කඩුවෙල කොතලාවල විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටියදී දෑස් නොපනී අන්ධ විද්‍යාලයට ඇතුළත් වූ කඩුවෙල හර්ෂ නිලුපුල් නයනප්‍රිය බ්‍රේල් ක්‍රමයට අපොස සාමාන්‍ය පෙළට ලියා උසස් ලෙස මෙලෙස විභාගය සමත් විය.
ඉතිහාසය විෂයයට බී සාමාර්ථයක්ද, සිංහල, ආගම, කෘෂිකර්මය, පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්ට සී සාමාර්ථද ගණිතය, සංගීත විෂයයට එස් සාමාර්ථයක්ද ලබා ඔහු මෙම දස්කම් පෙන්වීය.
ඔහුගේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ක්‍රමයට ඉගෙන ගනිමින් සිට ස්නායු ආබාධයක් නිසා එක්වරම අන්ධවීමෙන් පසු වසර දෙකක් ඇතුළත බ්‍රේල් ක්‍රමයෙන් උගෙන මෙම ප්‍රතිඵලය පෙන්වීමයි.
තම පුතුගේ දස්කම් පිළිබඳව ලංකාදීපයට අදහස් දැක්වූ මවවන නිලූකා සුභාෂිණී මහත්මිය මෙසේ පැවසුවාය.
‘මගේ පුතාගේ ඇස් පොඩි කාලේ හොඳට පෙනුණා. පොඩි ආබාධයක් තිබුණත් කණ්ණාඩි දැමූ විට හරියාවි යැයි වෛද්‍යවරුන් පැවසුවා. වම් ඇහැ පේන්නේ නැහැ. පුතා අට වසරේදී අපට කිව්වා. අපි දරුවා ඇස් වාට්ටුවට රැගෙන ගියා. වම් ඇසේ සිවිය ගැලවී ඇති බව වෛද්‍යවරුන් පැවසුවා. මෙය ස්නායු ආබාධයක් නිසා සිවියත් බද්ධ කළ නොහැකි බවත් වෛද්‍යවරුන් කිව්වා. අනතුරුව දරුවා රත්මලාන අන්ධ විදුහලට ඇතුළු කළා. දරුවාගේ වම් ඇස දැන් සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා. දකුණු ඇසෙන් ඡායාවක් පමණක් පෙනෙනවා. එම තත්ත්වයන් ඉදිරියේදී අහිමි වේවි යැයි වෛද්‍යවරුන් කියනවා.‘
තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ හර්ෂ නිලුපුල් මෙසේ පැවසීය.
‘මම හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. ඇස් දෙක පේන්නේ නැති වුණත් එය ඉගෙනුමට බාධාවක් කරගත්තේ නැහැ. මම ක්‍රීඩා අංශයෙනුත් ඉදිරියට ගිහින් තියෙනවා. චෙස් ක්‍රීඩාවෙනුත් මම ශූරතාවය දිනා ගත්තා. මගේ ඇස් පෙන්නේ නැති වුණාට මට අතරමග නවතින්න බැහැ. හොඳට ඉගෙන ගන්න ඕනෑ. මගේ ඉගෙනීම හොඳින් කරගන්න ලැප්ටොප් පරිගණකයක් සහ බ්‍රේල් ටයිප් රයිටරයක් ලැබුණොත් ලොකු පිනක්‘
රත්මලාන අන්ධ විද්‍යාලයේ විදුහල්පතිනී සන්ධ්‍යා කොන්දුරුආරච්චි මහත්මිය මෙසේ කීවාය.
