සාදයකට ගොස් රාත්‍රී ආපසු එමින් සිටි ඇඹිලිපිටිය පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත ඇතුළු පිරිසකට පහර දුන්නේයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පස් දෙනකු රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නිල්මිණී විතාරණ මහත්මිය නියෝග කළාය.
එම සැකකරුවන් සහ පොලිස් අධිකාරී ඇතුළු පිරිස බහින් බස් වී ඇති බවත්, පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස පහර දෙන්නට සූදානම් වෙද්දී ඊට පෙර තරුණයන් පහර දුන් බවත් අධිකරණයේ දී කියැවිණි.
පෞධ්ගලික වාහනයකින් පැමිණි බව කියන පොලිසියේ පිරිස සිවිල් ඇදුමෙන් සිටි බව ද, එනිසා ඔවුන් පොලිසියේ බව හදුනා නොගත් බව ද, එම පිරිස ඇඹිලිපිටිය පොලිස් අධිකාරී, මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසක් බව දැනගත් වහාම පොලිස් මූලස්ථානට බාර වූ බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ඇඹිලිපිටිය එතරම්ම හොඳ ටවුමක් නොවෙයි වගේ නේද? (බ)
මිනිස්සු නිකම්ම පොලිසියට ගහන්නේ නැහැ. ඒ.එස්.පී. මහත්තය සහ පිරිස ඉල්ලන් කන්න ඇති! අද පොලිසියේ තත්වේ අපේ පොලිස්පතිගේ කෙරුවාවෙන් මනින්න පුළුවනි! (බ)