ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති ව්‍යාපාරික කටයුත්තක් සඳහා යළි නයිජීරියාවට යාමට කළ ඉල්ලීම ගැන තීරණය කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මාර්තු 9 තෙක් කල් තැබීය.
ඔහුට අවසර දෙනවාද නැද්ද යන්න ගැන ආරක්ෂක ලේකම් හා විදේශ අමාත්‍යංශයේ උපදෙස් ගන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට මීට කලින් නියෝග කළේය.
ඇවන්ට්ගාර්ඩ් සභාපති යාපා සේනාධිපතිගේ නීතිඥ දුමින්ද වීරසූරිය මහතා අධිකරණයට දැන්වූයේ අධිකරණයෙන් ලිඛිත නියෝගයක් ඉදිරිපත් කළ යුතු බවයි.
ඔහුගේ නයිජීරියා ගමනට විරුද්ධ බව නීතිපති අධිකරණයට දන්වා ඇත.
ගාල්ල වරායේ ‘මහනුවර‘ නම් යාත්‍රාවේද බණ්ඩාරනායක සමරුහළේ ද අවි ගබඩා කර තිබිණැයි සේනාධිපතිට එරෙහිව රහස් පොලිසිය මේ පැමිණිල්ල ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උපදෙසක් දෙයිද?(හේ)
අනේ මන්ද අපේ රටේ නිතිය ලොක්කන්ට එකකුයි පොඩ්ඩන්ට තව එකකුයිද මන්ද ? (ර)
එදත් අදත් අපේ රටේ නිතිය සහ උසාවිය ලොක්කන්ට එක විදියක්, කුක්කන්ට එක විදියක්. යහපාලනයක බල මහිමය (නදී)
යහපාලන රාමුව තුල ඉදන්වත් සාදාරන නීතියක් නැතිනම් කාට කියන්නද? (නදී)
දේශපාලකයන් ඡන්දෙට කලින් දෙන පොරොන්දු ගැන වැඩි විශ්වාස තබා ගන්නට එපා , එවිට තමා සිත් තැවුල් ඇති වන්නේ (බ)