‘මෙම දරුවා අපේ විද්‍යාලයට ඇතුළත් කරනවිට අපිටත් ලොකු අභියෝගයක් වුණා. සාමාන්‍ය ක්‍රමයට උගත් ඔහු බ්‍රේල් ක්‍රමයට වසර දෙකක් ඇතුළත හුරු කිරීම එම අභියෝගයයි. ඒ සඳහා දරුවාගේ කැපවීම මෙන්ම ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසුන්ගේ සහයෝගය බලපෑවා. සමහර දිනවලට මමත් දරුවන් සමග රෑ 12 පමණ වනතුරු පාඩම් කරනවා. දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය මම කළා. මේ දරුවා ලැබූ ප්‍රතිඵලය ගැන මට හරිම සතුටුයි‘
වැඩි විස්තර සඳහා ඔහුගේ මව වන සුභාෂිණි පෙරේරා 0766074276 මහත්මියගෙන් හෝ 011 263 42 26/ 077 343 48 86 අංක මගින් රත්මලාන අන්ධ විදුහලේ විදුහල්පතිනි සන්ධ්‍යා කොද්දුරුආරච්චි මහත්මිය දැනගත හැකියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔයාට දෙවිපිහිටෙන් එස් පෙනීම ලැබෙන්න ඕනේ..(ම)
ඉරිය පුතිනි, ඉදිරි කටුතු සාර්ථක කරගැනීමට ශක්තිය දිරිය ලැබේවා (ත)
දෑස නොපෙනුත් පාඩු නෑ (ත)
දිරිය පුතුනි ඔබ අනිකුත් දරුවන්ටද ලොකු ආදර්ශයකි ......ඉගෙනීම මහමෙරක් සේ සලකනු ලබන සෙසු සැමගේම දෑස් විවරවෙවා.(බ)
හරිම සතුටුයි. ඔයාට ජය පතමි! උදව්වක් කරන්නම හිතෙනවා (නි)
අදම කතාකර බලා සල්ලි වලින් උදව්වක් කරනවා. තව පුළුවන් කෙනෙක් උදව් කරන්න පින්සිද්ධ වෙනවා (නි)
ඔබගේ සමාර්ථය දුටු මා නෙත කදුලින් පිරුණා පුතේ..ඒ සතුටු කදුළුයි. මා ඔබට කළ හැකි උදව්වක් කරන්න සුදානම් මොහු හා සම්බන්ධ වීමට හැකි දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් මෙම දරුවාටද., අපටද කරන ලොකු උදව්වකි., කතෘ තුමනි මේ ගැන යමක් බලාපොරොත්තු වෙමි., එසැන කියවන අපේ සොයුරු සොයුරියන් එකතු උනොත් මේ දරුවට දුර ගමනක් යාමට අත්වැලක් විය හැකියි නේද ..? මොකද කියන්නේ ඔයාල කැමතිද..?(බ)
ඇස් වලට බෙහෙත් කරන හොඳ සිංහල වෙද මහත්තයෙක් හොයා ගන්න ඉක්මනටම. දැනටත් ප්‍රමාද නැහැ. සිංහල වෙද කමට ඕවා සුළුදේවල්.(බ)
දැන් තියෙන ලොකු ඇමති මණ්ඩලයෙන් මේ වගේ දරුවන්ට සේවාවක් සපයන එකක් නැතිද? අධ්‍යාපන ඇමති ගේ අවධානයට යොමුවේවා!(දිල්)
පුතේ, ඔබේ ඉගෙනීමේ වැඩකටයුතු වලට මම උදව්වක් කරන්නම්. (නි)
අනේ දෙවියනේ! මට වාවාගන්න බැරිවුණා මේක දැකලා.රත්තරන් පුතේ, ඔයාට වරදින්නේ නැහැ.බුදුසරණයි පුතාට! (නි)
ජා ඇල තුඩැල්ල කිතුරද විදුහලෙන් ඉගෙනගත් අන්ධ සිසුවා මහාචාර්ය කෙනෙක් වුණා. නම වීරක්කොඩි පේරාදෙණිය සරසවියේ සිට දේශන පැවැත්තුවා (බ)
කණගාටුදායක පුවතක් (නි)
මේ දරුවාට තෙරුවන් සරණයි. ඉගෙනීම සාර්ථක වේවා. (දිල්)
