නැ. අනේ මන්දා (නදී)
පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම් නොකර ස්ථාන මාරුවක් කල එකනම් ලංකාවේ සැවොම එකතු වෙලා පැසසුමට ලක්කලයුතු මහඟු තීරණයක්. අපි හැමෝම දන්නවනේ ඉසේ කැක්කුමට හොඳම බෙහෙත කොට්ටේ මාරු කිරීම කියල. (ස)
ඉංගිරියේ ඕඅයිසී සුරා සුදුවෙන් තොර කෙනෙක් කියල අපිට ආරංචි .. කොහොම වෙතත් වැරදි වැඩක් කලානම් විදවන්න වෙනවා ... ඉංගිරියේ තිබුන හොර කසිප්පු නම් අද 90% ක් විතර අඩු වෙලා.. ඉදිරියට එන කෙනත් එක පවත්වාගෙන යයි කියල හිතෙනවා.. ජනතාවට සේවයක් කරන කෙනෙක් මෙහෙට එවන්න (දී)
මාරු කරලා මොකටද. ආයෙත් කරන්නේ ඕකම නේද. ගෙදරම යවන්න (නදී)
පව් අනේ එයා ගෙදර යවන්න එපා (නදී)