ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු එකසිය නවයක නඩු තීන්දු ලබා දීම සිකුරාදා (12) ඇල්පිටිය මහේස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් සිදුකෙරිණි. එම අධිකරණයේ එක් දිනකදී ලබා දුන් වැඩිම නඩු තීන්දු ප‍්‍රමාණය එය බව පැවසේ.
ඇල්පිටිය, පිටිගල, ඌරගස්මංහන්දිය, කරන්දෙණිය, සහ බද්දේගම පොලිස් ස්ථාන වලින් පවරා තිබූ ගෙවල් බිඳුම්, මංකොල්ල කෑම්, පහරදීම්, සොරකම් සහ රථ වාහන නඩු ඒ අතර විය.
අවුරුදු දහයකටත් වඩා පැරණි නඩු ද එහිදී විභාග කෙරුණු අතර නඩු විසි තුනක විත්තිකරුවන් වරදකරුවන් කළ මහේස්ත‍්‍රාත්වරයා ඇඟිලි සලකුණු වාර්තා කැඳවා ඔවුන්ට දඬුවම් ලබා දීම දෙසැම්බර් 29 දිනට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නඩු තීන්දු එකක්වත් අසාධාරන නඩු තීන්දු නොවේවා.(හේ)
මෙන්න මේ වගේ නඩුකාරයෝ තමයි ඉදිරියේදී අග්‍ර විනිශ්චය කාරයන් විය යුත්තේ.(හේ)
හොදට හිතන්න. වැඩිපුර තීන්දු දුන් පමණින් නඩු අවසන් නොවේ. එනිසා මෙලෙසම දිගටම කරගෙන යාමට හැකි වේවා.l(හේ)
හදිස්සියට පැමිණිලි කාරයොත් හිරේ ගිහින්ද බලන්න.! (නදී)
මෙම සැකකරුවන් සහ වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිටිනා කළු කෝට් කරුවන් මේ වගේ නඩු ඉක්මනින් ඇසිම කැමති වන දෙයක් නොවේ (බ)
අනේ පව් කළු කෝට් මහත්තුරුන්ට බඩේ පාර. මේ නඩු ටික ඇදගෙන ගියානම් තව කොච්චර ගානක් හොයා ගන්න පුලුවන්ද.(නදී)