
ඇමෙරිකාවේ, මිනිසෝටා ජනපදයේ, මිනියැපොලිස් නගරයේ, වෙඩි තැබීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, මේ වනවිට විරෝධතා ආරම්භ වී ඇත. වෙඩි තැබීමෙන් මියගියේ රෙනේ නිකොල් මැක්ලින් ගුඩ් නමැති 37 හැවිරිදි තෙදරු මවකි.
රෙනේට වෙඩි තබා ඇත්තේ ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ‘අයිස්’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන නීති නිලධාරින්ය. ඇමෙරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් වැටලීම් කරන්නේ මෙම නිලධාරීන්ය.
‘අයිස්’ නිලධාරීන් පසුගිය දා රෙනේගේ මෝටර් රථය නවත්වා එය සෝදිසි කිරීමට උත්සාහ ගනිද්දී ඇය බිය වී රිය නොනවත්වා ධාවනය කර ඇත. ‘අයිස්’ නිලධාරීන් එම අවස්ථාවේදී මෝටර් රියට වෙඩි තැබූ බව පැවැසෙයි. රෙනේ මිනියැපොලිස් නගරයේ පදිංචිකාරියකි.
රොනේගේ මරණය සම්බන්ධයෙන් මිනියැපොලිස් නගර වැසියෝ ‘අයිස්’ නිලධාරීන්ටත්, ජනපද බලධාරීන්ටත් විරෝධය පළ කරමින් වීදි බැස සිටියහ. සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම, එෆ්.බී.අයි. කාර්යාංශයට පැවැරූ බව ජනපද බලධාරීහු පවසති.
COMMENTS
එෆ් බී අයි එකට පැවරුවා කියන්නේ ට්‍රම්ප් පාලනය මේක යටගහනවා. තාජුදීන්, ලසන්ත සහ අනෙකුත් සිද්ධි වගේ.
කජ්ජෝ, බලය තියෙන උන්, බලය අවභාවිතා කිරීම තමයි ලෝක න්‍යාය.