වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඹිලිපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පිළියන්ද පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරමින් සිටි සෝමරත්න විජයමුණි මහතා පත් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇඹිලිපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.
මේ අතර ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න කුලියාපිටිය පොලිසියට මාරු කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද මේ සෝබන වැඩ. (බ)
මොනාද මේ කරන විකාර. අහිංසකයව මරපු මිනිහා ගැන නොබලා උඩ,යට මාරු කර කර ඉන්නවා. (බ)
ඇයි දැන් කුලියාපිටියේ මිනීමැරුම් ඇබෑර්තු තියනවද ? (බ)
යහපාලන විසඳුම (බ)
නීතිය හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් මේ අයටත් පහුගිය ආණ්ඩුවේ අයට වෙච්චි ටිකම තමා වෙන්නේ. අවුරුද්දකට ඔය වගේ දෙකක් තුනක් වුණහම අවුරුදු 5 ට දහයක් පහළොවක් වේවි. එතකොට එය මේ ආණ්ඩුවටත් හොම්බෙන් යන්ට හොඳටම ප්‍රමාණවත්! ඇමැතිවරුන්ට එක නීතියක්, විනිසුරුවරුන්ට තව නීතියක්, පොලිස් ලොක්කන්ට එක නීතියක්, මහජනතාවට තව නීතියක් මේ විදියට ගියොත් තව නොබෝ කලකින් නීතිය බල්ලටම යාවි! රටට දෙයියන්ගේම පිහිටයි! (බ)
නීතිය එකසමානව ක්‍රියාත්මක නොවුනොත් මහජනතාව නීතිය අතට ගනී. එවිට රටට දෙවි පිහිටයි (බ)
මේ යහපාලනෙ නේ ආයිබෝවන් (කෞ)
සෝභිත හිමියනි දැන් අපට ඔබගේ අඩුව දැනේ (කෞ)
හිසරදයට කොට්ට මාරුකරලා හරියනවද? (නි)
රදිෂ්, ලංකාවේ ප්‍රබලයාට හැකිළෙන, දුබලයාට පුප්පන මකුළුදැල් නීතිය ගැන අපි දන්නවා. එහෙත් අඩු සම්පත්,පහසුකම් තියාගෙන ඉටුකළ පොලිසියේ අගය කළයුතු වැඩ හැමෝම අගයනවා. (නි)
ඕකද දඬුවම මිනිහෙක් පොලිසියට දෙන? රතුපස්වල ප්‍රශ්නයට ඇස් උඩ තියාගෙන කටවල් උල්කරගෙන කැගහපු අර රතු කුමාරලා කෝ? මොකද සද්ද නැත්තේ? (නි)
මාරුවක් දීලා විතරක් මේ ප්‍රශ්නය විසඳෙනවද? (නි)