ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට සිව් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇඹිලිපිටිය මහාධිකරණය අද (2) ඇප නියම කළේය.
රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත සැකකරු මුදාහරින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු කුමාරි එම්.අබේරත්න මහත්මිය ඔහුගේ විදෙස් ගමන් තහනම් කළාය.
පොලිස් අධිකාරිවරයා සිකුරාදා (3) අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය නියෝග කළාය.
මේ අතර පොලිස් අධිකාරීවරයාට ඇප ලැබීමේ තීන්දුවෙන් පැයකට පමණ පසු ඇඹිලිපිටිය පොලිසිය ආසන්නයේ රතිඤ්ඤා දල්වන හඬ ඇසුණු බව කියති.
මහාධිකරණයෙන් ඇප නියම වූ පසු එම නියෝගය ක‍්‍රියාත්මක කිරිමට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න සිකුරාදා (03) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුවිට බන්‍ධනාගාර අධිකාරීවරයාට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා අද නියෝග කළේ ය.




COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.