
(මනෝප්රිය ගුණසේකර)
ඇමෙරිකා තැපැල් සේවයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් තෙවන පාර්ශවයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන හෙයින් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට සර්ට් ආයතනයට අවසර දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අවසර දෙමින් මහේස්ත්රාත්වරයා එලෙස නියම කළේය.
ඇමරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් තෙවන පාර්ශවයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළ ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ලකට අනුව තමන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd