ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට සිව් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇඹිලිපිටිය මහාධිකරණය අද (2) ඇප නියම කළේය.
රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත සැකකරු මුදාහරින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු කුමාරි එම්.අබේරත්න මහත්මිය ඔහුගේ විදෙස් ගමන් තහනම් කළාය.
පොලිස් අධිකාරිවරයා සිකුරාදා (3) අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය නියෝග කළාය.
මේ අතර පොලිස් අධිකාරීවරයාට ඇප ලැබීමේ තීන්දුවෙන් පැයකට පමණ පසු ඇඹිලිපිටිය පොලිසිය ආසන්නයේ රතිඤ්ඤා දල්වන හඬ ඇසුණු බව කියති.
මහාධිකරණයෙන් ඇප නියම වූ පසු එම නියෝගය ක‍්‍රියාත්මක කිරිමට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න සිකුරාදා (03) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුවිට බන්‍ධනාගාර අධිකාරීවරයාට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා අද නියෝග කළේ ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කලාද නැද් ? හෙට ඉඳල රාජකාරිත් කරයිද ? (ර)
හිමාල් ඔබ හරි. වරදකරු බව ඔප්පු කරන තුරු,කෙනෙක් නිවැරදිකරු බවට උපකල්පනය කළයුතු බවට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම නියමයක් තියෙනවා. ඒ වගේම ඇප ලබා දීමේදී අධිකරණයට අභිමතය පාවිච්චි කරන්නත් ඉඩ දීල තියෙනවා. මහත්වරුනි, අපි කැමති වුනත් අකමැති වුනත්, යුක්තිය ඉටුවීම කියන්නේ අපේ හිතේ තියෙන (කෙනෙකු වරදකරු කිරීමේ) ආශාවම ඉටු වීම නොව නීතියට අනුව කෙරෙන දෙයයි. (බ)
එයා නම් පාස්පෝට් එක ලැබුනත් දැන් රට එකක් නැහැ . එහෙම යන්න හේතුවකුත් නැහැනේ . සමහරවිට රාජකාරිත් කරයි . දැන් ඉතින් පාස්පෝට් එහෙම හදාගෙන මැරුණු කෙනාගේ පවුලේ කට්ටියයි අනිත් යාළුවො ටිකයි රට ගියොත් නම් ගොඩක් හොඳයි (බ)
නිතිය කොහොම වෙතත් මොහු තරුණයාව තල්ලු කරලා මැරුවා කියන එක අවු. දෙකක පොඩි ළමය පවා දන්නවා. එහෙම කෙනෙකුට ඇප ලැබුණා කියල රතිඤ්ඤා දාන පොලිසියක් නම් ඉන්නේ මේ වගේ පොලිසියක් මහජන මුදලින් නඩත්තු කරන එක ලොකු ගැටළුවක්. (ම)
අධිකරණයකින් වරදකරු නොවේ නම් කොහොමද පොඩි ළමයාත් දන්නේ හරිද වැරදිද කියලා. (ම)
මේ මහතා හොඳ මහත්තයෙක්. (ර)
හොඳ නිලදාරියෙක් , කුමක් උනාද කියන්න බැහැ. (ර)
හිමාල් අපි පොඩ්ඩක් හදවතට අවංක වෙලා බලමු මෙය තල්ලු කලා කියල පිළිගන්නවද නැද්ද කියල. (ර)
අයියෝ මෙයාලට තේරෙන් නැහැ ඒ මනුස්සය තනියම ගහගෙන උඩ තට්ටුවෙන් ජොලියට පැනල. (බ)