ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝගයක් නිකුත් කර ඇත.
ගිනි අවි හා උණ්ඩ ගබඩා කර තිබූ කන්ටේනර 22ක් වරායේ බත්තලකින්ද, වරාය භූමියේ තිබූ ගොඩනැගිල්ලක තවත් කන්ටේනර 6 ක අවි සොයාගත් බවද පොලිසිය කියයි. එම කන්ටේනරවලින් නවීනතම අවි 3154 ක් හා උණ්ඩ 745859ක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.
ඇවන් ගාර්ඩ් සමාගම ආරක්ෂක අංශයේ ලියාපදිංචි ආයතනයක් බව එහි සභාපති පැවසීයැයිද ශ්‍රී ලංකාවට යාත්‍රා කරන නැව්වල අවි භාරගැනීමට තම සමාගමට අවසර දී ඇතැයිද එම නැව් ආපසු යන විට එම අවි බාරදෙන බවද සභාපති කියා ඇත. 2010 සිට තම සමාගම මෙම කටයුතු කරන බවත් එයින් ලැබෙන ආදායම ආරක්ෂක හේතු මත හෙළි කළ නොහැකි බවත් පසුගිය දෙවසරේදී උපයාගත් රුපියල් ලක්ෂ 30 ක ආදායම අප සමාගමත් ආරක්ෂක අමාත්‍යංශයත් අතර බෙදා ගත් බවද ඔහු කීවේය.
ඔහු රහස් පොලිසියට අවශ්‍යවන නිසා රටින් පිටවීමට ඉඩ නොදෙන්නැයිද කවර පදනමක් මත ඔවුනට බලපත්‍රය නිකුත් කළේද ලාබ වශයෙන් උපයාගත් මුදල් කවර ගිණුමක තැන්පත් කර ඇතිද යන්න සොයන බව රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන වියදම් කොච්චර යනවා ඇද්ද? අනික මේක පුද්ගලික ආයතනයක්නේ! (නි)
සමහර අදහස් දැක්කහම දුකයි (නි)
අපි බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
සමීරට නම් හොඳටම තරහා ගිහින්!! (නි)
තිලක් -ඩුබායි දනුන දාල එයාල ගහපුවත් හොයන්න ? (නදී)
ඉපයූ ආදායම බෙදාගෙන තිබෙනවා. මෙය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයකි. මෙම අවිගබඩාව වැටලූ අවස්ථාවේ විදේශිකයින් රැකියාව කරන බවද රූපවාහිනියෙන් දුටුවා. (නි)
පුද්ගලික බැංකුවකට හෝ වෙනත් සමාගමකට ආරක්ෂාව සපයන්න රටේ පොලිසියකට බැහැ. ඒකට විසඳුමක් ලෙස පුද්ගලික ආරක්ෂක සේවයකට එම කටයුතු කිරීමට අවසරදීලයි තියෙන්නේ. ඒ වගේම ලංකාවේ නාවික හමුදාවට ලෝකයේ නව සමාගම් වලට විදේශීය නාවික කලාපයක ආරක්ෂාව සපයන්න නීත්‍යානුකූල අවසරයක් නැහැ. මෙයට විසඳුමක් ලෙස පුද්ගලික සමාගමක් නිසි අවසරයක් මත ආරක්ෂක සේවයේ යෙදීම වරදක් වෙන්නේ කෙසේද? (නි)
මොනවා? ආදායම බෙදාගත්තා...?? (නි)
සටන් ක්‍රමවල විවිධ අංශ තිබෙනවා. ඒ වගේම රජයක රහස් කියලා ජාතියකුත් තිබෙනවා, මහජන හිතසුව පිණිස. මෙය මාධ්‍යයට වසන්කළ නීත්‍යානුකූල ව්‍යාපාරයක්. (නි)
සමහර අයට මේවා තේරෙන්නේ නැහැ (නි)
නිම්නි, එකවගේ ගිණුම් වෙන්නේ කොහොමද? නම් දෙකකින්නේ ගිණුම් දෙක තිබෙන්නේ. අනේ නිම්නිගේ ටිකිරි මොළය! (නි)
