ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයේ සිටි පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිසියේ ඉහළින් බලපෑම් ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව ඉදිරිපත් වී ඇති ප්‍රබල සාක්කියක් යටපත් කිරීමට ද උත්සාහයක් ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගේ වරදක් නැතැයි කියවෙන බාහිර සාක්කි පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය සැරසෙතියි ද දැනගන්නට තිබේ.
මෙම සිද්ධියේ පරික්ෂණ කරන පොලිස් නිලධාරීන්ට පොලිසියේම ඇතැම් අංශවලින් සහයෝගයක් නැතැයි ද, එලෙස වී ඇත්තේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසාදැයි සැකයක් ඇතැයි ද කියති.
ඇඹිලිපිටි සිද්ධියේ විමර්ශන කටයුතු මේ වන විට සාර්ථකව පැවැත්වෙන අතර එය ප්‍රමාද කිරීමට විමර්ශනය ඔවුන්ගෙන් ඉවත් කර රහස් පොලිසියට හෝ වෙනත් පිරිසකට පැවරීම ගැන සාකච්ඡාවක් ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමර්ග පවසයි.
එක්තරා පොලිස් නිලධාරියකු බේරා ගැනීම එහි අරමුණ විය හැකියැයි තතු දත්තෝ කියති.
මේ අතර පොලිස් මූලස්ථානය කියනුයේ උසස් පොලිස් නිලධාරියකු සහකාර පොලිස් අධිකාරීවරයා බේරා ගැනීමට කටයුතු කරන බවට කරන චෝදනා අසත්‍ය බවයි. මාධ්‍යවල පළවන වාර්තා ගැන විමර්ශනයක් කර සත්‍ය තහවුරු කර ගන්නැයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කටින් බතල හිටවන අය. මෙම සිද්ධිය ජිනීවා වලට ගෙන යායුතු කරුණක් වෙන්න පුළුවන්. එනිසා රජය මීට වඩා මේ ගැන උනන්දු වියයුතුයි (නි)
බල්ලට ගිය නීතියක් සහිත අශිෂ්ට සමාජයක මෙවන් දෑ අපි ඉත සිතින් බලාපොරොත්තුව සිටිමු. (බ)
පහුගිය කාලයේ තිබ්බ අවතාර තාම හොල්මන් කරනවා වගේ. (අ)
කරුණාකර මෙම මිනීමැරුම කල හාල්පාරුවන්ට මරණදණ්ඩනය දෙන්න. මොරටුවේ පොලිසියේ ලොක්කන්ට දුන් දඬුවම සේම මේ අයටත් දඬුවම් කලයුතුයි. (අ)
රොෂාන් කුරේ ඔබ සමග එකගවෙනවා. නිතිය අතට ගත්තු නිලධාරීන් ඉන්නවනම් එයාලට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙමනම් කලින් ආණ්ඩුවේ වැරදිත් නිතිය අතට ගත්තු නිලධාරීන් නිසා වුණා කියල හිතන්න පුළුවන් කෙනෙකුට. අනෙක එහෙම වුණෙත් දෙවැනි කාල ධූරයේදී නේ. (බ)
නිතිය සැමට එක හා සමාන වියයුතු පොලිස් වේවා සාමාන්‍ය ජනතාව වේවා දේශපාලකයන් වේවා මේ නියාය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ, අන්න එතකොට තම යහ පාලනයක් බිහිවෙන්නේ, පොලිස් බේරගන්න යම් උසස් කියන නිලධාරියෙක් කටයුතු කරනවානම් නිල ඇදුමට ගලව ගෙදර යන එක තම හොඳ (බ)
රොහාන් ගේ කතාවට මමත් එකගයි. (බ)
අන්ධ, ගොළු, බිහිරි ජනපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කළ අපි ගැන අපිම කනගාටු වන්නෙමු. පරණ ක්‍රමයේ දිගුවක් දැකීමට අපගේ සුනුවිසුනු වූ බලාපොරොත්තුවට සිදුවී ඇතිබව දැන් පැහැදිලිය. ඇඹිලිපිටිය තවත් රතුපස්වලක් වෙලා. මාලබේ පුද්ගලික වෙදවිදුහල අධ්‍යාපනය මුදලට විකුණලා. ඇයි අපි මෙතරම් විශාල අවදානමක් ගනිමින් පාලන වෙනසක් ඇති කළේ. "සිහිනයක්වූ 2015 ජනවාරි 08" (බ)
ජනාධිපතිතුමා තාම මේ වගේ දෙයක් වුණා කියලවත් දන්නේ නැහැලු. (බ)
රොෂාන් කුරේ ඔබගේ අදහස වැරදි මේ කියන අය නිතිය අතට ගත්තු නිසා තම පසුගිය කාලයේ රටේ නීතියක් නොතිබුනේ නමු දැන් ස්වාධීන පොලිස් කොමිසමක් තියනවා එකේ නිසා ජනපතිවරයෙකු හා අගමැතිවරයෙකුට අතා පොවන්න බැහැ, අනික සමහර් අසිකිත නිලදාරීන් නිසා පවතින රජයට හෝ සමස්ත පොලිස් දෙපර්තුමන්තුවට දොස් කියන එක වැරදි. (අ)
මේ දේ කරන්න දෙන්න එපා.(හේ)
ස්වාධින පොලිස් කොමිසමක් ඇති කිරීමෙන් සිදුවුනේ පොලිස් මාෆියාවක් ඇතිවීම පමණයි. අද අපේ රටවසියෙකුගේ ආයුකාලය තීරනය කරන්නේ පොලිසියයි. (හේ)
මේකෙන් වෙන්නේ තවත් අහිංසක මිනිසුන් මරන්න බලපත්‍ර දීමක් ,මේ ගැන අගමැති ජනාධිපති කතා නොකරන්නේ මන්ද. මෙය මහජනතාවට විශාල ප්‍රස්නයක්. (අ)
මට පිළිතුරු දුන්න අය දැන් ලියන්න . (අ)
මේක යට ගැහුවොත් අපි පොල් ගහනවා (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? මට පෙනෙන විදියට ලංකා පොලිසිය නව පොලිස්පතිවරයෙක් යටතේ සම්පූර්ණයෙන් නවීකරණය කරන්න වේවි. (නි)
සිහිනයක්වූ 2015 ජනවාරි 08...! (නි)
නීතියක් නැති රටක මොන දියුණුවක්ද? එංගලන්තය පුහුණු කළයුතු වන්නේ අපේ ශ්‍රේෂ්ඨ හමුදාව නොව මේ නොදියුණු පොලීසියයි (නි)