සිතට හරිම දුකයි පුතේ.ජයග්‍රහණය ගැන බෙහෙවින් සතුටු වෙනවා. නෙතු පහන් වේවා ! (නි)
රත්මලානේ අන්ධ විද්‍යාලයට අපේ අම්මාගේ උපන් දිනය වෙනුවෙන් දානයක් දුන්නා. එහි සිටි දරුවන්ගේ දක්ෂතා දැකලා මට නම් කඳුළු නවතාගන්න බැරි වුණා. අපි හැම අවුරුද්දකම එහි දරුවන්ට කෑමවේලක් පිරිනමනවා. (නි)
පුතේ ඔයා දුක්වෙන්න එපා ඇස් පෙන්නෑ කියා .ඔබ ලංකාවටම ආඩම්බරයක් පුතේ (ම)
හරිම සතුටුයි. ඔයාට ජය පතමි! (බ)
මම මේ පුතාට උදවු කරන්න කැමතියි. දුරකතන අංකයක් ලබාගන්න ක්‍රමයක් තිබේද? (නි)
පානදුරේ දක්ෂ වෙද මහතෙක් ඉන්නවා (නි)
මම මේ දරුවාව අඳුනනවා. උදව් කරන්න කැමැති කෙනෙක් ඉන්නවනම් මුණ ගස්සවන්න පුළුවන්. (ස)
පින්කම් කියා වැඩකට නැති දේ කරන අයට, හොඳ පින්කමක් කරන්න මෙන්න කදිම අවස්ථාවක්. (නි)
අපේ පුතාට දෙවියන් උපකාර කරාවි. දෙවි පිහිටයි පුතේ! (නි)
රත්මලාන අන්ධ පාසැල අමතා හෝ විස්තර ලබා ගන්න. (ස)
කොහොම හරි හොඳ කරගන්න උත්සහ කරන්න. (නදී)
ජීවිතයට මුහුණදීමට සුදානම් ඔබට සැවොම උපකාර කරාවි. ආශිර්වාද කරාවි. ඔබගේ දෙමාපියන්ගේ කැපවීම හරිම අගෙයි පුතුනි.. ඇහැකණ පෙනෙන අනෙක් ළමයින්ටත් ඔබ ආදර්ශයක්. ආශ්වාදය පමණක් ජීවිතයට එක්කරගත් කාටත් ඔබ ආදර්ශයක්.. (නි)
මල්ලි ඔබගේ ඉගනුම සාර්තක වේවා. බුදු සරණයි. (ස)
ගොඩක් දුකහිතෙන කතාවක්. පව්! (නි)
ඔබට අපේ ආශිර්වාදය තියෙනවා.තෙරුවන් සරණින් සියලු දේ සාර්ථක වේවා! ඔබගේ දෑසින්ම ලෝකය දකින්ට වාසනාව ලැබේවා! (ස)
බ්‍රේල් ගුරුවරයෙක් ලෙස මම ගොඩක් සතුටින් ඉන්නේ පුතාගේ දස්කම් දැකල. පුතාට සහයක් වීමට ලැබීම මගේ වාසනාව. (ස)
ඈන්ගේ කතාවට මාත් එකඟයි. දක්ෂ සිංහල ඇස් වෙද මහත්වරු ඉන්නවා. හාමුදුරුවරුත් ඉන්නවා. එක ඇසක් තවමත් පෙනෙන නිසා තවමත් අවස්ථාව තිබෙන්න පුළුවන්. (නි)
දැක්කම පපුව හොස් ගාල යනවා.ලස්සන කොල්ලා.ඔබට සියලු දෙවිපිහිට ලැබෙවා! (ස)
පිටරටකට ගියා නම් ඕක හොඳකර ගන්න පුළුවන්. බැංකු ගිණුමක් ඇරලා ආධාර එකතු කරගන්න. අපිත් උදව් කරන්නම්. (නි)
පානදුරේ ඇස් වෙදමහතාගේ ප්‍රතිකාර වලට ඔබට සුව වෙනු ඇත. කරුණාකර ඔහු හමුවෙන්න. (ස)
පුතා, ඔබට සුබ අනාගතයක්! (නි)
දයාබර පුතුනි ! ඔබ මේ ලොව දකිනා දිනය වැඩි ඈතක නොවේ ! ඔබ ධෛර්‍යවන්ත පුතෙකි. අපගේ ශරීර අඩුලුහුඩුකම් අපගේ ජීවිත ප්‍රගතියට බාධාවන් නොවන ඔබ සනාථ කර පෙන්වාදී ඇත. චිත්ත ධෛර්‍ය නැතිනම් දෑස් පෙනුනද ඵලක් නැත. ඔබ ගැන අපට තිබෙන්නේ හැඟුම්බර ආඩම්බරයකි. ඔබට ජයෙන් ජය !! ගිණුම් අංකය ලබාදී ඇති හෙයින් ඔබවැනි දක්ෂයෙකුට උපකාර නොකර සිටීම අපට ලැජ්ජාවකි. ලංකාදීප පුවත්පත ඉටුකරන්නේ මාධ්‍ය සේවයකට වඩා පුණ්‍ය කර්මයක්.... ඉතිං වසරේ ජනප්‍රිය පුවත්පත ලෙස පිට පිට සම්මානයන් නොලැබ සිටිය හැක්කේ කෙසේද ? (ස)