සෝමාලි කොල්ලකරුවන්ගෙන් වෙළඳ නැව් බේරාගන්න සටන්කරන සී මාර්ෂල්වරුන් සපයන්න කලින් හිටියේ ඇමෙරිකන් හෝ යුරෝපීය සමාගම් පමණයි. 2009 පසු ඔය බිස්නස් එකට ලංකාවත් බැහැලා දැන් ඉදිරියෙන්ම වගේ ඉන්නේ අපේ අය බව ඕනෑම නාවිකයෙක් දන්නා දෙයක්. දේශපාලන මඩගැහිල්ලට ලංකාවට විදේශීය මුදල් ගෙනෙන, අපේ අයට රැකියා ගෙනෙන මේ වගේ අවස්ථාවක් නැතිකරන එක මෝඩ වැඩක්. (නි)
ඉන්න කට්ටිය පැරදිලා ගියාම අළුත් අය එයාලගේ කුණු අවුස්සනවා. ඕකට මම නම් කියන්නේ ගන්ධ දේශපාලනය කියලා (නි)
සියල්ලන්ගේම ගිණුම් පරීක්ෂා කරන්න ඕනෑ. දැන් සමහරු අයථා මාර්ග වලින් හම්බකරගත් දේවල් වෙනත් අයගේ නමට තැන්පත් කර හෝ හරවලා කියලා ආරංචියි. (නි)
දින 100 ම මේ වැඩේට යයිද දන්නෙ නැහැ (නි)
මෙයාලා ලක්ෂ ගණන් පඩි ගත්තේ මහන්සියෙන් වැඩකරලානේ.කාට වුණත් මොකද හරියනවා නම්. අපේ රටේම කට්ටියනේ. (නි)
අවශ්‍යම කට්ටිය පැනලා ඉවරයි. (නි)
මම නම් මේ දේවල් වලට කිසිමදෙයක් කියන්නේ නැහැ. වෙනදේ බලාගෙන ඉන්නවා (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
පටු දේශපාලන වාසි තකා ලංකාවට අාදායමක් එන මේ වගේ දේවල් නැතිකරගන්න දඟලන එක වැරදියි නේද? කරන දෙයක් හොයලා බලලා කරනවා නම් තමයි හොඳ. නිකං මඩ ගහනකොට මඩ අතෙත් ගෑවෙනවනෙ. (නි)
මේකත් මිලේනියම් සිද්ධිය වගේ එකක්ද? (නි)
සමීර, ඔයාගේ දැනුම කියලා වැඩක් නැහැ. හැම එකටම බොරුවට කඩේ යන්න අදහස් දාන්න එපා. (නි)
තිලක්, ඔයා කඩේ යන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. පළමුව මේ ආයතනය මොකක්ද මේකෙන් මොනවද වෙන්නේ කියලා හොයන්න (නි)
වසර දෙකට ලක්ෂ තිහද ? මහ ජනතාව මෝඩයන් විදිහට හිතන්න ගිය අයට පහුගිය දවස්වල දුන්න පාඩම් අමතකද? (නදී)
අබේපාල අර තැප්‍රෝබේන් ගිණුම 'සේව් හම්බන්තොට' එක වගේමයි. (නදී)
විධිමත්ව ,නීත්‍යානුකූල ,ජාත්‍යන්තර එකඟතා අනුව කටයුතු කරන, අපේ රටට විදේශ විනිමය ගෙනෙන,අපේම අයට රක්ෂා ලැබෙන ව්‍යාපාරයක් නම් ලෙඩ අදින්නේ මොකටද? (නි)
මේකෙන් ලංකාවට අාදායමක් එන්නේ නැහැ. ලංකාවේ හමුදාව ඉදිරියට දාල කිහිප දෙනෙක් කෝටි ප්‍රකෝටිපතියන් වෙලා. රජයට ලැබෙන අාදායම නැති කරපු එක විතරයි මේකෙන් උනේ. (නදී)
මිලේනියම් කියල අදහස් දාන්නේ බත් කන කට්ටිය නෙමෙයි. (නදී)
වෙලේ සුදා කුඩු කිලෝ 1000 ක් ලංකාවට ගෙනාවා කියල පාපෝච්චාරණය කරලා තිබුනා. මිනිසුනේ, නිකම්ම කුඩු ලංකාවට ගොඩ බෑවේ නැහැ. කට්ටියගේ ගිණුම් වලට නියම වෙලාවේදී, නියම මුදල, හිඟයක් නැතිව, විශ්වාසයෙන් යුතුව වැඩේ කරගෙන ගියා. ගිණුමට කෝටි ප්‍රකෝටි ගණනින් වැටෙනවා නම් කුඩු නෙමෙයි ඕනෑම බඩ ජරාවක් ගේන්න පුළුවන් යුගයක් පසු කරගෙන ඇවිත් අපි ඉන්නේ. එ්කයි ඇත්ත. (නදී)
