ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට බාර දී ඇත.
පොලිස්පති, රහස් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩයමක් පෙර දින කළ සාකච්ඡාවකින් පසු මෙලෙස රහස් පොලිසියට බාර දුන් බව රහස් පොලිස් ආරංචි කියයි.
තමවත් පිරිසක් කියනුයේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වී ඇති පොලිස් නිලධාරින් බේරා ගැනීමට රහස් පොලිසියට විමර්ශන බාර දී ඇති බවයි.
මුල් අවස්ථාවේ දී රහස් පොලිසියට නොදී සියලු සාක්කි හමු වූ පසු රහස් පොලිසියට දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරදි.
පොලිස් මූලස්ථානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර සාධාරණ සමාජයක් කියපු අයගේ කටවල් වැහිලද දැන්? (නි)
වගකිවයුත්තනි, මේකද යහපාලනය? (නි)
බාල ප්‍රතිචාර කියවන්න ලැබීම අභාගයක්. යන්නේ කොහෙද මල්ලේ පොල්. පොලීසියෙන් විභාගය රහස් පොලීසියට දෙන්නේ තවදුරටත් පොලීසිය සම්බන්ධ නොකරන්න බව තේරුම් ගත යුතුයි. මේ දෙක දෙපාර්තුමේන්තු දෙකක්. වාස් ගුණවර්ධන කොටුකෙරුවෙත් රහස් පොලීසිය බව මතක් කරගත්තොත් හොඳයි (බ)
අනේ මේ පොලොසිය කරන වැඩවලට ආණ්ඩුව ගාව ගන්න එපා. පොලිසිය කරන්නේ ජනතාව රකින එකනේ. (බ)
මොකක්ද මේ කරන්නේ.අගතියට පත් වුණ අයට සාදරණයක් ඇත්තෙම නැද්ද. (අ)
හොරාගේ අම්මගෙන් පෙන බලනවා වගේ වේවිද (අ)
ජනතාව ඉතා හොදින් තේරුම් ගතයුතු යමක් මේ තුල තියෙනවා. ඒ තමයි රජයේ දේශපාලකයන් මොන දේවල් ජනතාවට කීවත් ගැටලු වලදී රාජ්‍ය ආයතන ක්‍රියාකරන ආකාරය ගැන රජය වගකියන්නේ නැති බව. දැන් පොලිස් කොමිසම ක්‍රියාත්මකයි. නමුත් යුක්තිය සදාරණය වෙනුවෙන් මේ වෙනකල් මොනවද කරලා තියෙන්නේ. (ර)
අනේ ඔව් ආණ්ඩුවට මොකුත් කියන්න එපා. (ර)
හැම දේටම පැනල දෙන රන්ජන් කිසිම සද්දයක් නැහැ නේද් ? (අ)
මේ සිද්ධියේදී පොලිසියට සිදුවුණු අපකීර්තිය අසීමිතයි. අපිට නම් පොලිසිය සත පහකට විශ්වාස නැහැ. (නි)
සාමානය මිනිහෙක් යාලට පැනලා මුවෙක් මැරුවා නම් කොහොමද පොලිසියේ කෙරුවාව? මේ මරලා තියෙන්නේ දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් (නි)
සුනිල් රන්ජන්ට මොන හරි කියන්න රාජපක්ෂ වරුන් අතින් විතරයි මොනවා හරි වෙන්න ඕනේ..එක තම දන්නේ නැද්ද..? (අ)
නිතිය වල් වැදේ නම් කළ යුත්තේ එකම දෙයයි .නමුත් එවැනි හැකියාවක් සැමටම නැහැ. පොලිස් පරීක්ෂණවලින් සියල්ල හෙළි වී ඇතිනම් තවත් පරීක්ෂණ කුමටද ? හොඳම විහිලුව මින් මැරුම් චෝදනා ලැබුණු ස්ථාන මාරුවක් දී සේවයේ රඳවා ගැනීම.මහා ලොකු මන්ත්‍රී තුමාලා කෝ.? (අ)
මේක තමයි යහපාලනය කියන්නේ. ඔහොම යමු. රන්ජන් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් අවස්ථාව ආවහම එළියට බහීවි. (නි)
සුනිල්, එයා රඟපෑමේදී වන් ෂොට් මිසක් ඒ ඇත්තට නොවෙයිනේ (නි)