
( නිශාන්ත කුමාර)
ඇල්ල පොලිස් ස්ථානයට පසුපසින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට අද (25) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු ගිනි තබා ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රදේශවාසීන් යුද හමුදාව හා බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇතුළු පිරිස් එක්ව මේ වන විට ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගිනි තැබීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකුද ඇල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත .ගින්න දිගින් දිගටම පැතිර ගියහොත් ඇල්ල දෙමෝදර දුම්රිය මාර්ගය දක්වාම ගින්න පැතිර යෑමට ඉඩ ඇති බව ගිනි නිවීමේ නිරත පිරිස් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් මේවාට තියෙන්නේ සුළු දඬුවම්….