මොනරාගල කොළඹ මාර්ගයේ ඇහැලියගොඩ මින්නාන හංදියේ දී ලංගම බසයක් හා යුද හමුදා ටිපර් රථයක් ගැටී බසයේ ගමන් කළ මගීන් 18 දෙනකු හා ටිපර් රියදුරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ඉබ්බාගමුව මඩගල්ලේ දී කහ ඉරෙන් මාරු වෙමින් සිටි දෙදරු මවක වන ඇඟළුම් සේවිකාවක් (24) ලංගම බසයක ගැටී මරණයට පත්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම රියදුරෙක් කහඉරෙන් මාරුවෙන පදිකයන් වෙනුවෙන් මොහොතක් රථය නවත්වන්න කැමති නැහැ. නිතරම බලන්නේ කහඉර ඉතා ඉක්මනින් පාස් කරන්න. පදිකයන්ගේ වාසනාව තිබුනොත් මරණයෙන් බේරෙනවා. (ස)
පොලිසියට කල එලි බහින්න කාලය හරි. (නදී)
අනේ දරුවෝ දෙන්නට මොකද වෙන්නේ. අවුරුදු 24 ක් කියන්නේ මැරෙන වයසකද? මේ නරුම කාලකන්නි ලංගම රියදුරාට මොකද කරන්නේ ? සානුකම්ප්පිතව අැප මත නිදහස් කරනවද? අලියෙක් මැරුණම කෑ ගහන අය මේ ගැනත් කතා කරන්නකෝ. නැත්තම් අපේ මිනිස්සු අනිත් ඔක්කොම සතුන්ට නිදුක් වේවා කියලා මිනිසා නමැති සතාට විතරක් දුකම වේවා රෝගිම වේවා කියලා කියාවි. පුදුම දුකක් දැනෙනවා. (ස)