
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
"ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට මුහුණ දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන" මූල්‍යනය කිරීම සඳහා ප්‍රදානයක් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපද රජය 2022-08-31 දින සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ අනුව ඇමෙරිකා ඩොලර් මිලියන 9.069 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.
2023 වසරේදී එම ප්‍රදානයෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 28.299 ක් දක්වා අවස්ථා දෙකකදී සංශෝධනය කර තිබේ. ප්‍රදානයෙහි අගය එම ඇමෙරිකා ඩොලර් මිලියන 52.835 ක් දක්වා තවදුරටත් ඉහළ නැංවීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් යෝජනා කර තිබේ.
COMMENTS
කොච්චර දුන්නත් වැඩක් නෑ අපේ උන් පිල්ලි ගහනවා, 2004 සුනාමියට ඇමරිකාවෙන් දීපු ඩොලර් මිලියන ගානේ (දැන් උද්දමනය එක්ක බැලුවම ඩොලර් බිලියන ගානක්) සල්ලි වලට මොකද වුනේ?
දැන් නම් ඉතින් රනිල්ම තමයි
ණය සහ ආධාර ගන්නා හැම වෙලාවකම රට කොතැනක හෝ හිර වෙනවා. ජාත්යක් හැටියට හිස ඔසවන්න නම් ස්වයංපෝෂිත විය යුතුයි .
ඇමරිකාව ගහන පදයට නටන රූකඩ සීයා ඩොලර් මිලියන කිහිපයක් ගන්න ඩොලර් බිලියන ගණන් වටිනා රටේ දේපොළ හා සම්පත් විජාතික කරණයට ලක් කරනවා.