පානදුරේ හිරණ දක්ෂ ඇස් වෙද මහත්මයෙක් ඉන්නවා.ඉක්මනට යන්න.ශත 5 ක්වත් මුදල් ගන්නේත් නැහැ.දවසකට ලෙඩ්ඩු 1000 ක් විතර එනවා (නි)
මොහු සම්බන්ධ කර ගැනීමට මගක් කියන්න. (ර)
මට වාවාගන්න බැරිවුණා. අනේ පුතා, ඔබට තෙරුවන් සරණයි! (නි)
සමාවන්න ගිණුම් අංකය කියා ඉහත ලියවුනේ අත්වැරදීමකින්. එය දුරකථන අංක කියා නිවැරැදිවිය යුතියි. (ස)
ජීව්න සටන අප ගෙන යන අයුරු බලා.. සෝක සිතින් ඇඞුවත් අද කඳුළු සලා.. අම්මා තාත්තා මගෙ නෙත් එලිය කලා.. රැකදෙමි ඔබ දෙපල මතුවට දියුණු වෙලා (ස)
මේ ළමය ගැන හරි ආඩම්බරයි .මේ පුවත පලකලාට ලංකාදිපෙට පින් .ඔහුට බොහෝ උපකාර ලැබේ යැයි සිතෙනවා . (ස)
ඉන්දියාවේ ඇපලෝ රෝහලේ හොඳ දොස්තරලා ඉන්නවා,මේ වගේ ලෙඩ හොඳ කරන්න පුලුවන්.(නි)
ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා මල්ලි ඔයාට සුබ පතනවා.(නදී)
ඇස් පෙනීම නැවත ලබා ගන්නටම බැරිද ? කැමතියි උදවු කරන්න. (ස)
බුදුසරණයි පුතේ! (නි)
ඔය දරුවට සනීපවෙයි. දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් (නදී)
ඔබට ජයෙන් ජය වේවා!!! (ම)
ලලිත්, ලොකුගේ, දීපාල් කීවා හරි. පානදුරේ හිරණ පාරේ එකේ කණුව ගාවින් තමයි වෙද ගෙදරට හැරෙන්න ඕනා. එතනට යන්න පුතේ. පුළුවන් දෙයක් මමත් ඔයාට කරන්න ලෑස්තියි ලංකාදීපය මැදිහත් වෙන්න. (නදී)
මෙන්න පරමාදර්ශී සුපිරි- තරුවක්. (ස)
දක්ෂ ඇස් වෙද මහත්මයෙක් ඉන්නවා අනුරාධපුර බුලන්කුලම වැව ආසන්නයේ. අනුරාධපුර දුම්රිය ස්ථානය අසල ඇති ඕනෑම ත්‍රිරෝද රථ රියදුරෙක් දන්නවා ඔහු ඉන්න තැන.දිරිය පුතුණි ඔබ අනික් සිසුනට ආදර්ශයක්.. (ම)
ඉදිරියටම යන්න මල්ලි. ඔයාට කවදාවත්ම වරදින් නැහැ........ (ම)
ඔබට ජය වේවා! (නි)
අංගෝපාංග හොඳින් තියෙන හැම පහසුකමක් තිබෙන, එහෙත් ඈලි මැලී ගතියෙන් කාලය ගත කරන, ඉගෙනීමට මැලි කමක් දක්වන අපේ සමහර දු පුතුන් මෙම දරුවා ආදර්ශයට ගන්න. (ස)
ඇස් පෙනීම ලබා ගන්නට උදව් කරන්න කවුරුහරි ඉදිරිපත් වනාවනම් ලොකු පිනක්. (ස)
මේකේ අදහස් දාලා තියෙන අය කොච්චර හොඳද? අනුන්ගේ දුකේදී දුක්වෙන, පිහිට වෙන අය තවමත් රටේ ඉතුරු වී සිටිනවා. (ස)
මේ ඇස් දෙකට ඇස් දෙකක් බද්ද කරන්න බැරිද?එහෙම කරන්න පුලුවන්නම් ලොකු පිනක්. (ස)
ඔබට බුදු සරණයි පුතා (ස)
ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න කියා මමත් ප්‍රර්තන කරනවා පුතා (නදී)
ඔබට බුදු සරණයි පුතේ! (නි)