මිලේනියම් වාර්තාව ගැනත් අපි දැනගන්න කැමතියි. (නි)
ලංකාවට කුඩු ගෙන ඒම, පාවෙන අවි ගබඩා ගැන සෙවීමට ජවිපෙට සහ ජෙනරල් ෆොන්සේකාට බාර දෙන්න. මුදල් බෙදුන ආකාරය ලස්සනට හොයල දේවි. (නදී)
කට්ටිය ෂිෂෙල් වලින් ඉඩම් ගත්ත කියන කතාව එහෙනම් බොරුවක් නෙමෙයි. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු. (නදී)
මේකේ මාසෙට ලක්ෂ ගණනින් පඩිගන්න අයත් ඉන්න බව ආරංචියි. මේක ලාබය අඩුවෙන් පෙන්වන්න කළ වැඩක් කියලයි හිතෙන්නේ (නි)
සමහර අයට මේවා සොයන කොට ගොඩක් දුකයි වගේ (නදී)
යන්න දිලානි යන්න, මනස්ගාත කියවන්නේ නැතුව.(නදී)
රාමන් විකාර කියවයි. (නදී)
චාමර ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. අලුත් ආණ්ඩුව ඒ ගැන බලා ගනීවී. (නදී)
අවුරුදු දෙකට ලක්ෂ 30 යි. එනම් ඩොලර් 30000 යි. මාසෙකට ඩොලර් 1500 ක හරිම කුඩා ව්‍යාපාරයක්. ඔන්න අපි බයියෝ නම් විශ්වාස කරනවා. (නදී)
කරුණාකර සෙලින්කෝ එකට කරා වගේ ඔයගොල්ලෝ ආවෙන් ගාර්ඩ් එකට කරන්න එපා, (අ)
රටේ හැම තැනම එක්කෝ කුඩු එක්කෝ ආයුද. (නදී)
තවත් මිලේනියම් සිටි සිද්ධියක්ද ? (නදී)
අවියක් හෝ කුඩු ග්‍රෑම් 5 ක් තියන් හිටියත් අසරණයෙක් නම් ජිවිත කාලෙටම බරපතල වැඩ ඇතිව හිරේ යවන්න පුළුවන්.එත්.....(අ)
මිනීමරු ප්‍රබාකරන්ලා 35 දෙනෙකුට,අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් පසු ගිය අවුරුදු 4-5 තුලදී රටට කලා කියන්නේ නිකම්ම නෙමෙයි. (අ)
අවුරුදු 2 ආදායම ලක්ෂ 30,, පිස්සු නම් ෂෝක් ලු !!!!!!!!! ඒ කන්ටිනේර් වලට කුලියම වෙයි ඊටත් වඩා!!!!! (අ)
බලනකොට ඔක්කොම එකයි (නි)
මේකත් දෙවැනි මිලේනියම් සිද්දියක් තමයි. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක ආයුද තියෙන එක අහන්න දෙයක්ද? අද ස්වර්නවාහිනි මුල් පිටුව වහල කොටි වෙබ් එක ඇරල මොකක්ද මේ කරන්න හදන්නේ? රටේ ආරක්ෂක තොරතුරු සියල්ල පිටට දෙන්නෙ තව පාරක් පාවා දීමකට නෙවෙයිද? (නදී)
මේ සිද්ධිය ගැන හොඳින් සොයාබලන්න (නි)
ඕක සමහරුන්ට තේරෙන්නේ නැහැ. නැව් වලට ආයුධ ගෙනයාම තහනම්. ඒවාට අවසර පත්‍රයක් තිබෙනවා. (නි)
අහල පහල මිනිසුන්ව අල්ලලා බේරේවි. මේ පැත්තක ඉඳන් වැඩේ කර ගෙන ගිය අයනේ. කෝ මේ බිස්නස් එකේ මහා උන්දැලා ටික ? (නදී)
මේක මිලේනියම් සිද්දියක් නොවේ. රජයට ලැබිය යුතු ආදායම දෙගොල්ලක් බෙදාගෙන. (නදී)
