ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තිදෙනකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා පොලිස් කොමිසම අද (21) තීරණය කළේය.
කොමිසමේ සාමාජිකයන් පවත්වන සතිපතා රැස්වීමේ දී මේ තීරණයට එළඹි බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ද එම රැස්වීමට සහභාගී වී ඇත.
ඒ අනුව හෙට (22) එම කමිටුව සඳහා නිලධාරීන් නම් කිරීමට නියමිතය.
එම ස්වාධීන විමර්ශන කණ්ඩායමේ තීරණය අනුව ඉදිරි පියවන ගන්නා බව කුරේ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කොච්චර කල් යයිද දන්නෙ නැහැ (නි)
මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙම වැරැදි තියෙනවා. විධිමත් පරීක්ෂණයක් කරන්න කවුද හරි වැරැදි කියලා රටට කියන්න.(හේ)
තවත් කල්නොයවා අපරාධකරුවන් අත්අඩංගුවට ගනිමුු (නි)
තව කොමිසන් කීයක් විතර පත්කරන්න වෙයිද.................(ම)
විමර්ශන කර කර ඉන්නකොට සැළකියයුතු කාලයක් ගතවෙලා තියෙයි (නි)
නිල ඇඳුම ඇඳ කළ වැරදි වලට දඬුවම ස්ථානමාරු පමණද? (නි)
නිල ඇඳුම අඳගෙන මිනි මැරැචාම සහන මාරැ චිතරද(අ)