ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුමකින් පසු පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැකි පොලිස් නිලධාරීන් 21 දෙනකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටින බව එම ආරංචි සඳහන් කරයි.
එම පොලිස් නිලධාරීන් මේ සිද්ධියේ දී ගැටුමට හා ගැටුම සම්බන්ධයෙන් සත්‍ය විකෘත්ති කිරීමට යම් යම් ප්‍රමාණවලින් දායක වී ඇති බව ද, ඔවුන් අත්අඩංගුවට ගැනීම ගැන මරණ පරීක්ෂණයේ තීරණයෙන් පසු පියවරක් ගන්නා බව ද පොලිසිය පවසයි.
ඇඹිලිපිටියේ ගැටුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන පවත්වයි.
එම විමර්ශනයේ දී අනාවරණය කර ගත් කරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනවාරි නව වැනි දා සහ අද (18) පොලිස්පතිට දන්වා යවා ඇත.
මේ වන විට සාමාන්‍ය වැසියන් 30 දෙනකුගෙන් ද, පොලිස් නිලධාරීන් 25 දෙනකුගෙන් ද ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
දුරකතන අංක 26ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ සිද්ධවෙන දේවල් හොඳ දේවල් නෙමෙයි. (නි)
දැන් මොන දේ කළත් නැතිවුණ ජීවිතයට නැවත පණදෙන්න පුළුවන්ද? (නි)
හඳුනාගෙන විතරක් වැඩක් නැහැ. උපරිම දඬුවම් දෙන්න (නි)
වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි. මිනිසුන්ගේ ආරක්ෂාවට ඉන්න අය මෙහෙම නමී තව නීතිය සාධාරනත්වය ගැන කවර කතාද? (නි)
බුද්ධිමත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බුද්ධියක් තියෙන්න ඕනෑ (ම)
බෝතල් දෙකක් ගිය දුර.(ම)
අගමැතිතුමනි, වහාම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. පොලිසියේ ගෞරවය ඔවුන් රැකගත යුතුයි. මිනිස්කමින් නීතියට අනුව රාජකාරි කරන නිලධාරීනුත් ඉන්නවා. (නි)
පොලිස්පතිතුමනි, දැන් ක්ෂණිකව කළ යුත්තේ අපරාධය සිදුවූ ස්ථානය ඉදිරි පරීක්ෂණ සඳහා ආරක්ෂා කර තැබීමයි. මෙතෙක් පොලිසිය එම අත්‍යවශ්‍ය පියවර ගෙන නැහැ. (බ)
උසස්වීම් සඳහා නිර්දේශිතයිද? (නි)
මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
නෑදෑ හිත මිතුරු හැම කෙනෙක්ම සතුටුවන අවස්ථාවක් එදා තිබුණේ. මෙතනට කඩාවැදුණු පොලිස් මහත්වරු ඒ සතුට කාලා ජීවිතයක්ද විනාශ කළා. මේ කැළල මකාගන්න පොලිසියට ලෙහෙසියෙන් බැරිවේවි. පොලිසිය කල්පනා කරන්න ඕනෑ මේ සිදුවීම තමන්ට සිදුවුණා නම් කොහොමද කියලයි. මඟුලක් වූ තැනට අවමඟුලක් සිදුකිරීමේ වගකීම සම්පුර්ණයෙන්ම පොලිසිය භාර ගතයුතුයි. මේ අයව හිසරදයට කොට්ටය මාරුකරනවා වගේ තැන් තැන්වලට මාරු කර කර ඉඳලා හරියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරලා වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි. (නි)
මියගිය තරුණයාට සහ ජීවත්වන ඔහුගේ නෑ හිතවතුන්ට සාධාරනය ඉෂ්ට වේවා යන්න මගේ පැතුමයි! (නි)
අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
මේ සිද්ධියේ සිදුවීමටත් වඩා කැළලක් පොලිසියට ඇතිවුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ක්‍රියාකලාපය නිසයි. (නි)
යුක්තිය ඉටුවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම රටේ පරමාධිපත්‍යය හිමි ජනතාවගෙන් සත්‍යය සඟවා, බොරු ප්‍රකාශ වගකීමකින් තොරව කළ අයටත් එරෙහිව නිසි පියවර ගන්න. (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මීට වඩා බුද්ධිමත් හැසිරීමක් අපි බලාපොරොත්තු වුණා (නි)
අපි බලමු නීතිය සාධාරනද කියලා දැන්ම කියන්න බැහැ. (ර)