IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටි සිද්ධියට වගකිවයුතු 21ක් හඳුනාගනී

ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුමකින් පසු පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැකි පොලිස් නිලධාරීන් 21 දෙනකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටින බව එම ආරංචි සඳහන් කරයි.

එම පොලිස් නිලධාරීන් මේ සිද්ධියේ දී ගැටුමට හා ගැටුම සම්බන්ධයෙන් සත්‍ය විකෘත්ති කිරීමට යම් යම් ප්‍රමාණවලින් දායක වී ඇති බව ද, ඔවුන්  අත්අඩංගුවට ගැනීම ගැන මරණ පරීක්ෂණයේ තීරණයෙන් පසු පියවරක් ගන්නා බව ද පොලිසිය පවසයි.

ඇඹිලිපිටියේ ගැටුම සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන පවත්වයි.

එම විමර්ශනයේ දී අනාවරණය කර ගත් කරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනවාරි නව වැනි දා සහ අද (18) පොලිස්පතිට දන්වා යවා ඇත.

මේ වන විට සාමාන්‍ය වැසියන් 30 දෙනකුගෙන් ද, පොලිස් නිලධාරීන් 25 දෙනකුගෙන් ද ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

දුරකතන අංක 26ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ඇඹිලිපිටි සිද්ධියට වගකිවයුතු 21ක් හඳුනාගනී

චාමර Tuesday, 19 January 2016 04:43 AM

දැන් රටේ සිද්ධවෙන දේවල් හොඳ දේවල් නෙමෙයි. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 19 January 2016 04:47 AM

දැන් මොන දේ කළත් නැතිවුණ ජීවිතයට නැවත පණදෙන්න පුළුවන්ද? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 19 January 2016 04:42 AM

හඳුනාගෙන විතරක් වැඩක් නැහැ. උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

අනුර Tuesday, 19 January 2016 04:51 AM

වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි. මිනිසුන්ගේ ආරක්ෂාවට ඉන්න අය මෙහෙම නම‍ී තව නීතිය සාධාරනත්වය ගැන කවර කතාද? (නි)

:       0       0

ජයසිරි Tuesday, 19 January 2016 04:46 AM

බුද්ධිමත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බුද්ධියක් තියෙන්න ඕනෑ (ම)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 05:02 AM

බෝතල් දෙකක් ගිය දුර.(ම)

:       0       0

රසින්ත Monday, 18 January 2016 05:15 PM

අගමැතිතුමනි, වහාම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. පොලිසියේ ගෞරවය ඔවුන් රැකගත යුතුයි. මිනිස්කමින් නීතියට අනුව රාජකාරි කරන නිලධාරීනුත් ඉන්නවා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 19 January 2016 01:20 PM

පොලිස්පතිතුමනි, දැන් ක්ෂණිකව කළ යුත්තේ අපරාධය සිදුවූ ස්ථානය ඉදිරි පරීක්ෂණ සඳහා ආරක්ෂා කර තැබීමයි. මෙතෙක් පොලිසිය එම අත්‍යවශ්‍ය පියවර ගෙන නැහැ. (බ)

:       0       0

මුදිත Monday, 18 January 2016 05:21 PM

උසස්වීම් සඳහා නිර්දේශිතයිද? (නි)

:       0       0

ගුණසිරි Monday, 18 January 2016 05:31 PM

මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

රදේ-බර්ලින් Monday, 18 January 2016 07:37 PM

නෑදෑ හිත මිතුරු හැම කෙනෙක්ම සතුටුවන අවස්ථාවක් එදා තිබුණේ. මෙතනට කඩාවැදුණු පොලිස් මහත්වරු ඒ සතුට කාලා ජීවිතයක්ද විනාශ කළා. මේ කැළල මකාගන්න පොලිසියට ලෙහෙසියෙන් බැරිවේවි. පොලිසිය කල්පනා කරන්න ඕනෑ මේ සිදුවීම තමන්ට සිදුවුණා නම් කොහොමද කියලයි. මඟුලක් වූ තැනට අවමඟුලක් සිදුකිරීමේ වගකීම සම්පුර්ණයෙන්ම පොලිසිය භාර ගතයුතුයි. මේ අයව හිසරදයට කොට්ටය මාරුකරනවා වගේ තැන් තැන්වලට මාරු කර කර ඉඳලා හරියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරලා වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 January 2016 10:49 PM

මියගිය තරුණයාට සහ ජීවත්වන ඔහුගේ නෑ හිතවතුන්ට සාධාරනය ඉෂ්ට වේවා යන්න මගේ පැතුමයි! (නි)

:       0       0

බෙනට් Monday, 18 January 2016 11:22 PM

අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

ශශික Tuesday, 19 January 2016 01:45 AM

මේ සිද්ධියේ සිදුවීමටත් වඩා කැළලක් පොලිසියට ඇතිවුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ක්‍රියාකලාපය නිසයි. (නි)

:       0       0

සකුන්තලා Tuesday, 19 January 2016 02:43 AM

යුක්තිය ඉටුවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම රටේ පරමාධිපත්‍යය හිමි ජනතාවගෙන් සත්‍යය සඟවා, බොරු ප්‍රකාශ වගකීමකින් තොරව කළ අයටත් එරෙහිව නිසි පියවර ගන්න. (නි)

:       0       0

නුවන් Tuesday, 19 January 2016 02:53 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මීට වඩා බුද්ධිමත් හැසිරීමක් අපි බලාපොරොත්තු වුණා (නි)

:       0       0

දම්මි Tuesday, 19 January 2016 11:27 AM

අපි බලමු නීතිය සාධාරනද කියලා දැන්ම කියන්න බැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site