ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට අද (30) රැගෙන එනු ලැබීය.
ඔහුට ඇප ලබාදිමට මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතා ලබන අප්‍රේල් 8 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
ඔහුගේ ඇප පෙත්සම ඇඹිලිපිටි මහාධිකරණය මැයි 10 වැනි දා තෙක් කල් තැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මනුස්සයෙකුට දෙන වදයක්.(බ)
හරි වැරැද්ද හොයලා උපරිම දඩුවමක් දෙන්න ඕනේ අනිත් අයටත් පාඩමක් දෑනගන්න (හේ)
තමන්ගේ නිල බලය යොදාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට හිරිහැර කරන හැමෝටම හොද පාඩම් (බ)
ලංකාවේ පොලිසිය කොටහළු මගුල් හොයා හොයා කරන්නේ අරක්කු වලට තියෙන කෑදර කමේද? පොලිසියට බලය තිබුනට පොලිසියත් දන ගන්න ඕන තරුණ ලේ ඉක්මනින් රත් වෙන බව. ඒ වගේම තරුණයෝ අසාධාරනයෙදී ජීවිත පරිත්‍යාගයෙන් ඊට විරුද්ධව නැගී සිටින බව. (බ)
පිටිගල මහත්මයා,මේක පොලිසියට විතරක් සීමාකොට අදහස් දැක්වීම ලොකු වරදක්. මොකද එහෙම කරන්න ලංකාවේ අනෙක් සෑම අංශයක්ම හා මිනිසුන්ගේ ජීවිත ප්‍රීතිමත් ඒවා නෙමෙයිනේ. පාලක පන්තිය මූලික හේතුකොටගෙන සමාජය වනචාරී වෙනකොට පොලිසිය කියලා හොඳින් තියෙන්නේ නෑ. අනිත් එක හැම තරුණයාගේම තරුණියගේම අසාධාරණයේදී ඇඟේ ලේ රත් වෙන්නේ නෑ. මොකද නිල් බලකායවල්වල හා යොවුන් පෙරමුණු කියන ඒවායේත් ඉන්නේ තරුණයෝමයි (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)