ඇඹිලිපිටිය නව නගර සංවර්ධනයේදී නිවසක වැටක් හා තාප්පයක් කැඩී යැයි නගර සභාපති වේවැල්දූවේ ඤාණප්‍රභ හිමියන් ඇතුළු නගර සභාවට එරෙහි නඩුව විභාගයට ගැනීමට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමානායක වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.

පැමිණිලිකරු මහවිතානගේ චන්ද්‍රසේන මහතාය.

ඇඹිලිපිටිය නගර සභාවේ උප සභාපති ලලිත් ගමගේ, නාගරික මන්ත්‍රීවරුන් වන ඕ.වී.සරත් විතාරණ (එජනිස), විජිත ජී.පුංචිහේවා (එජනිස), දිනේෂ් මධුශංක (එජනිස), ලසන්ත සිරිපුර (එජාප), සුමිත් සේනක (එජාප) සහ නාගරික ලේකම් අනුලා වඩුගේ යන අය වගඋත්තරකරුවෝය.