( සිතුම් චතුරංග)
කිලිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
නිවස ඉදිරිපිට කුඹුරුවලට ජලය රැගෙන යන ඇළමාර්ගයකට වැටීමෙන් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , මරුදනගර් පදිංචි නිශාන්තන් සබීසන් නැමති වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකි.
මියගිය දරුවා තම නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඇළට ගොස් ඇති බවත් දරුවා පිළිබඳ මව විසින් පසුව සොයාබැලීමකදී ඇළ මාර්ගයේ දිය යට තිබී දරුවාගේ සිරුර හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd