‘‘සියල්ලට ප්‍රථම මිනිස්කම‘‘ තේමාව ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය 14 වැනි වරටත් ඉදිරිපත් කරන සීතල උදුවප් මහේ නත්තල් අසිරිය, සමඟ පසුගියදා ප්‍රථම ස්ථානය ජයගත් ශ්‍රී ලංකාවේ දෙරණ ගී තරුව වූ එම්.ජී ධනුෂ්ක ගී ගයන නත්තල් සංගීත ප්‍රසංගය දෙසැම්බර් මස 21 වැනි ඉරු දින සවස තුනට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ බැනියොලේ අංක 124 හී පිහිටි කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වීමට යයි.
එහිදි ඔහු ඇම් ඇස් ප්‍රනාන්දුගේ බයිලා ද ඉදිරිපත් කිරීමට නියමිතය.
පෘතුගීසි ආගමනයත් සමග ඔවුන්ගේ වැඩ සදහා යොදාගත් අප්‍රිකා කළු ජාතික වහලූන්ගේ එකතුවත් 16 වැනි සියවසේ දි ශ්‍රී ලංකාවේ කපිරිඤ්ඤා සංගීතයේ ආරම්භය ලෙස ඉතිහාසයට එක්වී ඇත. අප්‍රිකා කළු ජාතික රටක් වන සෙනෙගාලයේ ඈත පිටිසර ගමක් බයිලා යනුවෙන් හැඳින්වෙයි. බයිලා ආගමනය ශ්‍රී ලංකාවේ ස්ථාපනය වන්නේ එලෙසය. හැටේ හා හැත්තෑව දශකයේ ලංකාදීපයේ සුපතල වොලී බැස්ටියන් බයිලා පියාගේ ආභාෂයෙන් පරිනාමයවී පසුකල බයිලා චක්‍රවර්ති නමින් හැදින්වු ගායකයන් අතර ඇම් ඇස් ප්‍රනාන්දු ගායකයාට හිමිවුයේ සුවිශේෂි ස්ථානයකි. ඔහුගේ බොහෝ ගීත යන්හි පද රචනා හා සංගීතය ඔහුගේම ස්ව නිර්මාණයෝය. හිටිවන හා වාද බයිලා සදහා ඔහු අති දක්ෂයෙකි. එදා බයිලා ගීතයෙන් සැමගේ සිත පිනවූ ඔහු අපෙන් සදහටම වෙන්වී ගොසිනි. එනමුදු ශ්‍රී ලංකාවේ බයිලා චක්‍රවර්ති ලෙස ජනප්‍රිය ඇම් ඇස් ප්‍රනාන්දුගේ ගී ඇඹිලිපිටියේ එම් ජී ගේ හඬින් මෙදා පැරීසියේදි රස විඳීමට පැරීසියේ රසිකයන්ට අවස්ථාව ලැබී ඇත්තේය.
පැදුරු පාටිය යනු විසිවන සියවසේ සාජ්ජේ මව් පාර්ශවයෙන් පරිනාමය වී නුතන ලෝකයේ වැඩෙමින් පවතී. ඡෝගිය හා බජව් යනු එම පවුලේම සමාඡිකයෝය. පොල්කටු , ටින් බෙලෙක්ක , උණ බට හඬින් ඇරඹුණ සාඡ්ඡේ මැඩ්ලින් එකෝඩියන් හා ඩොල්කි සංගීත ඔස්සේ අද වනවිට ඉලෙක්ට්‍රොනික විජ්ජා හඬ සමග සැදැව, පාටිය , ෆන් එක , සොමිය , රාත්‍රිය ආදි ලෙස ගීත ලෝලින්ගේ හදවතට ඇතුළුවී ඇත්තේය. ධනුෂ්කගේ සංගීත ප්‍රසංඟය ඊට සමීපවෙතියි රසිකයෝ සිතති.
පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන අනර්ග සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් පැරීසියේ එවර් ෂයින් සංගීත කන්ඩායමේ සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් කිරීමට නියමිතය.
https://www.youtube.com/watch?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ චින්තක අනුන්ට කෙල හලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්නවද කරුණා කරලා ඔයාට තාලයකට අත්පුඩියක් වත් ගහන්න පුලුවන්ද ?(අ)
ධනුෂ්ක, හිස් මිනිසුන්ගේ විවේචන ගැරහුම් වලට යටනොවී ඔබේ ගමන ඉවසීමෙන් හා ධෛර්යෙන් ඉදිරියටම යන්න. අටළෝදහම හැමටම පොදුබව නිතර සීතන්න. උතුම්වූ බුදුන්වහන්සේ පෙන්නාදුන් ධර්ම මාර්ගය කෙරෙහි විශ්වායෙන් ජිවිතය ගෙනයන්න එවිට ඔබට උදාවූ පිංවන්ත කාලය තවත් ලස්සන වනු ඇත. (අ)
තමන්ගේ ගීත හදලා කියන්න..ඔබට සුබ පතනවා ධනුෂ්ක.(හේ)
සුබ පැතුම්! (නි)
ගොඩ කලකින් මට ඩාන්ස් එකක් දාන්න ප්‍රසංගයක් එනවා. මම බයිලා වලට හරි කැමතියි අනේ (නි)
චින්තක හරි. යම් තැනකට එන්න අනෙකුත් ගායක ගායිකාවන්ගේ ගීත ගායනය සාධාරණ වුණත් දිගින් දිගටම එසේ කිරීම හරි නැහැ. සමහරු අදාළ ගායකයා ජීවත්ව සිටියදීම අවසර නොගෙන එම ගීත ගායනා කර ආදායම් උපයා ගන්නවා. මෙය ඉතා නොහොබිනා ක්‍රියාවක්. (නි)
චන්ද්‍රයා සූර්යයාගේ ආලෝකය විහිදනවා වගේ වැඩ කරනවාට නම් අපි අකමැතියි (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
එදා බයිලා චක්ක්‍රවර්ති ලෙස පිළිගත් ජනප්‍රිය ගායක එම් එස් ප්‍රනාන්දු, අපෙන් වෙන් වී ගොසින්ය. එත් මේ වන විට ඔහු ගැයූ සමහර පරණ ගී ඇසීමට නොලැබෙන තරම්ය. අද සමහරකට එම් එස් කෙනෙක් ගැන මතකත් නැත. එවැනි අවස්ථාවක එම් ජී දනුස්කගේ ගී හඬ ඇසීම ඇත්තටම ඔහුව සිහිපත් කිරීමකි. දනුෂ්කගේ ගී හඬ එම් එස් ගේ සුමිහිරි හඬ ඇසුවා හා සමානය. එය එම් එස් ප්‍රනාන්දුට කරන උතුම් ගෞරවයකි. (ර)
මෑත කාලයේ ලංකාවෙන් පහල වූ වාසනාමවන්තය මොහුය. පින් බර කොල්ලෙක් රටට යමක් කරන්න ඔබට ශක්තිය ලැබේවා...(හේ)
ඔබ ඔබගේම නිර්මාන බිහිකිරිමෙන් තමන්ගේ අනාගතය හදා ගන්න.(හේ)
හිස් ටින් එකක් වගෙයි අපේ මේ පැරිසියේ ජිවිතේ මල්ලී (නදී)
එම් ජී දනුශ්ක ඔබට කීමට ඇත්තේ එක දෙයකි. ඔබගේම ගීත නිර්මාන බිහිකර ජනතාව අතරට ඇවිත් මුලු ලෝකයම ජයගන්න. අපි සුබ පතනවා. නමුත් එම් එස් ප්‍රනන්දු යනු ශ්‍රී ලංකාවේ සංගීත අඹරේ සදා නොමෙකෙන ගී සලකුනකි. එතුමාගේ ගීත වලින් බඩ පුරවා ගෑනීම ඔබට නොව කිසිම කෙනෙකුට සදාචාරත්මක හිමිකමක් නැත. මෙය තේරුම් ගෙන අලුත් දක්ෂ ගායකයෙකු ලෙස ඉදිරියට එන්න. නැතිනම් වෙන්නෙ මේරටේ අනිත් තරුවලට උනු දේය. ඔවුන් අතරින් එක්කෙනෙක්,දෙන්නෙක් ඇරුනහම අනිත් අය අද කොහේද? (නදී)
තමන්ගේම ගීත ගයන්න මේ කාලයයි. (හේ)