IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටි පරික්ෂණ වාර්තාව නීතිපතිට

ඇඹිලිපිටිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන අවසන් කර එහි පිටපත වැඩිදුර උපදෙස් පතා  නීතිපතිවරයා වෙත යවා ඇති බවත් උපදෙස් ලද වහාම එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක තිලක්නන්ද මහතා අද (18) ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිල්මිණී විතාරණ මෙනවිය හමුවේ පැවසුවාය.

අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා නිවාඩු නිසා ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය හමුවේ නඩුව කැදවිණි.

ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මේ සම්බන්ධයෙන් සැකපිට   මාස තුන හමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ පසුවෙයි. කුරුවිට බන්ධනාගාරයේ සිට සැකකරු අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා කරුණු දැක්වමින් මරණකරු ඉහළ මහලකින් බිමට පනිනවා දුටු බවට වු සාක්කිය  යටපත් කොට තල්ලූකරන බවට දැක්කායැයි තුන්වන වරට දුන් වැරදි සාක්කියක් මත සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ තබා ගැනීම නීති පද්ධතියටම කැළලක් බවත් අගතියට පත් පාර්ශවය දවල් මිගෙල් රෑ දනියෙල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරිම ඉතා කණගාටුදායක බවත්  ප‍්‍රධාන  මහේස්ත‍්‍රාත්වරිය හමුවේ පැවසුවේය.

පසුගිය ජනවාරි 04 දින රාත‍්‍රී ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලට යාබදව පිහිටි එම ගොඩනැගිල්ලේ අයිතිකරුගේ නිවසේ පැවති දැරියක මල්වරවීමේ සාදයකට පොලිසිය කඩා වැදි ඇතිවු ගැටුමකින් පසු සාදයට පැමිණ සිටි සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන (29) ගොඩනැගිල්ලේ පළමු මහලින් බිමට වැටී මිය ගියේ ය. ඔහු පළමු මහලින් බිමට වැටුණේ සැකකරු විසින් තල්ලූ කළ බවට සැකපිට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන සිදුකරන ලද්දේ ඇඹිලිපිටිය පොලිසිය විසිනි. එහෙත් සිද්ධියෙන් කෙටි කලකට පසු එහි විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණි. පසුගිය නඩුවාරයේදී අතිරේක මහේසත‍්‍රාත්වරයා නියෝග කළේ රහස් පොලිස් විමර්ශන මෙම නඩු දිනය වනවිට අවසන් කර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මරණකරුගේ පාර්ශවය හෙවත් අගතියට පත් අය පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නිතීඥ විජිත ජී පුංචිහේවා මහතා විමර්ශන වලින් අනාවරණය වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අවශ්‍ය නැති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇතිබව කීවේ ය.  

සැකකරු ලබන 25 වැනි දා දක්වා රිමාන් භාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා එදිනට නඩුව අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලෙස ද නියම කළේය.

 



අදහස් (0)

ඇඹිලිපිටි පරික්ෂණ වාර්තාව නීතිපතිට

සත්‍යයා Wednesday, 18 May 2016 09:06 PM

තල්ලු කරන මාරයෝ දැන් පොලිසි වල නැහැ. ඒ වුණාට වින්දිතයාට තිබුනේ විකල්ප දෙකක් පමණක් නම්? එනම් පැනලා මැරෙනවාද, නැත්නම් පොලිසියෙන් ගුටිකාලා මැරෙනවාද යන්නත්... මේ සිද්ධියේ සැඟවුණ යථාර්ථයක් තිබෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site