තමන්ට ඇමෙරිකා පුරවැසිකම ඇති නිසා ඇමෙරිකාවට ගොස් ජීවත් වීමේ හැකියාව තිබුණද ඇමෙරිකාවට ගියොත් ඉන්නට සිදු වන්නේ විදුලි පුටුවේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරණ රූපවාහිනීයේ 360 වැඩසටහනට සහභාගී වෙමින් කීවේය.
වැඩසටහන මෙහෙයවු සංඛ අමරසිංහගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමන් ශ්‍රී ලංකාවේද පුරවැසියකු බවත් කොටි ත්‍රස්තවාදය විනාශ කර යුද්ධය අවසන් කිරීම නිසා ඇමෙරිකාවට හෝ වෙනත් රටකට තමන් පැමිණෙන තෙක් විදේශ රටවල සිටින ත්‍රස්තවාදීන් බලා සිටින බවත් කීය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වු ‘වෙලේ සුදා‘ ඇල්ලුවේ තමාගේ කාලයේ බවත් ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ඔහු පකිස්ථානයේදී ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව තමන්ට දැනුම් දුන් බව කී ආරක්ෂක ලේකම් වරයා ඒ පිළිබඳ හුවමාරුවු ලියකියවිලි ආරක්ෂක අංශ භාරයේ ඇති බවත් කීය.
ජනාධිපතිවරණ අත්ඩංගුවට පත්ව සිටි වෙලේ සුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වු බවත් ඔහු අල්ලා ගැනීමට පකිස්තානය ,ඩුබායි යන රටවල් හා එක්වතමන් බරපතල ක්‍රියාදාමයක් දියත් කළ බව රාජපක්ෂ මහතා කීය.
2005දි තමන් ආරක්ෂක ලේකම් ධුරයට පත් වු දිනයේ සිට ඉන් නික්ම යන තෙක්ම වාර්ෂිකව තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන නිවැරදිව ජනාධිපති ලේකම්වරයාට භාරදී ඇති බවත් ඒවා සසඳා බලන ලෙස චෝදනා කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත් හේ පැවසීය.
අයථා ලෙස උපයාගත් මුදලක් හෝ දේපළක් ලංකාවේ හෝ විදේශ රටක ඇත්නම් ඒවා පහසුවෙන් සොයාගත හැකි බවත් රාජපක්ෂ මහතා වර්තමානය වන විට තමන් ඇති කළ ව්‍යාපෘති වල අද තත්ත්වය දකින විට තමන්ට කණගාටුවක් ඇති වන බව කීවේය.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාව ගැන සඳහන් කළ ගෝඨාභය රජපක්ෂ මහතා එය ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක් බවත් රට සල්ලි උපයා ලබා ගත හැකි මට්ටමට වර්ධනය කළ බවත් මෙම පාවෙන අවි ගබඩාව ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවා තමන් සමඟ ධනාත්මක ලෙස සාකච්ඡා කළ බවත් කීය.
එය සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට මුහුණදීම සඳහා ඇති කළ බවද වාණිජ්‍ය නැව් වලට ආරක්ෂාව සපයන පෞද්ගලික සී මාර්ෂල්වරුන් ගාලු වරායේදී ගොඩ බැස ඔවුන් අවි ආයුධ නැවට භාර දීමෙන් ලංකාවටම රට සල්ලි ලැබෙන බවත් පාවෙන අවි ගබඩාව ලෙස අවි ගබඩාව හැදින්වීමෙන් වැරැදි තේරුමක් ලැබෙන බවත් ඔහු කීවේය.