මිලේනියම් සිටි අංක 02 වගෙයි පෙනෙන්නේ. අද පත්තරේ දන්වීමක් දක්කා ඇවන් ගාර්ඩ් එකෙන් දාපු. දැන් මේකේ වැඩ කරපු අයගේ ජීවිත අනතුරේ නේද? (නදී)
කෝප් එකත් ඔය ගැන සෙව්වා. ඒ ගොල්ලත් දන්නවා ඔතන හොරයක් නැති බව. අපරාදේ අපේ කොල්ලෝ ලංකාවට මාසෙකට ඩොලර් මිලියන පනහක් සොයා ගත්තා එකත් නැති උනා (නදී)
මේක විදේශ විනිමය එන හොඳ වැඩක්. (නදී)
සමහර අදහස් දැක්කහම දුකයි (නදී)
ලාංකිකයන්ට හොඳ ආදායමක් ලැබෙන ලාංකිකයන්ට විශාල ප්‍රමාණයක් රැකියා දීල තිබෙන හොඳ ආයතනයක් ගෙන යන ඇවන් ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ආයතනයේ දක්ෂ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට මහතාට ශුබ පතමු. මේක විදේශ විනිමය එන හොඳ වැඩක්. (නදී)
මිලේනියම් සිද්ධියේ දෙවැනි කොටස (නදී)
මෙහි අදහස් දාපු බහුතරයක් දන්නේ නැතිව ඇති ව්‍යාපාරයක් හරහා මුල් කාලවලම විශාල ආදායමක් ලබාගන්න බැහැ කියලා. මෙම සමාගම තමා ලෝකයේ ප්‍රබලම, දක්ෂම කණ්ඩායම. ලංකාවේ කොඩියක් දැක්කත් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් බයේ පලායනවා. මෙතන ඉන්න කීබෝඩ් වීරයෝ මේ ටික නොදන්නවා නම් කිසි දෙයක් නොලියා ඉන්න. (නදී)
මෙහෙමයි - උපයපු ආදායම දෙගොල්ල බෙදාගෙන තියෙනවා. රජයට මොකුත් නැහැ. මේ ගොල්ලන්ගේ ඇවන් ගාඩ් සභාපති, හිටපු ලේකම්, බලගතු නඩු කාරයා ඇතුළු බැංකු ගිණුම් නෝනලගේත් එක්ක චෙක් කරලා බලන්න (නදී)
අතුරුදහන් වෙච්ච ආයුධ මහා කන්දරාව කෝ? කොහොම හරි හොයා ගන්න (නදී)
රංගන ඔබ හරියට හරි අද සිංහල පුවත් පතක තිබෙනවා පාවෙන අවි ගබඩාවකින් සෝමාලි කොල්ලකරුවන් මැඩ පැවත්වූ බවක් (නදී)
තිලක් දන්නා දෙයක් කතා කතා කරන්න (නදී)
මිලේනියම් කියල අදහස් දාන්නේ බත් කන කට්ටිය නෙමෙයි. (නදී)
මොකද සෝමාලි කොල්ල කල්ලිය ඇවිල්ල අවෙන්ට් ගාර්ඩ් කට්ටියට වෙඩි තියල යනවද? මේවා ජාතික අපරාද, සම්මන්ත්‍රණ ශාලාව ආයුද ගබඩාවක්. නාවික හමුදාවක් රටට මොකටද? පිස්සු කෙලින එකේ සීමාවක් තියනවා. (නදී)
රාමන් දැන් කට්ටිය ඉන්නේ යහපාලනයෙන් චූන් වෙලා (නදී)
ෂා ශීලාගේ දැනුම කියල වැඩක් නැහැ (නදී)
මේ ඔක්කොම ඡන්දෙකට ලැහැස්ති වෙනවා වගේ. දින 100 ඉවර වෙන කොට මේ වගේ ප්‍රතිපල එයි. (නදී)
මෙම අායතන සිවිල් අාරක්ෂක ව්‍යාපාර වන බැවින් මිලේනියම් සිද්දිය විදියට හිතන්න එපා. මෙයාල කරන්නේ කුලියට අාරක්ෂකයින් ලබාදීම. රජයේ නිලලත් බලකායක් නොවෙයි. (නදී)
මේක වසර 2කට උපයපු මුදල ලක්ෂ 30 ක් කියන කතාව පිළිගන්න පුලුවන්ද? (නි)