ඉතාලියේ ලෙච්චේ නගරයේ ජීවත් වන ලාංකිකයන් දෙදෙනකු ලෙච්චේ නගරයේ සාන්තරෝසා හි තම නිවසේ සොරකමක් සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගොවි ගෙදරක සේවය කරන ඇෆ්ගනිස්ථාන ජාතිකයන් දෙදෙනකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් විය.
පොලීසිය අරක්කැමියකු වන ඇෆ්ගන් ජාතිකයාගේ (34) මුලුතැන් ගෙට යාබද ගබඩාවෙන් රතු පැහැති පාර්සලයක් සොයා ගත්තේය.
බ්‍රේස්ලට් 13ක්, මාල 7ක්, කරාබු ජෝඩු 14ක්, වළලු 11ක්, තැලි තුනක් එහි විය. නමුත් බ්‍රේස්ලට් දෙකක් මාල හතරක්, වළලු හතරක් තැල්ලක්, පරිගණකයක් හා ජංගම දුරකථනයක් සහ යුරෝ 1000ක (රුපියල් 167000) අඩුවක් ඇති බව ලාංකිකයෝ කීහ.
19 හැවිරිදි ඇෆ්ගන් ජාතිකයකු පරීක්ෂා කිරීමේදී නැතිවූවයි පැමිණිලි කළ සිම් කාඩ්පත සමග ජංගම දුරකතනය සොයා ගැනීමට හැකිවිය. ඇෆ්ගන් ජාතිකයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ලෙච්චේ පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
අම්මෝ! ඇතෙක් බරට වස්තුව තිබිලා තියෙනවනේ. (නි)
ගාමිණි හරියටම හරි. (නි)
ඇති යන්තම් අපේ කට්ටිය බොහොම කාලයකට පස්සේ විත්තිකරුවන් නොවී පැමිණිලිකරුවන් වුණ එක. (නි)