මේ සඳහා නාවික හමුදාව යොදා නොගත්තේ ඇයි දැයි ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා වෙළෙද නැව් වලට ආරක්ෂාව සැපැයීම සඳහා නාවික හමුදාව යොදා ගැනීම ලෝකයේ කිසිම රටක සිදු නොකරන බවත් එවැනි ආරක්ෂාවක් ලබා දුන් විට එය වෙළෙද නෞකාවක් නොව යුද නෞකාවක් බවට පත්වෙන බවත් සඳහන් කළේය.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ රූපවාහිනිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් කෙළින් කතාකරන කෙනෙක් (නි)
සත්‍ය කවදා හෝ ජයගනු ඇත. (නි)
නියම සිංහලයෙක් (නි)
ඔබට අපි සදා ණයගැතියි. රට බේරාදීමට රණවිරුවන් නියමාකාරයෙන් මෙහෙයවීමට කටයුතු කිරීම හා එම අරමුණ වෙනුවෙන්ම ඔබගේ සම්පුර්ණ කාලය යෙදවීම හා කිසිදු බලවේගයකට හිස නොනැමීම පිළිබඳව. (නි)
විදුලි පුටුවට යන්නේ වැරදි කළ උදවිය, මම දන්න විදියට (නි)
ඔබ අපිට වීරයෙක්. (නි)
මෙතුමා නැතිකරන්න විදේශවල විතරක් නෙමෙයි රටේ අයත් ඉන්නවා. ඔහු ආරක්ෂා කිරීම අපේ රටේ යුතුකමක්. (නි)
අනෙක් දේවල් පැත්තක තියලා,ලංකාව අරක්ෂාකර දෙන්න. ලංකාව අවුරුදු තුන හතරකින් මෙතනට ගෙනාවේ ඔබගේ තීරණ නිසා. පිටරටක සිට බලනවිට හොඳ නරක පැහැදිලිව බලන්න පහසුයි (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
රොහාන්, ලෝක පලවතුන්ට පිටුපා කල මානුෂික මෙහෙයුමද වරදක්ද (ම)
ඔබගේ සේවය අපි ඉතාම අගය කරනවා මහත්මයාණෙනි (ම)
ඇයි කොළඹ කුණු නැතිව ලස්සනට තියාගන්නට කරපු ව්‍යපෘතිය කොතරම් වටිනවද ? (ම)
ඇමරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මකද? ඔවුන් එය ක්‍රියාත්මක කරන්නේ විදුලි පුටුව හරහාද? දන්න කෙනෙක් කියනවාද? (ම)
සන්නස්ගලට කියන්නකෝ මෙතුමාවත් අර එයාගේ "සත්‍යාගාරයට" ගෙන්නන්න කියලා... ඔබට අපගේ උත්තමාචාරය උතුමාණනි !!! (ම)
සත්‍ය කවදා හෝ ජයගනු ඇත ඔබ අපිට වීරයෙක්. ඔබට තෙරුවන් සරණයි! (ම)
ඔබගේ රාජකාරිය 200% කින් නිවැරදිව සිදුකර බව අපි දන්නවා .. ඔබට තෙරුවන් සරණි!!!!!!!!!!!!!!! (ම)
ඔබ අපිට වීරයෙක්, කවද හරි සත්‍ය ජය ගන්නවා. (ර)
ගෝඨාභය මහත්මයෝ අපි ඔබතුමා සමගයි. ඔබතුමාට දීර්ඝායු පතන්නෙමු. ඔබතුමාට තෙරුවන් සරණයි.! (ර)
ත්‍රස්තවාදී යුද්ධය ජාවාරමක් කරගෙන රට විනාශ කල පාලකයෝ මේ රටේ හිටියා. ඒ ද්‍රෝහීන් නොයෙකුත් බලවේග වලට යට වී රට විනාශ කළා. පාර තොටේ නිදහසේ යන්න බැරි තත්වයක් තිබුනේ. එවන් කාලයකදී මහින්ද මහත්මා රටේ සැබෑ ජනාධිපති ලෙස පත්වුන අතර ඔබ නියම එඩිතර රටට ආදරය කරන සැබෑ ආරක්ෂක ලේකම් දුරයට පත්වුණේ රටේ වාසනාවට බව අප හොඳින් දන්නවා. එවන් ශ්‍රේෂ්ඨ උත්තමයන් වන ඔබලාට අපේ ආශිර්වාදය හැමවිටම ලැබෙනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි.! (ර)
ඇමෙරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නෑ. (ර)
බොහෝ දෙනෙක් වීරයෙක් කියනවා. අපේ අහවල් ඇමතිතුමාගෙන් ඇහුවොත් විස්තර දැනගත හැකිය (නි)
බණ්ඩා මහතා, ඇමෙරිකාව ඒක කරන්නේ පිට රට. (ර)
මෙයා හිටියා නම් ජනරාල්ගේ විශ්‍රාම වැටුප තාමත් නෑ (ම)
විදුලි බලය ලංකාවෙන් (ම)
ඔබ අතිවිශිෂ්ටයි සර්! (නි)
මොනවා වුණත් ඔහු කියන දේ ඇත්ත (නි)
ඇමරිකාවේ විදුලි පුටුව ක්‍රියාත්මක කරනවා. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවේ විවිධ ප්‍රාන්ත වල. සමහර ප්‍රාන්තවල විෂ එන්නත් කර මරා දමනවා. ඇත්තවශයෙන්ම ඇමරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. (ර)
ජාතික වීරයෙක්.(හේ)