IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇල්ප්ස් ගුවන් අනතුර නියමුවකුගේ වැඩක්

මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 150 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 24 වැනිදා ප්‍රංශයේ ඇල්ප්ස් කදුකර ප්‍රදේශයට කඩා වැටුණු ජර්මනියේ ජර්මන්වින්ග්ස් ගුවන්සේවයට අයත් යානය අනතුරට පත්වීම හා එහි ප්‍රධාන නියමු තැනගේ ක්‍රියාකාරම් අතර සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන තොරතුරු මේ වන විට අනාවරණයව තිබේ.

ඇල්ප්ස් කදුකරය පුරා විසිර තිබූ සුන්බුන් අතරින් සොයාගත් යානයේ කලූපෙට්ටිය පරීක්ෂණයට ලක්කර ඇති විශේෂඥයින් පවසන ආකාරයට යානයේ ප්‍රධාන නියමුවා වූ ඇන්ඩ්‍රියාස් ලූබිට්ස් තම දෙවන නියමුවා නියමු කුටියෙන් පිටතට ගිය අවස්ථාවක කුටියේ දොර වසා දමා යානය පහළට යොමුකරවා එය විනාශය කරා ගෙන ගොස් ඇත.

දෙවැනි නියමුවා වසා ඇති නියමු කුටියේ දොරට ගසනුත්, එය විවෘත කරන්නැයි ඉල්ලා සිටිනුත් කලූපෙට්ටියේ හඩ පටයේ පටිගතව තිබේ.ප්‍රධාන නියමු ලූබිට්ස් එම අවස්ථාවේ කිසියම් අනතුරකට මුහුණදී සිටින්නට ඇතැයි සැකයක් මතුවිය හැකිවුවද විශේෂඥයින් එය බැහැර කර තිඛෙන්නේ දෙවන නියමු තැන දොරට ගසන මුලූ කාලය පුරාවටම ප්‍රධාන නියමු ලූබිට්ස් හුස්ම ගන්නා ශබ්දයද හඩ පටයේ පටිගතව තිබීම නිසාය.

පටයේ අවසාන තත්ත්පර කිහිපය යානයේ මගීන්ගේ විලාපයන්ගෙන් පිරී යන අතර මහත් ශබ්දයක් සමග සියල්ල නිහඩ වේ.

නියමිත උසින් ගමන් කරමින් තිබූ ගුවන්යානය එසේ පහළට යොමුකරවීමට නම් කිසිවෙකුගේ හෝ මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යවීමද යානය විනාශය හා නියමු ලූබිට්ස් අතර සම්බන්ධය තවදුරටත් ස්ථීර කරන්නකි.විශේෂඥයින් අනුමාන කරන ආකාරයට ඔහු යානය අඩි 100 උසින්,එනම් යානය පියාසර කරවිය හැකි අවම උසින් පියාසර කරවන පරිදි යානයේ ස්වයංකී්‍රය නියමුවා සකසා ඇත.

ඇන්ඩේ‍රයාස් ලූබිට්ස් ඉතාම පළපුරුදු ගුවන්නියමුවෙකි.ඔහු පියාසර පැය 6000 ක් සම්පූර්ණ කර තිඛෙන්නෙකු බවද සදහන්ය.

නමුත් ඔහු මානසික ව්‍යාධියකට ලක්ව සිටි බවට තොරතුරු ලූබිට්ස්ගේ වතගොත සොයාබලමින් සිටින පරීක්ෂකයින්ට මේ වන විට සොයාගැනීමට හැකිව තිබේ.එම තොරතුරු වලට අනුව එක් වරක් ඔහු වසර කිහිපයක් ගුවන්යානා පියාසර කරවීම් වලින් ඉවත්ව විවේක සුවයෙන් කාලය ගතකරද තිබේ.

ලූබිට්ස්ගේ සුදුසුකම් ගැන කිසිදු තර්කයක් නැතත් ඔහුගේ මානසික තත්ත්වය හරිහැටි නිශ්චය කරගැනීමට තමන් අපොහොසත්වීම මෙම අනතුරට මුල වී යැයි ජර්මන්වින්ග්ස් ගුවන්සේවයේ මව් සමාගම වන ජර්මනියේ ලූෆ්තාන්සා සමාගමේ පාලනාධිකාරිය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඉදිරියේදී මෙවන් අනතුරු සිදුනොවීමට තම සමාගම අවැසි පියවර ගන්නා බවද එම ප්‍රකාශයේ සදහන් වේ.

ලූබිට්ස් සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් කි්‍රයාත්මක අතර ඔහුගේ නිවසේ තිබූ පරිගණකයක් හා ලැප්ටොප් පරිගණක කිහිපයක් තම භාරයට ගැනීමට පරීක්ෂකයින් කටයුතු කර ඇත.ලූබිට්ස් හට කවර ගැටලූවක් තිබුණේදැයි ඉදිරියේදී නිශ්චිතවම දැනගැනීමට හැකිවනු ඇත.

මෙම අනතුරු හා සමග නියමු කුටියේ ආරක්ෂාව තර කිරීමට වෙනත් ගුවන්සේවා සමාගම් විවිධ පියවරයන් ගනු දැකගත හැකිය.දැනටමත් ගුවන්යානා සමාගම් කිහිපයක් නියමු කුටියේ අවම වශයෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුවත් අනිවාර්යයෙන් සිටිය යුතුයැයි නිීතියක් හදුන්වාදීමට කටයුතු කරමින් සිටී.



අදහස් (0)

ඇල්ප්ස් ගුවන් අනතුර නියමුවකුගේ වැඩක්

නන්දලාල් ප්‍රංශය Friday, 27 March 2015 08:03 AM

28 හැවිරිදි උප නියමුවාට (co - pilot) යානයේ පාලනය භාරදී ප්‍රධාන නියමුවා (pilot ) පාලන කුටියෙන් (cockpit ) පිටතට ගොස් ඇත. ආපසු කුටියට ඇතුළුවීමට ඔහු සංඥා කලත් කුටියේ සිටි ඇන්ඩේ‍රයාස් ලූබිට්ස් ආරක්ෂක දොර හැර නැත. ඒ අතර යානය ඉතා වේගයෙන් පහල බැසීමට පටන්ගෙන, අවසානයේ ඇල්ප්ස් කඳු වල හැපී මෙම අනතුර සිදුවී තිබේ. මෙහි නීතිපති වරයාගේ තීරණය අනුව උප නියමුවා මෙම අනතුර හිතාමතාම කර තිබෙන බවට කළු පෙට්ටියෙන් ලැබුන දත්ත අනුව නිගමනය කර ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site