ඇඹිලිපිටි පොලිසිය හා නගරයේ සාදයක දී ඇති වු ගැටුමක දී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ (29) මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී.ධර්මරත්නට ඇප නියම කරනවාද නැද්ද යන්න තීන්දුව ජුනි 02 වැනි දා ප්‍රකාශ කරන බව ඇඹිලිපිටි මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඇප ඉල්ලමින් විත්තිය ඉදිරිපත් කර තිබූ පෙත්සම අද (25) යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් යමකුගේ පුද්ගලික නිදහස සීමා කළ හැක්කේ නිසි අධිකරණයක් දුන් නිසි නියෝගයකට අනුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) වගන්තියේ සඳහන් වී ඇතැයි ද ඒ අනුව මෙය නිසි අධිකරණය වුවත් තම සේවාදායකයා රිමාන්ඩ්භාරයට පත්කොට ඇත්තේ නිසි නියෝගයකින්ද යන්න හෙළිකළ යුතු බව පැවසීය.
පැමිණිල්ලේ සාක්කි අනුව මරණකරු අඩි දොළහ හමාරකට ඉහළින් බිම වැටුණා නම් අනිවාර්යයෙන්ම තැලීම් තුවාල සිදුවිය යුතු බවද මුල් වෛද්‍ය වාර්තාවේ එම කරුණු නොමැති හෙයින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වූයේ යැයි ද කී නීතිඥවරයා ඒ හේතුවෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ල විරුද්ධ වූ බවද කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි දෙනවා කිව්ව යහ පාලනේ. (බ)
නීතිය පොඩි ලොකු සැමට සාධාරන වියයුතුයි (නි)
උත්සව වලට මත්පැන් නොගන්නවා නම් වඩාත්ම හොඳයි. නොගෙනම බැරි නම් ටිකක් වැඩිපුර ගෙනෙන්න. පොලිසිය ඉල්ලුවොත් ඒ අයටත් දෙන්න සුදානම්ව (නි)
දැන් සම්පුර්ණ පොලීසියක් හිර ගෙදර ඇතුළේ දාන්න පුළුවන්. ඩී අයි ජී ලා, ඒ එස් පී ලා ඉන්ස්පෙක්ටර්ලා, කොස්තාපල්වරු ඔක්කොම ඉන්නවා. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මොවුන් මේ අපරාධය කළා නම් සොබාදහමින් දඬුවම් ලැබේවි. මෙය යහපාලනය සමඟ සම්බන්ධ කරන්න එපා. (නි)
කරන කලට පව් මීරිය විරිසේ විඳින කලට දුක් ගෙනදෙයි දැඩිසේ (බ)
සාමය රකින්න ඉන්න පොලිසිය මේ වගේ වැරදි කළා නම් කිසිම සමාවක් දිය යුතු නැහැ, තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න ඕන. (බ)
කාලය ඉවර වුනාම අපේ සිරිසේන මැතිතුමා යන්නේ කුමන රටටද කියන එකයි මම මේ කල්පනා කරන්නේ? (බ)
ඇප නොදී බැහැනේ යහපාලනේ කියනවනේ ඒ මනුස්සය ඕනේ කමින් සිය දිවිනසා ගත්ත කියල. (බ)
උදව් කරන විලාසෙන් ඇවිත් නඩුව අවුල් කළ කෙනාට නම් වැහි නැති හෙන පාත්වෙන්න ඕනා!!! (බ)
නීතියෙන් ඔබ නිවැරදි වුනත් ඔබ විසින් යම් වරදක් කළා නම් ඔබගේ හෘද ශාක්කියට සහ ස්වභාව ධර්මයට බොරු කළ නොහැකිය . ඔබ පසු පස පාපයම ලුහු බඳී.චක්කංව වහතෝ පදං (බ)
(ප්‍රජාතන්ත්‍රවාදය / නීතිය/යුක්තිය) සහ (අයුක්තිය/අසාධාරණය/අවනීතිය ) අතර සටන. ඔබ කියන්නේ කවුරු දිනයිද?. මම නම් හිතන්නේ දෙවන ටීම් එක දිනයි. මොනවද ඔට්ටු. (බ)