සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති එම්. අශ්රෆ් හයිඩායි මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්විණි.
මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව තානාපතිවරයා විසින් අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බවද සඳහන් කළේය.
එමෙන්ම දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව වැඩි අවධානයක් යොමු කෙරිණි.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.
කලාපීය රටවල් වශයෙන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද මෙහිදී අමාත්‍යවරිය අදහස් දක්මින් පැවසීය.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් වැඩි දෙනෙක් මම හිතන විදියට මත්ද්‍රව්‍ය මෙහාට ගෙනාපු අය විය යුතුයි. ඒත් ලංකාවේ අය ඇෆ්ගනිස්ථානු හිර ගෙවල් ඉන්නවද කියල සැකයි.
අර්ජුන මහේන්ද්‍රන් දැන් ඉන්නේ එහේද?
ඕකෙන් වෙන්නේ මත් ද්‍රව්‍ය ගෙනාපු ඇෆ්ගන් කාරයෝ ඒ රටවල් වලට බාර දෙන එක ඊට පස්සේ ඒ අපරාද කාරයෝ සුළු දඩුවම් වලින් නිදහස් වේවි. ඇෆ්ගන් වල ඔපියම් මහා පරිමානෙන් වවනවා ඒක ඕන පොඩි එකෙක් දන්නා දෙයක්. ඔපියම් තමා ඇෆ්ගන් වල ප්‍රදාන අදායම් මාර්ගය. මේවට ඒ රටවල අනුග්‍රහය නොඅඩුව ලැබෙනවා. ලංකාවේ ආණ්ඩුව මරු රටවල් තමා ලං කරගන්නේ.
අර්ජුන එහේ එනවා නම් මෙහෙම ගිවිසුමක් අත්සන් කරන්නෑ නැහැ........
ඇයි සිංගප්පූරු කලාපිය රටක් නොවේද? ජනතාව මුලා කරන්න නැතුව, පුළුවන් නං, සිංගපුරු ඇමරිකාව සමග ගිවිසුම් ගහන්න.
පිටරට සිර කරුවන් ඒ රටවල් වලට බාර දෙන්න අපේ කට්ටිය එවන්න අවශ්‍ය නැහැ කියන්න. අපේ රටේ නිතිය දරුණු අපරාද කාරයින්ට හොඳ මදි ඒ නිසා පුලුවන්නම් තෙල් නැව් දෙක තුනක් නොමිලේ එවන්න කියන්න.