රුපියල් ලක්ෂ පනහක් වටිනා රන් බිස්කට් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ ඔවුහු සිිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ග්‍රීන් චැනල් ඔස්සේ ගුවන්තොටුලන් පිටවීමට යද්දී අත් අඩංගුවට ගත් බවයි.
එක් අයෙකු රන් බිස්කටි 6 ක් සහ අනෙකා රන් බිස්කට් 4 ක් බැගින් රන්බිස්කට් 10 යක් ගුද මාර්ගවල සගවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි. එහි බර කිලෝග්‍රෑම් එකකි.
මොවහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 309 දරණ ගුවන්යානයෙන් පෙරේදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇති අතර ඉතා අපහසුතාවයෙන් ඇවිදගෙන යමින් ග්‍රීන් චැනල් ඔස්සේ පැමිණෙන අයුරු පිළිබද ඇති වු සැකයක් මත රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ශරීරයට ගරු කරන්න නොදන්නා එවුන් (බ)
පශ්චාත් බාගය මුදල් වෙනුවෙන් පාවිච්චි කිරීම ඉතා අශෝබනය (බ)
එහෙම කියන්න එපා..නිකන් තියෙන එකෙන් ආදායමක් ගත්තම හොඳයිනේ. (බ)